leader s

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ ඇතිව තිබෙන අභ්‍යන්තර ආරවුල විසඳා ගැනීම සඳහා කළින් ම නිලවරණය පැවැත්වීමට කමිටු සාමාජිකත්වය

තීරණය කර තිබෙනවා.

මේ ආරවුල් පිළිබඳව කටයුතු කර කමිටුවේ මෙහෙයුම් ක්‍රියාවලිය ස්ථාවර කිරීම පිණිස 2025 වසරේ මාර්තු 31 වැනි දිනට පෙර නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා නිලවරණය පැවැත්විය යුතු බවට ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) සාමාජිකත්වය සම්මත කර ගෙන තිබෙනවා.

කමිටු සාමාජිකත්වයේ වැඩි පිරිසකගේ කැඳවීමෙන් විශේෂ මහා සභා රැස්වීමක් ඔලිම්පික් නිවහනේදී ඊයේ (13) පැවැත්වුනා. ජාතික ඔලිම්පික් කමිටුවේ මෙහෙයුම් හා ක්‍රීඩා වැඩසටහන්වලට සැලකිය යුතු තරමට බාධා පමුණුවමින් විධායක මණ්ඩලයේ වර්තමාන සාමාජිකයන් අතර දිග්ගැස්සෙමින් තිබෙන ආරවුලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනුයි මේ විශේෂ සාකච්ඡාව කැඳවා තිබුනේ. බෙදී ඇති පිරිස නැවත එක් කිරීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී තිබෙනවා.

මේ තත්ත්වයේ බරපතලකම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) හා ආසියානු ඔලිම්පික් කවුන්සලයේ (OCA) අවධානයට යොමුව තිබෙනවා. මේ දෙපාර්ශවය NOC සභාපති හා විධායක කමිටුව වෙත ඒකාබද්ධ ලිපියක් එවමින් ශ්‍රී ලංකාව ට මුදල් සැපයීම වහාම අහෝසි කර ඇති බව දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ව්‍යාපාරය හා එහි ක්‍රීඩකයන්ගේ සුභ සිද්ධිය පිණිස ඔලිම්පික් ව්‍යාපාරය පාලනය වන ප්‍රතිපත්තිවලට අනුකූලව තත්ත්වය සමථයකට පත් කිරීමට වගකීමකින් යුතුව වහාම ක්‍රියාත්මක වන ලෙසට ඔවුන් ශ්‍රී ලංකාව ට දන්වා තිබෙනවා.

උද්ගතව ඇති මේ තත්ත්වයන් හමුවේ NOC සාමාජික ක්‍රීඩා සම්මේලන ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතීන් ආරක්ෂා කර කමිටුවේ අවංකත්වය දිගටම ගෙන යාම පිණිස එක්සත්ව බැඳී සිටිනවා. පැහැදිලි සහ විනිවිදභාවයෙන් යුත් ඉදිරි මාවතක අවශ්‍යතාව හඳුනා ගෙන සිටින සාමාජිකත්වය මේ අර්බුදය විසඳීමට සහ IOC හා OCA විසින් ප්‍රකාශයට පත්කර තිබෙන අවශ්‍යතාවන් සපුරාලීමේ මුලික පියවර කළින් ම නිලවරණය පැවැත්වීම බවට තීරණය කර තිබෙනවා.

2025 වසරේ අග කාලයේ මේ නිලවරණය පැවැත්වීමටයි කළින් නියමිතව තිබුනේ.

warnan Gunasekara
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්