චීනයේ ලෝක චෙස් ශූරයා වූ ඩිං ලිරන් ලෝක ශූරතා තරගයේදී ඉන්දියාවේ ගුකේෂ් ට හිතාමතාම පරාජය වූ බවට චෝදනා කරන රුසියාවේ චෙස්
සම්මේලනයේ සභාපති ඔන්ද්‍රී ෆිලාටොෆ් (Andrie Filatov) මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ජාත්‍යන්තර චෙස් සම්මේලනයෙන් (FIDE) ඉල්ලා තිබෙනවා.
රුසියානු චෙස් සභාපතිවරයාගේ මේ ක්‍රියාව හෙළිකර තිබෙන්නේ යුක්රේන චෙස් පුහුණුකරු පීට හයින නීල්සන් (Peter Heine Nielson) විසින්. ෆිලාටොෆ්ගේ මේ ක්‍රියාව රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS හි පළවූ බවට නීල්සන් X සමාජ මාධ්‍යයේ සටහන් කර තිබෙනවා.

ෆිලාටොෆ් මෙසේ පැවසූ බව ටාස් ප්‍රවෘත්ති ඒජන්සිය කියනවා: “අවසාන තරගයේ ප්‍රතිඵලය වෘත්තීය චෙස් ක්‍රීඩකයන් හා චෙස් ක්‍රීඩා ලෝලීන්ව වික්ෂිප්ත කර තිබෙනවා. තීරණාත්මක තරග කොටසේදී චීන චෙස් ක්‍රීඩකයාගේ ක්‍රියාවන් අතිශයින් සැකසහිත වන අතර ඒ සඳහා FIDE විසින් විශේෂ පරීක්ෂණයක් අවශ්‍යයි. ඩිං ලිරන් ඒ අවස්ථාවේ තරගයේ සිටි ස්ථානය අහිමි කර ගැනීම පළමු පංතියේ ක්‍රීඩකයෙකුට පවා අසීරු දෙයක්. මේ තරගයේ චීන චෙස් ක්‍රීඩකයාගේ පරාජය බොහෝ ප්‍රශ්න මතුකරන අතර එය හිතාමතාම සිදුවූවක් බව පෙනෙනවා.”
ලෝක කිරුළ හිමිකර ගෙන සිටි ඩිං ලිරන් පරාජය කිරීමෙන් පසුව 18 හැවිරිදි ගුකේෂ් ළාබාලතම ලෝක චෙස් ශූරයා ලෙස ඉතිහාසගත වුනා.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී