අනුරුද්ධ ශානක බණ්ඩාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ගෝලීය බොක්සිං රැස්වීමකදී ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සභාපති උමා ක්‍රිම්ලෙෆ් සහ ලේකම් ක්‍රිස් රොබර්ට්ස් සමග...
අනුරුද්ධ ශානක බණ්ඩාර මාස හයක් වැනි සුළු කාලයක් ඇතුළත ශ්‍රී ලාංකේය බොක්සිං ක්‍රීඩාවේ ගමන්පථය නැවත නිර්වචනය කර තිබෙන්නේ මූල්‍ය හා ආයතනික අභියෝගවලට මුහුණ දී සිටින ක්‍රීඩාවකට පවා කැපවීම, විනිවිදභාවය හා උපක්‍රමශීලී සැලසුම්වලින් සාර්ථකත්වයට පිවිසිය හැකි බවට ඔප්පු කරමින්.
ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩකයන්ගේ සහජ කුසලතාව කෙරෙහි ඔහුගේ තිබෙන නොසැලෙන විශ්වාසය හා තමන්ගේ පොරොන්දු ඉටුකිරීම සඳහා ඔහුට තිබෙන හැකියාව ක්‍රීඩකයන්, නිලධාරීන් හා ක්‍රීඩා ලෝලීන් තුළ ප්‍රබෝධයක් ඇතිකර තිබෙනවා.
2024 මැයි මාසයේදී ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ධූරයට පත්වීමෙන් පසුව අනුරුද්ධ ශානක බණ්ඩාරගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ බොක්සිං ක්ෂේත්‍රය ඓතිහාසික පුනරුදයක් දකිමින් සිටිනවා. මාස කිහිපයක් පමණක් ඇතුළත බණ්ඩාරගේ නිර්මාණාත්මක නායකත්වය හා දූරදර්ශී උපායමාර්ග බොක්සිං ක්‍රීඩාවට අලුත් හුස්මක් එක්කර තිබෙන්නේ දීප්තිමත් අනාගතයක බලාපොරොත්තු දල්වමින්.
පැහැදිලි දර්ශනය සමග එක්වූ ඔහුගේ උද්යෝගිමත් ප්‍රවේශය ක්‍රීඩාවට නව ජීවයක් ගෙන දෙමින් ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩාව යළි අවධානයට ගෙනැවිත් තිබෙනවා.
බණ්ඩාරගේ නායකත්වය සංකේතවත් වී තිබෙන්නේ නිර්භීත තීරණ, පෞද්ගලික ආයෝජනය සහ තමන් දුන් පොරොන්දු එලෙසින්ම ඉටුකිරීමේ ස්ථිර කැපීවීමෙන්. මේ නිසා ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩාවට ද ශක්තිමත්ව වැඩීමට අවශ්‍ය සහයෝගය ලැබීම තහවුරු වී තිබෙනවා.
මාස කිහිපයක් ඇතුළත බණ්ඩාරගේ උත්සාහයන් විශිෂ්ට ප්‍රතිඵල ලබමින් සිටින්නේ ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් ජාත්‍යන්තර වේදිකාවේ පෙලහර පාමින් ගෞරවනීය තරගාවලියන් හි පදක්කම් දිනා ගනිමින්. සීචෙල්ස් හි පැවති Constitution Day තරගාවලියේදී රන් දෙකක් ඇතුළුව පදක්කම් හයක් ද, 14 වැනි ‘තායිපේ සිටි කුසලාන’ තරගාවලියේදී රන් දෙකක් ඇතුළුව පදක්කම් පහක් ද දිනා ගැනීමට ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම සමත් වුනා. වඩාත්ම වැදගත් දක්ෂතාව වාර්තා වූයේ Asian Elite බොක්සිං ශූරතාවලියේ. එහිදී, ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර විශාලතම කණ්ඩායම ප්‍රබෝධතමත් දස්කම් එළිදක්වමින් තිස්හත් වසරක පදක්කම් ඉඩෝරය අවසන් කළා. මේ සාර්ථකත්වයෙන් අවධාරණය කෙරෙන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් නිරාවරණය වීම තුළින් උසස් ම තලයේ තරග කිරීමට අවශ්‍ය වටිනා පළපුරුද්ද හා විශ්වාසය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා දීමේ වර්තමාන බොක්සිං සභාපතිවරයාගේ උපාය යි.

ශ්‍රී ලංකා බොක්සිං සභාපතිවරයා නියෝජ්‍ය ක්‍රීඩා ඇමති සුගත් තිලකරත්න මහතා සමග...
සම්ප්‍රාදායික නාගරික බොක්සිං මධ්‍යස්ථානවලින් ඈතට බොක්සිං හස්තය දිගු කිරීමේ බණ්ඩාරගේ කැපවීම ද ඔහුගේ සේවා කාලයේ දක්නට ලැබෙන තවත් විශිෂ්ට සලකුණක්. ‘ලේටන් කුසලාන’ අවසන් පූර්ව හා අවසාන තරග දර්ශනීය මීගමුව වෙරළ උද්‍යානයේ පැවැත්වීම මගින් අලුත් නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට හැකිවූයේ ක්‍රීඩාව හා සංචාරක ව්‍යාපාරය මිශ්‍ර වෙමින්. මහනුවර හා ගාල්ලේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ශූරතාවලියන් බොක්සිං ඇත්ත වශයෙන් ම ජාතික ක්‍රීඩාවක් බවට පත්කිරිමේ බණ්ඩාරගේ මෙහෙවරේ කොටසක්. අගනුවරින් බැහැරව අලුත් ප්‍රදේශවලට බොක්සිං තරගාවලියන් ගෙන යාමෙන් බණ්ඩාර එම පළාත්වල කුසලතා ප්‍රබෝධමත් කරමින් මීට කළින් බොක්සිං ක්‍රීඩාවට අඩු ප්‍රවේශයක් තිබූ ප්‍රජාවන් සමීපයට එම ක්‍රීඩාව ගෙන එමින් සිටිනවා.
මෙරට බොක්සිං ක්‍රීඩාවේ පාලනය හා යටිතලය දියුණු කිරීමේ කාර්යයට ද බණ්ඩාර මුල් තැන දී තිබෙනවා. තරු 1 විනිසුරුවන්ගේ පාඨමාලාවක් හඳුන්වා දෙමින් එමගින් සාධාරණ ක්‍රීඩාව හා වෘත්තීය තරග විනිශ්චය ඔහුගේ පරිපාලනය විසින් තහවුරු කර තිබෙන්නේ විනිවිදභාවය ස්ථිර කරමින්. මීට අමතරව, ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරව ගොඩනැගීමේ ඔහුගේ උත්සාහයට 2025 ආසියානු අවුරුදු 22න් පහළ බොක්සිං ශූරතාවලිය වැනි ඉසව්වන්ට සත්කාරකත්වය ලබා ගනිමින් ආසියානු බොක්සිං වළල්ලේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම ද ඇතුළත් වනවා.
අනුරුද්ධ ශානක බණ්ඩාරගේ නායකත්වය යටතේ තිබෙන්නේ නිර්භීත හා දියුණුවීමේ අභිලාෂයෙන් යුත් දිගු කාලීන දර්ශනයක්. 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා ගැනීමේ අරමුණ පෙරදැරි කරගත් ඔහුගේ සිවු අවුරුදු උපායේ අවධානය යොමුව තිබෙන්නේ මුල සිට සංවර්ධනය, ජාත්‍යන්තරව නිරාවරණය වීමේ අවස්ථාවන් බොක්සිං ක්‍රීඩකයන්ට නිරන්තරයෙන් ලබා දීම, පුහුණුකරුවන්ගේ තත්ත්වය උසස් කිරීම හා ජාත්‍යන්තර බොක්සිං තරග පැවැත්වීමේ කේන්ද්‍රීය ස්ථානයක් ලෙසට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු කණිෂ්ඨ හා පාසල් ශූරතාවලියන්හි ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කළ වාර්තාගත තරුණ දක්ෂතා මේ ප්‍රවේශයේ සාර්ථකත්වයට සාක්ෂි දරණ අතර ශ්‍රී ලාංකේය බොක්සිං ක්‍රීඩාවට අපේක්ෂා තැබිය හැකි අනාගතයක් ද පෙන්නුම් කරනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු කණිෂ්ඨ හා පාසල් ශූරතාවලියන්හි ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කළ වාර්තාගත තරුණ දක්ෂතා මේ ප්‍රවේශයේ සාර්ථකත්වයට සාක්ෂි දරණ අතර ශ්‍රී ලාංකේය බොක්සිං ක්‍රීඩාවට අපේක්ෂා තැබිය හැකි අනාගතයක් ද පෙන්නුම් කරනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී