leader s

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින් 2025 චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා
පාකිස්තානය ට පැමිණීම ඉන්දියාව ප්‍රතික්ෂ කිරීම නිසා ඇතිව තිබෙන විවාදය මධ්‍යයේ කරච්චි නුවර පැවැත්වෙමින් තිබූ ජාතික ක්‍රිකට් තරගාවලියක් අතරමග නතර කිරීමට සිදුවිම පාකිස්තානයට සෘණාත්මක බලපෑමක් ඇති කර තිබෙනවා.

ජාතික කාන්තා එක්දින ක්‍රිකට් ශූරතාවලියට සහභාගි වන කණ්ඩායම් නතරව සිටි කරච්චි හෝටලයේ ගින්නක් හට ගැනීම හේතුවෙන් එම තරගාවලිය අත්හිටුවීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට (PCB) සිදුවුනා. සිද්ධියෙන් ක්‍රීඩිකාවන් පස් දෙනෙක් අනතුරක් සිදුවීමේ ආසන්නයටම  පිවිසියා.
 

 
 තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහ සඳහා PCBය හෝටලයේ සම්පූර්ණ මහලක් වෙන්කර තිබුනා.

ගින්න ඇතිවන අවස්ථාවේදී ක්‍රීඩිකාවන් පස් දෙනෙකු හැරෙන්නට අනෙක් ක්‍රිකට් ක්‍රීඩිකාවන් සියලු දෙනාම හා නිලධාරීන් තරග හෝ පුහුණු සැසියන් සඳහා ජාතික ක්‍රීඩාංගණයට ‌ගොස් සිටියා.

ක්‍රීඩිකාවන් හා නිලධාරීන්ට අයත් දේවල් කිහිපයකට ගින්නෙන් හානි සිදුව තිබෙනවා. වාසනාවකට කිසිම කෙනෙකුට තුවාල සිදුව නැත්තේ ගින්න හට ගනිද්දී කාමරවල සිටි ක්‍රීඩිකාවන් පස් දෙනාව පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් විසින් වහාම එතැනින් ඉවත් කර ගැනීම නිසා. පසුව එම ක්‍රීඩිකාවන් හනිෆ් මොහමඩ් උසස් කාර්ය සාධන මධ්‍යස්ථානය වෙත ආරක්ෂිතව ගෙන ‌ගොස් තිබෙනවා.

කණ්ඩායම් වෙනුවෙන් PCBය වෙනත් නවාතැන් විකල්ප සොයා ඇතත් අවශ්‍ය කාමර 100ක් පමණ ලබා ගැනීමට නොහැකිව තිබෙන්නේ ඒ වන විට කරච්චියේ ප්‍රධාන ප්‍රදර්ශනයක් පැවැත්වෙමින් හෝටල් සියල්ල පිරී තිබූ බැවින්.
 
sret34534

තරගාවලිය නතර කිරීමට තීරණය කිරීමේදී ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සැලකිල්ලට ගත් බව PCB ප්‍රකාශ කරනවා. තරගාවලියේ ජයග්‍රාහිකාවන් තෝරා ගැනීම පිණිස මෙතෙක් පැවති තරග හතරක් අවසානයේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක අතර අවසාන තරගය නුදුරු දිනයකදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙවැනි සිදුවීම්වලින් පාකිස්තානයේ කීර්තියට හානියක් සිදුවිය හැක්කේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන 2025 තරගාවලිය සඳහා ඉන්දියාව ඔවුන්ගේ ක්‍රිකට් කණ්ඩායම සහභාගි නොකිරීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ජගත් ක්‍රිකට් කවුන්සලය හා ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය සමග තීරණාත්මක සාකච්ඡාවන්ට එළඹ සිටින නිසා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්