leader s

දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමේ ඉදිරි පෙල ක්‍රීඩක පිට-ස්ටෙෆ් ටුආ (Pieter-Steph du Toit) දෙවැනි වතාවටත් වසරේ ලෝක රග්බි ක්‍රීඩකයා සම්මානය දිනා ගෙන තිබෙනවා. ලෝක රග්බි වසරේ ක්‍රීඩිකාව ලෙස තේරී සිටින්නේ එංගලන්ත කණ්ඩායමේ ‘ෆුල් බෑක්’ ක්‍රීඩිකා එලී කිල්ඩාන් (Ellie Kildunn).


ලෝක රග්බි සෙවන්ස් වසරේ ක්‍රීඩකයා සම්මානය හිමිකර ගත්තේ ප්‍රංශයේ ඔන්ට්වොන් ඩූපොන්ට් (Antoine Dupont).


ලෝක රග්බි සෙවන්ස් වසරේ ක්‍රීඩකයා සම්මානය හිමිකර ගත්තේ ප්‍රංශයේ ඔන්ට්වොන් ඩූපොන්ට් (Antoine Dupont).

 

දකුණු අප්‍රිකාවේ ‘ස්ප්‍රිංබොක්ස්’ ජාතික රගර් කණ්ඩායම 2019 වසරේදී ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව මේ සම්මානය ප්‍රථම වතාවට දිනා ගත් 32 හැවිරිදි ටුආ, මේ වසරේ රග්බි ශූරතාවලිය හා ටෙස්ට් තරග 13න් තරග 11ක් ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පෙරමුණේ සිටි ක්‍රීඩකයෙක්. මෙවර සම්මානය දිනා ගැනීමත් සමග ඔහු මේ ගෞරවය දෙවරක් හිමිකර ගත් පළමු දකුණු අප්‍රිකානුවා බවට පත්වනවා.


25 හැවිරිදි කිල්ඩාන් ඇගේ සම්මානය හිමි කර ගත්තේ 2024 කාන්තා රටවල් හයේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිරුළ පැළඳි විශිෂ්ට වසරකින් පසුව.

එංගලන්තයට ඔවුන්ගේ WXV1 ශූරතාව රැක ගැනීමට උපකාරී වූ ඇය එංගලන්ත කාන්තා රග්බි කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග නවයකදී ට්‍රයි 14ක් වාර්තා කිරීමට සමත් වුනා.

 

එලී කිල්ඩාන් හා පිට-ස්ටෙෆ් ටුආ

සත් සාමාජික රග්බි වසරේ ක්‍රීඩකයා ලෙස නම් කරනු ලැබූ 28 වැනි වියේ පසුවන ඩූපොන්ට් පහළොස් සාමාජික රග්බි ක්‍රීඩාවෙන් සත් සාමාජික ක්‍රීඩාවට මාරු වූ ක්‍රීඩකයෙක්. ඔහු ජූලි මාසයේදී ප්‍රංශය ට පැරිස් ඔලිම්පික් රග්බි සෙවන්ස් ශූරතාව දිනා ගැනීමට උපකාරී වුනා.

මීට අමතරව, මොනාකෝ හි පැවති මේ සම්මාන ප්‍රදානෝත්සවයේදී, නවසිලන්තයේ ‘ෆ්ලෑන්ක’ ක්‍රීඩක වොලස් සිටිටී (Wallace Sititi) හා අයර්ලන්තයේ පසුපෙල ක්‍රීඩිකා එරින් කිං (Erin King) පිළිවෙලින් වසරේ නැගී එන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සම්මාන දිනා ගත්තා.

2186683554

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්