leader s

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මෙහෙයවන 2024 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් පිරිමි තරගාවලිය හෙට (19) වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

හෙට සිට ලබන 25 දක්වා පැවැත්වෙන මේ තරගාවලියට කණ්ඩායම් 11ක් සහභාගි වීමට නියමිතයි.

සුපර් ලීග් කාන්තා තරගාවලිය එම ක්‍රීඩාංගණයේදී ම ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ නොවැම්බර් 24 වැනිදා. 

තෙදිනක් තිස්සේ පැවැත්වෙන එම තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගි වනවා.

මේ තරගාවලියන්හි අවසාන මහා තරග දෙසැම්බර් මාසයේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ.

‘ඒ’ සහ ‘බී’ ඛාණ්ඩ යටතේ තරග වදින කණ්ඩායම්:

*පිරිමි

‘ඒ’ - ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ඔ්ෂන් ලංකා ක්‍රීඩා සමාජය, ජාතික තරුණ සේවා සභාව, විශ්ව විද්‍යාලයීය ඒකාබද්ධ කණ්ඩායම

‘බී’ - ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, මැලිබන් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, බෙස්ට් පැසිෆික් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා නාවික හමුදාව

*කාන්තා

‘ඒ’ - ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය

‘බී’ - ශ්‍රී ලංකා යුද හමුදාව, මාස් කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය, ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්