leader s

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන් නුවර නොවැම්බර් 27 ඇරඹෙන තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගමාලාව

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ (WTC) පිළිමළුන් පිටුදැකීමේ අර්ධ අවසන් පූර්ව තරගයකට සමාන තත්ත්වයක් ගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකානු භූමියේ ටෙස්ට් තරගමාලාවක් ජය ගත් එකම ඉන්දියානු උපමහාද්වීප කණ්ඩායම වනුයේ ශ්‍රී ලංකාව. ඔවුන් පරාජය කිරීමට නම් දකුණු අප්‍රිකානුවන් ඔවුන්ගේ උපරිම ක්‍රීඩා මට්ටමේ සිටිය යුතු වනවා.

වර්තමානයේ WTC ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව මේ ශූරතාවලියට අයත් ඔවුන්ගේ අවසාන තරග හතරෙන් අවම වශයෙන් තරග දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් එය ඔවුන්ට ප්‍රථම වතාවට ලෝක ටෙස්ට ශූරතාවලියේ අවසාන මහා තරගයට පිවිසීමට ප්‍රමාණවත් වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් WTC තරග දෙක ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ ඔස්ට්‍රේලියාව ට එරෙහිව. එම තරගමාලාව ලබන වසරේ ජනවාරි අග ගාල්ලේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දෙසැම්බර් 5 වැනිදා ඇරඹෙන දෙවැනි ටෙස්ට් ගැටුම ද ඇතුළුව දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තරගමාලාවේ තරග දෙකේ ම ජයග්‍රහණ දකුණු අප්‍රිකානුවන් වාර්තා කළහොත් ඔවුන්ට මේ වසර අග පාකිස්තානය ට එරෙහි ඔවුන්ගේ අවසාන ලෝක ටෙස්ට් ශූරතා තරගමාලාවට ශක්තිමත් තත්ත්වයක සිට සහභාගි වීමට අවස්ථාව ලැබෙනවා.

දකුණු අප්‍රිකාව ඔවුන්ට ඉතිරිව තිබෙන මේ තරග හතර ම ජයග්‍රහණය කළහොත් ලබන වසරේ ජූනි මාසයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන තරගයේ ඔවුන්ගේ ස්ථානය තහවුරු කෙරෙනවා. ශූරතාවලියේ අනෙක් ප්‍රතිඵල තමන්ට එරෙහිව නොයන්නේ නම් දකුණු අප්‍රිකාව ට ජයග්‍රහණ තුනක් වුව ද ප්‍රමාණවත්.

නමුත් ශ්‍රී ලංකාව යනු ඔවුන් ඉදිරියේ තිබෙන පහසු අභයෝගයක් නෙවෙයි.

dry4gdදකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු ෂුක්රී කෝන්රැඩ්
“මේක හරියට දකුණු අප්‍රිකාවයි ශ්‍රී ලංකාවයි අතර පැවැත්වෙන ‘නොක්අවුට්’ අර්ධ අවසන් පූර්ව තරගයක් වගෙයි” දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු ෂුක්රී කෝන්රැඩ් (Shukri Conrad) පවසනවා. ඉදිරි මාසවලදී WTC ලකුණු සටහන උඩුයටිකුරු වෙන්න ඉඩ තියෙනවා.”


තවත් ඉන්දියා උපමහාද්වීපික කණ්ඩායමක් වන බංග්ලාදේශය ඔවුන්ගේ රටේදී 2-0කින් පසුගිය මාසයේ පරාජය කිරීමෙන් පසුව දකුණු අප්‍රිකාව සිටින්නේ ශක්තිමත් ක්‍රීඩා මට්ටමක. එහෙත් ඔවුන්ට ඩර්බන් හි දී මුහුණ දීමට සිදුව තිබෙන්නේ අධිෂ්ඨානයෙන් පිරුණු ශ්‍රී ලංකා කණ්ඩායමකට.

දකුණු අප්‍රිකාව යනු ශ්‍රී ලංකාව ට සතුටුදායක දඩබිමක්. කුසල් ජනිත් පෙරේරා පිත්තෙන් දැක්වූ දස්කම් හා විශ්ව ප්‍රනාන්දු පන්දුවෙන් ප්‍රදර්ශනය කළ හපන්කම් මධ්‍යයේ ශ්‍රී ලංකාව 2019 වසරේදී වාර්තා කළ 2-0ක ජයග්‍රහණයෙන් පසුව ඔවුන් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගමාලා ජයග්‍රහණයක් හිමිකර ගත් එක ම උපමහාද්වීපික කණ්ඩායම ලෙස රැඳී සිටිනවා.

එදා ඒ තරග දෙක ක්‍රීඩා කෙරුනේ ද මෙවර තරග ද්විත්වය ක්‍රීඩා කරන ඩර්බන් හා පෝට් එලිසබත් ක්‍රීඩාංගණවල.

ශ්‍රී ලංකාවේ අවසන් ටෙස්ට් තරගමාලා ජයග්‍රහණය වූයේ මව්බිමේදී නවසිලන්තය 2-0කින් පරාජය කිරීම. එම පරාජයෙන් පසුව ඉන්දියාව ට ගිය නවසිලන්ත කණ්ඩායම එහිදී ඉන්දියාව 3-0කින් පරාජය කිරීමෙන් අවධාරණය වන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිටින ඉහළ මට්ටම.

දකුණු අප්‍රිකාවේ තරග දෙක පැවැත්වෙන මන්දගාමී තණතීරුවල වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට ලොකුම තර්ජනය වීමට ඉඩ තිබෙනවා. නවසිලන්ත පිතිකරුවන් දැඩි ග්‍රහණයකට හසුකර ගත් ජයසූරිය තරග දෙකකදී කඩුලු 18ක් ලබා ගත්තා.

45345ew

ශ්‍රී ලංකා පිතිකරුවන් ද ඉතා ඉහළ අඩියක සිටිනවා. පැතුම් නිස්සංක පසුගිය මාසවලදී දිගටම පිත්තෙන් දස්කම් දක්වමින් සිටිය ද, ලොකුම තර්ජනය එල්ල වනු ඇත්තේ කමිඳු මෙන්ඩිස්ගෙන්. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහු දැවැන්ත පියවරක් ඉදිරියට තබා සිටිනවා.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මෙතෙක් 13 වතාවක් පිතිකරණයේ යෙදී ඇති මෙන්ඩිස්ගේ ඉනිම 12ක්ම ක්‍රීඩා කෙරුනේ මේ වසරේ. එම ඉනිමවලදී ඔහු 91.27කට වැඩි සාමාන්‍යකින් යුතුව ලකුණු දහසකට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා.

ඔහුගේ දක්ෂතා ශ්‍රී ලංකා භූමියට පමණක් සීමා වූයේ නැහැ. අගෝස්තු හා සැප්තැම්බර් මාසවල එංගලන්ත කණ්ඩායමට එරෙහිව එම රටේ පැවැති ටෙස්ට් තරගමාලාවේදී ශ්‍රී ලංකාව 1-2ක පරාජයක් ලැබුව ද, එහිදී ලකුණු 267ක් රැස් කළ කමිඳු මෙන්ඩිස් එම තරගමාලාවේ වීරයා ලෙස නම් කෙරුනා.

දකුණු අප්‍රිකාවේ දේශගුණික තත්ත්වයන් මෙන්ඩිස් ට හා  අනෙකුත් තරුණ ශ්‍රී ලාංකික පිතිකරුවන්ට අලුත් අභියෝගයක් වනු ඇති බවට කිසිම සැකයක් නැහැ.

එරට පරිසරයට හුරුවීම පිණිස ශ්‍රී ලංකාව ඔවුන්ගේ පිතිකරුවන් සති දෙකකට කළින් දකුණු අප්‍රිකාව ට යැවූ අතර මේ සංචාරයේදී පිතිකරණ විශාරදයෙකු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු නීල් මැකන්සිගේ සේවය ද ශ්‍රී ලංකාව ලබා ගෙන තිබෙනවා.

එංගලන්තයේදී එංගලන්ත කණ්ඩායම පරාජය කළ සහ පාකිස්තානය ද පරාජය කළ ශ්‍රී ලංකාව ප්‍රබල කණ්ඩායමක් බවට කෝන්රැඩ් පිළිගන්නවා.


“ඩර්බන් හා  පෝට් එලිසබත්වල මීට කළින් තරග ජය ගෙන සිටීම ඔවුන්ට ශක්තියක් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මම හිතනවා අපි මුහුණ දෙන්නේ ඉතාමත් විශ්වාසයකින් පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමකට කියලා. නමුත් අපි අපේ හැකියාවන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කළොත් අපට දිනන්න පුළුවන් බවට අපි පැහැදිලිව දන්නවා.”


දකුණු අප්‍රිකා ටෙස්ට් කණ්ඩායම ද දැඩි අධිෂ්ඨානයකින් සිටින බැවින් අනිද්දා ඇරඹෙන තරගමාලාව ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ක්‍රිකට් ලෝලීන් අපේක්ෂා කරනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්