leader s

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ (IBF) හෙවිවේට් කිරුළ සඳහා තමන් සමග සටනකට පැමිණෙන ලෙසට එම සම්මේලනයේ ලෝක හෙවිවේට් බොක්සිං ශූර

ඩැනිඅල් ඩීබ්වා (Daniel Dubois) කළ ආරාධනය පිළිගන්නා බව ජේක් පෝල් සමාජ මාධ්‍ය තරුව ප්‍රකාශ කරනවා. ඩීබ්වා විසින් පෝල් සම්බන්ධ කරගෙන තිබෙන්නේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා.

බොක්සිං ක්‍රීඩකයෙකු බවට පරිවර්තනය වූ යුටියුබ කෙනෙකු වන ජේක් පෝල් පසුගියදා හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූරයකු වන මයික් ටයිසන් පරාජය කළ අවස්ථාවේ පටන් ඔහුට දිගට හරහට තරග යෝජනා ලැබෙමින් තිබෙනවා.

 

බොක්සිං ක්‍රීඩකයෙකු බවට පරිවර්තනය වූ යුටියුබ කෙනෙකු වන ජේක් පෝල් පසුගියදා හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූරයකු වන මයික් ටයිසන් පරාජය කළ අවස්ථාවේ පටන් ඔහුට දිගට හරහට තරග යෝජනා ලැබෙමින් තිබෙනවා.

1987 සිට 1990 දක්වා කාලය තුළ ලොව අවිවාදිත හෙවිවේට් බොක්සිං ශූරයාව සිටි ටයිසන් සමග පෝල්ගේ තරගය බොහෝ දෙනාගේ විවේචනයට ලක්වූයේ දෙදෙනා අතර තිබූ අවුරුදු 31ක වයස් පරතරය නිසා.


කෙසේ වෙතත්, ටෙක්සාස් හි පැවති එම තරගයෙන් පෝල් ට ඩොලර් මිලියන 40ක් ද, ටයිසන් ට ඩොලර් මිලියන 20ක පමණ මුදලක් ද ගෙවා ඇතැයි පැවසෙනවා.

මේ නිසා, මේ දෙදෙනාගේ ඵලදායී සටනෙන් පසුව බොක්සිං ලෝකයේ සංකේතාත්මක ක්‍රීඩකයන් කිහිප දෙනෙක්, විශාල මුදලක් ඉපයීමේ අපේක්ෂාවෙන් හෝ පෝල්ව ඔහුට හිමි නොවැදගත් ස්ථානයේ තැබීම පිණිස හෝ ඔහු සමග තරග කිරීමට පෙළඹී සිටිනවා.

27 හැවිරිදි ජේක් පෝල් ඇමතූ ආසන්නතම බොක්සිං තරුව බවට පත්ව සිටින්නේ ඩීබ්වා. ලෝක හෙවිවෙට් කිරුළ දිනා ගැනීමේ අවස්ථාවක් ඔහු පෝල් ට ලබා දී තිබෙනවා.


ඩීබ්වා මෙසේ ලියා තිබෙනවා: “හායි ජැක්, සතිඅන්තයේ තිබුනේ හොඳ බිස්නස් එකක් නේ...නමුත් ලෝකයේ නීත්‍යානුකූල හෙවිවේට් ශූරතාවකට සටන් කිරීමක් ගැන ඔබට සිතෙන්නේ කුමක්ද. මේ ඔබ අමතන්නේ ඩැනිඅල් ඩීබ්වා. අපි වැඩේට බහිමු.”

ටිකට් බෙදා දෙන යන්ත්‍රයක පිංතූරයක් පළ කරමින් පෝල් ඊට ප්‍රතිචාර දැක්වූයේ ‘පෝලිමේ එන්න’ යනුවෙන් සටහනක් ද තබමින්. තමා සමග සටනකට ඒමට අදහස් කරමින් සිටින තරගකරුවන්ගේ පෝලිමට ඩීබ්වා ද එකතු කරන ලෙසට තමාගේ තරග ප්‍රවර්ධකට දන්වන බව පෝල් කියා තිබෙනවා.

2024 09 21T212658Z 1433604395 UP1EK9L1NKVD9 RTRMADP 3 BOXING HEAVYWEIGHT DUBOIS JOSHUA 1726954229

ඩීබ්වා සැප්තැම්බර් 21 වැනිදා වෙම්බ්ලි බොක්සිං වළල්ලේදී ඇන්ටනී ජොෂුආ ට එරෙහිව සිය IBF ලෝක හෙවිවේට් කිරුළ රැකගත්තේ ඔහුගේ ක්‍රීඩා දිවියේ තත්ත්වය විදහා පාන රංගනයකින්. එම තරගයේදී ඔහු ජොෂුආ සිවු වතාවක් බිම දමමින් පස්වැනි වටයේදී අවසාන වතාවට ඔහුව බිම හෙලුවේ 98,000ක ක්‍රීඩා ලෝලී සෙනඟක් ඉදිරියේ.


ජොෂුආ ලබන වසරේ පෙබරවාරි මාසයේදී ඩීබ්වා සමග නැවත තරගයට පැමිණෙනු ඇතැයි ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වූව ද, එතරම් ඉක්මනින් එවැනි තරගයකට ජොෂුආ සූදානම් නැති වීමට ඉඩ තිබෙන බව බ්‍රිතාන්‍ය ක්‍රීඩා ප්‍රවර්ධක එඩී හර්න් පවසා තිබෙනවා.

ඒ අනුව, ඩීබ්වා සහ ඔහුගේ ප්‍රවර්ධක ෆ්‍රෑන්ක් වොරන් විකල්ප මාර්ග සොයමින් සිටිනවා.

කෙසේ වෙතත්, අනාගතයේ යම් දිනයක ජේක් පෝල් සමග සටන් කිරීමට ඩීබ්වා කැමැත්තෙන් සිටිනවා.

artur beterbiev record world titles facts boxing betmgm

පෝල්ව ඇමතූ එකම බොක්සිං තරුව ඩීබ්වා නෙවෙයි. මෑතකදී Dmitry Bivol පරාජය කරමින් ලෝක බොක්සිං සංගමය (WBA), ලෝක බොක්සිං කවුන්සලය (WBC), ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය (IBF) හා ලෝක බොක්සිං සංවිධානයේ (WBO) අවිවාදිත ලයිට්-හෙවිවේට් ලෝක ශූරයා බවට පත්වූ රුසියා-කැනඩා වෘත්තීය බොක්සිං ක්‍රීඩක Artur Beterbiev ද තමා සමග සටනකට එන ලෙසට පෝල්ගෙන් ඉල්ලා තිබෙනවා.


හිටපු සුපර්-මිඩ්ල්වේට් ශූරයා වන Carl Froch සහ වර්තමාන සුපර්-මිඩ්ල්වේට් ශූර Canelo Alvarez ද ජේක් පෝල් සමග තරග ඉල්ලා තිබෙනවා.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්