leader s

සමාජ මාධ්‍ය තරුවක්ව සිට මුදල් ත්‍යාග වෙනුවෙන් සටන් කරන බොක්සිං ක්‍රීඩකයෙකු බවට පත්වූ ජේක් පෝල් හිටපු ලෝක හෙවිවේට්

බොක්සිං ශූර මයික් ටයිසන් පරාජය කර ඔහුට කළ නින්දාවෙන් පළිගැනීමට බොක්සිං ක්‍රීඩාවේ අතිශ්‍රේෂ්ඨ පුරාවෘත්තයක් වන මොහමඩ් අලිගේ මුනුපුරා ඉදිරිපත්ව සිටිනවා.

පෝල් සමග සටන් කිරීමට තමා කැමැත්තෙන් සිටිය ද, තමා එම තරගයට පිවිසෙන්නේ එක් කොන්දේසියක් මත පමණකැයි නිකො අලි වොල්ෂ් (Nico Ali Walsh) පවසනවා.

ටයිසන් පරාජය කළ වරදට තමා පෝල්ගෙන් පළිගන්නේ ඔහු සමග සටන් කරන ලෙසට ටයිසන් තමාගෙන් ඉල්ලා සිටියහොත් පමණක් යන්න එම කොන්දේසිය බව අලි වොල්ෂ් ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එවැනි තරගයක ප්‍රධාන හේතුව අසරණයන්ට පිහිට වීම බව මොහමඩ් අලිගේ මුනුපුරා පැහැදිලිව කියා තිබෙනවා.

xetr235
“මේ තරගය කවදා හෝ සිදුවුනොත් එයින් ලැබෙන මුළු මුදල අසරණ දුප්පත් මිනිසුන් වෙනුවෙන් යෙදවිය යුතුයි. එහෙම නැත්නම් එවැනි තරගයක් සිදුවන්නේ නැහැ” ඔහු කියනවා.


මෙවැනි තත්ත්වයක් ගොඩනැගී තිබෙන්නේ 27 හැවිරිදි පෝල් විසින් 58 හැවිරිදි ටයිසන්ව පහසුවෙන් පරාජය කිරීමෙන් පසුව හටගත් බොක්සිං ක්‍රීඩාව හා වයස් පරතරයේ වටිනාකම සම්බන්ධ විවේචන නිසා.

එම තරගයෙන් පසුව වොල්ෂ් සමාජ මාධ්‍යට පිවිසියේ පෝල් කෙරෙහි තිබෙන සිය ඉච්ඡා භංගත්වය ලෝකයට හඬ නගා කියා සිටීමට.

zzzzzzer
“ජේක් පෝල් බොක්සිං ක්‍රීඩාවට ලජ්ජාවක්” යනුවෙන් වොල්ෂ් සටහන් කළා. “මගේ සීයා තවමත් ජීවතුන් අතර සිටියා නම්, ඔහු පෝල්ව අමතාවි. පෝල්, උඹට කිසිම ලජ්ජාවක් නැහැ. ආදරෙයි, ටයිසන්.”


බොක්සිං ක්‍රීඩකයෙක් බවට පරිවර්තනය වූ යූටියුබ කෙනෙකු වන ජේක් පෝල් බොක්සිං ක්‍රීඩාවට විහිළුවක් බවට විශ්වාස කරන වොල්ෂ් මේ වසර මුල පෝල්ගේ ප්‍රවර්ධක සමාගම විසින් යෝජනා කරන ලද ඩොලර් මිලියන ගණනාවක තරගයක් ප්‍රතික්ෂේප කළා.

“මම තෝරාගෙන තිබෙන්නේ බොක්සිං ක්‍රීඩාවේ මාර්ගය හා උරුමයේ මාවතයි” වොල්ෂ් X වේදිකාවේ සටහන් කළා. “මට මේ දැන් මිලියනපතියකු වෙන්න පුළුවන්. මේ තරගයට පෙර පෝල්ගේ MVP ආයතනයෙන් ලැබුනු ඔහු සමග තරග කිරීමේ ඩොලර් මිලියන ගණනක කොන්ත්‍රාත්තුවක් මම ප්‍රතික්ෂේප කළා. මම ඒ සැණකෙළි බොක්සිං ලීගයේ කොටස්කාරයෙක් නෙවෙයි.”

මිඩ්ල්වේට් බොක්සිං ක්‍රීඩකයෙකු වන 24 හැවිරිදි නිකො අලි වොල්ෂ් ඔහුගේ වෘත්තීය බොක්සිං ක්‍රීඩා දිවිය ආරම්භ කළේ 2021 වසරේ. එතැන් සිට, ඔහු ප්‍රතිවාදියා බිම හෙළීම් පහක් සමග තරග 12කින් තරග 11ක් ජය ගැනීමට සමත්ව සිටිනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්