leader s

හිටපු ලෝක ශූර පාපැදි ක්‍රීඩක රොහාන් ඩෙනිස් (Rohan Dennis) ඔහුගේ බිරිඳ වන ඔලිම්පික් පාපැදි ක්‍රීඩිකා මෙලීසා හොස්කින්ස් (Melissa Hoskins) මරණයට පත්කිරීමේ සිද්ධියට වරදකරු බව පිළිගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේදී මේ මරණය සිදුවූයේ රිය අනතුරකින්.

ඇඩිලේඩ් හි ඔවුන්ගේ නිවස පිටතදී ඩෙනිස් විසින් පදවමින් සිටි වාහනයක ගැටීමෙන් හොස්කින්ස් 2023 වසරේ දෙසැම්බර් 30 වැනි දින රෝහලේදී මිය ගියා. අනතුරුදායක ලෙස රිය පදවා මරණයක් සිදුකිරීම හා නොසැළිකිලිමත්ව රිය පැදවීමේ චෝදනා යටතේ 34 හැවිරිදි ඩෙනිස් ට මුලින් චෝදනා ගොනු කෙරුන ද, පසුව ඔහු හානියක් නිර්මාණය කිරීමේ අඩු චෝදනාවකට වරද පිළිගත්තා.

BB1jqGImඇය සහ ඩෙනිස් විවාහ වූයේ 2018 වසරේ.

 

හොස්කින්ස් සමග දරුවන් දෙදෙනෙකු සිටින ඩෙනිස් ට හිමි දඬුවම ඉදිරි දිනයකදී නියම කෙරෙනු ඇතැයි වාර්තා වනවා. හොස්කින්ස්ගේ මරණය දක්වා වූ සිදුවීම් පිළිබඳ කරුණු ප්‍රකාශ වී තිබෙන්නේ ඉතාමත් අඩුවෙන්.

කෙසේ වෙතත්, හොස්කින්ස් ළඟපාතක සිටියදී, තමාගේ ක්‍රියාවෙන් ඇයට හානියක් සිදුවීමට ඉඩ තිබෙන බව දැනගෙන සිටිමින් ඔහු කාරයක් පැදවීම පිළිගත් බව ඩෙනිස් වරදකරු බවට පිළිගැනීමේ ක්‍රියාවෙන් අදහස් වනවා.

තරගකරුවන් එකිනෙකා අභිබවා යාමේ 2015 ලෝක ශූරිය හා දෙවතාවක් ඔලිම්පික් ක්‍රීඩිකාවක වන හොස්කින්ස්ගේ මරණයෙන් පසුව ලොව නන් දෙසින් ඇයට ගරු බුහුමන් විශාල ප්‍රමාණයක් ගලා ආවා.

ඇය සහ ඩෙනිස් විවාහ වූයේ 2018 වසරේ. 

 

 132178296 whatsubjectඩෙනිස් 2023 ක්‍රීඩා වාරය අවසානයේ තරග බිමෙන් සමුගත්තා
Tour de France, Giro d’Italia සහ Vuelta a Espana යන ලොව ප්‍රධාන පෙලේ පාපැදි තරගවල අදියර ජයග්‍රහණය කළ ක්‍රීඩා දිවියකින් පසුව ඩෙනිස් 2023 ක්‍රීඩා වාරය අවසානයේ තරග බිමෙන් සමුගත්තා.

මාර්ග හා ධාවන පථ තරග බොහොමයක ලෝක ශූරයා වූ ඔහු 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පාපැදි තරගකරුවන් අභිබවා යාමේ කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමෙන් පසුව 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පාපැදි මාර්ග ධාවන කාලය මැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තා. 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ද රන් පදක්කමක් දිනා ගැනීමට ඩෙනිස් සමත් වුනා.


සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්