leader s

ඉන්දියාවේ නව යොවුන් වියේ පසුවන ගුකේෂ් ඩොම්මරාජු (Gukesh Dommaraju) එදා මෙදා තුර ලොව ළාබාලතම ක්ලැසිකල් චෙස්
අවිවාදිත ලෝක ශූරයා බවට පත්ව සිටිනවා. ඔහු මෙසේ ලෝක ශූරයාව සිටින්නේ සිංගප්පූරුවේ පැවති තරගාවලියේ වට 14කින් සමන්විත අවසාන තරගයේදී චීනයේ ඩිං ලිරන් (Ding Liren) 7.5-6.5කින් පරාජය කරමින්.
 

18 හැවිරිදි ගුකේෂ් හා ලෝක ශූරතාව හිමිකර ගෙන සිටි 32 හැවිරිදි ඩිං අවසාන තරගයට මුහුණ දුන්නේ සමාන ලකුණු මට්ටමක සිටිමින් වූව ද, ඩිංගෙන් සිදුවූ වැරදීමකින් අවසානයේ තීරණාත්මක ලකුණ ලබා ගත්තේ තරගකරුවන් දෙදෙනාගෙන් බාලයා.

මේ ජයග්‍රහණයත් සමග ගුකේෂ් 18 වැනි ලෝක චෙස් ශූරයා බවට පත්වීම ඉන්දියාවේ චෙස් ක්‍රීඩා ලෝලීන් එකිනෙකා වැළඳ ගෙන සමරණ අයුරු සමාජ මාධ්‍ය වීඩියෝවලින් දිස්වුනා. විස්වනාදන් ආනන්ද් (Viswanathan Anand) ට පසුව ඉන්දියාවේ දෙවැනි ලෝක චෙස් ශූරයා වශයෙන් ගුකේෂ් ඩොම්මරාජු ඉතිහාසයට එක්වනවා.
 

අවසාන තරගයේ ඩිං අතින් සිදුවූ වැරැද්ද තමා මුලින් හඳුනා නොගත් බව ගුකේෂ් පසුව  ප්‍රකාශ කළේ ජයග්‍රහණයේ ප්‍රීතියෙන් කුල්මත්ව. එහෙත් තම චීන ප්‍රතිවාදියා තීරණාත්මක වැරැද්ද සිදුකර තිබෙන බවට දැනගත් විට එය තමාගේ ජීවිතයේ හොඳම මොහොත වූ බව ඔහු කියා සිටියා.

තවමත් 18 වැනි වියේ පසුවන ගුකේෂ්, පුරාවෘත්ත රුසියානු ක්‍රීඩක ගැරී කැස්පරොෆ් (Garry Kasparov) 1985 වසරේ ඔහුගේ පළමු ලෝක ශූරතාව දිනා ගත් අවස්ථාවේ පසුවෙමින් සිටි වයසට වඩා අවරුදු හතරක් බාලයි.
 
4534deeeGarry Kasparov (1985)
“මගේ චෙස් චාරිකාව ආරම්භ වූයේ මට වයස අවුරුදු හය හමාරක් හතක්ව තිබියදීයි. මේ අවස්ථාව එනතුරු මම අවුරුදු දහයකට වැඩි කාලයක් තිස්සේ සිහින මැවුවා” යනුවෙන් ගුකේෂ් තරගයෙන් පසුව ප්‍රකාශ කළා.
 
“සෑම චෙස් ක්‍රීඩකයෙකුටම මේ අවස්ථාව විඳින්න අවශ්‍යයි. ඒත් එය ලැබෙන්නේ ටික දෙනෙකුට පමණයි. මම මගේ සිහිනය සැබෑ කරගෙන ඉන්නවා. පළමුව දෙවියන්ට ස්තූති කරන්න මම කැමතියි. මෙය සිදුකළ හැක්කේ දෙවියන්ට පමණයි. මේ ගමනේදී සිදුවූ ප්‍රාතිහාර්යයන් බොහොමයක් තිබුනා.”

ගුකේෂ් වෙත ගලා ආ සුභ පැතුම් හා ඉන්දියාව ට ඔහු මහත් ආඩම්බරයක් යනුවෙන් කෙරුනු විශාල සංඛ්‍යාවක ප්‍රකාශයන් අතර ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝඩිගේ සුභ ප්‍රාර්ථනාව ද තිබුනා. ඉන්දියාවේ ජනාධිපති, හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කා සහ හිටපු වෙඩිතැබීමේ ඔලිම්පික් ක්‍රීඩක අභිනව් බින්ඩ්‍රා ද ගුකේෂ් ට සුභ පතන්නන් අතර සිටියා.

තරුණ ක්‍රීඩකයන් රැසකගේ පැමිණීමෙන් ඉන්දියාව ප්‍රධාන පෙලේ ජවසම්පන්න චෙස් බලවතෙක් බවට පත්ව සිටිනවා.

2022 වසරේදී චෙස් ලෝකය විස්මයට පත් කරමින් නෝවේජියානු ජාතික මැග්නස් කාල්සන් (Magnus Carlsen) පරාජය කළ රමේෂ්බාබු ප්‍රාග්නානන්ධා (R Praggnanandhaa) ඉන්දියාවේ සිටින තරුණ චෙස් ශූරයන්ගෙන් කෙනෙක්.
 
fge456රමේෂ්බාබු ප්‍රාග්නානන්ධා
‘ප්‍රාග්’ නමින් ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය ඔහු වයස අවරුදු 10දී ළාබාලතම ජාත්‍යන්තර චෙස් මාස්ටර් බවට පත්වූ අතර 12 වැනි වියේදී ලෝකයේ දෙවැනියට වයසින් අඩුම ග්‍රෑන්ඩ්මාස්ටර් බවට ද පත්වීමට සමත් වුනා. පසුගිය වසරේදී ප්‍රාග් සහ ඔහුගේ සොයුරිය වන 22 හැවිරිදි රමේෂ්බාබු වයිෂාලි (R Vaishali) ග්‍රෑන්ඩ්මාස්ටර් කිරුළු හිමිකර ගත් එදා මෙදා තුර පළමු සොහොයුරා සහ සොහොයුරිය ජෝඩුව ලෙසට ඉතිහාසගත වුනා.
 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්