leader s

ශ්‍රී ලංකා කණ්ඩායම වසර 12කට පසු නවසීලන්තයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේ ය.

ඒ, දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ඊයේ (17) කඩුලු 3කින් ජය ගනිමින් ය.

මේ සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගනිමින්, තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

පන්දුවාර 47කට සීමා වූ මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 210ක ඉලක්කය කඩුලු 7ක් දැවී තිබියදී තරගයේ 46වැනි පන්දුවාරයේදී පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව වසර 12කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකාව අවසන්වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ 2012 වසරේදී මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේය.

ඉන් අනතුරුව දෙරට අතර එක්දින තරගාවලි 5ක් පැවැත්වී ඇති අතර, එන් එක් තරගාවලියක් ජයපරාජයෙන් තොරව අවසන්වීම හැරෙන්න සෙසු සියලුම තරගාවලි ජයගෙන සිටියේ නවසීලන්තයයි.

මෙන්ඩිස් - තීක්‍ෂණ තරගාවලියේ ජය ගෙනෙති

km87
උපාය දන්නෝත් අපායේ වැටෙන අවස්ථා ඇතත් එසේ වැටෙන්නට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස් (නොදැවී 74) සහ මහීෂ් තීක්‍ෂණ (නොදැවී 27) විසින් එක්ව ගොඩගන්නා ලදහ. 

මෙම පිතිකරුවන් දෙදෙනාගේ අප්‍රතිහත ධෛර්යය නිසාම පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ඊයේ (17 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 3 ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගත්හ. 

ලකුණු 210 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 6 ක් ඉතිරිව තිබියදී සිය අරමුණ සාක්ෂාත් කරගත්තේය.

 

kk 890

මේ වසරේදී වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් ලබාගත් අන්තර්ජාතික පිතිකරුවා වන කුසල් මෙන්ඩිස්, සිය නමට ඉදිරියෙන් තිබෙන එක්දින ලකුණු සංඛ්‍යාව 742 දක්වා ඉදිරියට තල්ලු කළේ අගනා ලකුණු 74 ක් ලබාගනිමිනි. කුසල් මෙන්ඩිස් සමගින් එක්ව, අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක අඛණ්ඩ සම්බන්ධ සම්බන්ධතාවක් ගොඩනැංවූ මහීෂ් තීක්‍ෂණ ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී ලබාගත් පස්වැනි එක්දින තරගමාලා ජයග්‍රහණය මෙයයි. 

ශ්‍රී ලංකා පිලේ ඉලක්කය පහසු වූවත්, මුල්ම ඕවරය යැවූ මිචෙල් සෑන්ට්නර්ගෙන් ලැබුණේ තර්ජනාත්මක ආරම්භයකි. නායක චරිත් අසලංක (13) සහ කමිඳු  මෙන්ඩිස් (0) දෙදෙනාත් ඇතුළුව, ලකුණු 65 කට කඩුලු 4 ක් බිම දමාගත් නවසීලන්ත පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත පීඩනය වැඩි කළහ.

සධීර සමරවික්‍රම සහ ජනිත් ලියනගේ සමගින් එක්ව 5 වැනි සහ 6 වැනි කඩුලු වෙනුවෙන් ලකුණු 28 ක  සහ 39 ක සම්බන්ධතා ගෙඩනැංවූ කුසල් මෙන්ඩිස් ඒ අතරවාරයේ තම අර්ධ ශතකයත් සම්පූර්ණ කරගත්තේය. ඉකිලියේ ආබාධයක් නිසා ඉතාමත් අසීරුවෙන් කඩුලු අතර දිවගිය කුසල් මෙන්ඩිස් අනෙක් අන්තයේ සිටින පිතිකරුවන් මනා ලෙස හසුරුවාගනිමින් ශ්‍රී ලංකා පිතිහරඹයේ නැංගුරම වී සිටියේය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම, අසිත ප්‍රනාන්දු (37/2), මහීෂ් තීක්‍ෂණ (31/3) සහ ජෙෆ්රි වැන්ඩසේ (46/3) තිදෙනා හමුවේ ලකුණු 209 කට දැවී ගියේය. 

පස්වැනි කඩුල්ල ලකුණු 173 දී බිඳ වැටීමෙන් පසුව නවසීලන්තයේ අවසන් කඩුලු 6 ම ලකුණු 36 කට ඇද වැටිණ. 

 

2nd odi
නවසීලන්තයට මෙම ලකුණු සංඛ්‍යාව හෝ ලැබුණේ චැප්මන් සහ මිචෙල් හේ දෙදෙනා ගොඩනැංවූ ලකුණු 75 ක සම්බන්ධතාව හේතුවෙනි. කඩුලු 4 ක් ලකුණු 93 කට බිඳ වැටී තිබුණු මොහොතක එක්වූ මෙම පිතිකරුවෝ දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කින් ලකුණු 75 ක් එකතු කළහ. 

ඕවර 8 ක් පුරා කල්යල් බලමින් සිටි මාක් චැප්මන් (76) සහ මිචෙල් හේ (නොදැවී 40) 31 වැනි ඕවරයේදී ප්‍රහාරය ආරම්භ කළ නමුත් එය පවත්වාගෙන යා හැකි වූයේ ඕවර 6 ක් පමණි. ‘ඩීප් මිඩ් විකට්’හි සිටි අවිශ්ක ප්‍රනාන්දු අති විශිෂ්ට ආකාරයෙන් රැකගත් උඩපන්දු දෙකක් නිසා මාක් චැප්මන් සහ මයිකල් බ්‍රේස්වෙල් දැවී ගියහ. 

වමත් පිතිකරු මාක් චැප්මන්ගේ පන්දු 81 ඉනිම හතරේ පහර 7 කින් සහ දැවැන්ත හයේ පහර 3 කින් සමන්විත විය. සිය මංගල එක්දින තරගාවලියට සහභාගි වෙමින් සිටින 24 හැවිරිදි කඩුලු රකින්නා වන මිචෙල් හේ මංගල එක්දින අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ අවසන් පිතිකරුවා ලෙසිනි. මිචෙල් හේ ගේ පන්දු 62 ඉනිම හතරේ පහර 4 කින් අලංකෘත වී තිබිණ.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ අමාරුවේ වැටී සිටි සංචාරකයන් 30 වැනි ඕවරය නිමාවේදීත් ලබා සිටියේ ලකුණු 111 කි. ඒ වන විටත් ලකුණු වේගය ඕවරයකදී 3.70 ක් විය. එහෙත් 31 වැනි ඕවරයේ සිට චැප්මන් සහ කඩුලු රකින්නාගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 13, 9, 7, 8, 15 සහ 10 ක් ලෙසිනි. එම ඕවර 6 න් නවසීලන්ත පිලට ලකුණු 62 ක් එකතු විය.

 

අවිශ්ක ප්‍රනාන්දු රැකගත් උඩපන්දු තුනත් පැතුම් නිස්සංක ලෝන්ග් ඕන් හි  සිට රැකගත් මිචෙල් සෑන්ට්නර්ගේ උඩපන්දුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට කලකට අමතක නොවන ඒවා විය. 

තරගයට දෙවැනි වතාවටත් වර්ෂාවෙන් බාධාවන විට නවසීලන්ත කණ්ඩායම ඕවර 18 ක දී කඩුලු 3 කට ලකුණු 71 ක් ලබා සිටියේය. ඒ වන විටත් දුනිත් වෙල්ලගේ, මහීෂ් තීක්‍ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුල්ලක් බැගින් දවාගනිමින් තරගයේ පාලනය සියතට ගෙන සිටියහ. කෙසේ වෙතත් පස්වරු 5.15 ට තරගය ආරම්භ කරන ලද්දේ එක පිලකට ඕවර 47 ක් ලෙසින් එය සීමා කරමිනි. 

මෙම තරගයේදී දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවා තිබේ. වර්ෂාව අපේක්‍ෂා කළ බැවින් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවූ නායකයා කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය. 

(kelimandala -දමින්ද විජේසූරිය)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්