leader s

ආදරයට සීමාවන් නැහැ. සැබෑ ආදරය විසින් ජාතිය, පරතරය, වයස හා සංස්කෘතික අසමතාව යන සියලු යදම් බිඳ දමනවා. ආදරය යනු විශ්ව භාෂාවක්. එය ආත්මයන්ට කතා කරන්නේ ඉතාමත් අනපේක්ෂිත තැන්වල හා ඉතාම අසමාන පුද්ලයන් අතර සබඳතා ඇති විය හැකි බව ප්‍රත්‍යක්ෂ කරමින්.


රුසියාවේ වොලිබෝල් ක්‍රීඩක වාසියා පොයිලව් (Vasya Poylov) සහ අමෙරිකාවේ බාස්කට්බෝල් ක්‍රීඩිකා ඇලෙක්ස් කෝහන් (Alex Cohen) මේ අත්දැකීම කෙළින් ම ලැබුණු යුවලක්. එකිනෙකට වෙනස් ක්‍රීඩාවන් හා මහාද්වීපවල වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන මේ දෙදෙන දැන හැඳින ගත්තේ සමාජ මාධ්‍ය ‘හමුවීමේ’ වේදිකාවකින්.

 දෙදෙනා එක්ව දැන් දරුවන් තිදෙනෙක් හදා වඩා ගනිමින් සිටිනවා. ඔවුන් තම කාර්යබහුල ක්‍රීඩා ජීවිත හා පවුල් ජීවිතය සමබර කරගෙන කල් ගෙවන්නේ ඔවුන්ගේ ක්‍රීඩා චාරිකාවන්ගෙන් පසුව අමෙරිකාවේ අනාගතයක් ගොඩනැගීමට සැලසුම් කරමින්.

රුසියාවේ වොලිබෝල් ක්‍රීඩක වාසියා පොයිලව් (Vasya Poylov) සහ අමෙරිකාවේ බාස්කට්බෝල් ක්‍රීඩිකා ඇලෙක්ස් කෝහන් (Alex Cohen) මේ අත්දැකීම කෙළින් ම ලැබුණු යුවලක්

 

පොයිලව් ක්‍රීඩා කරන්නේ ඊශ්‍රායලයේ ටෙල් එවීව් නුවර ‘මැකබී ටෙල් එවීව්’ (Maccabi Tel Aviv) වොලිබෝල් කණ්ඩායමට. කෝහන් ක්‍රීඩා කරන්නේ එම නගරයේ ම ‘මැකබී රැමට් ගෑන්’ (Maccabi Ramat Gan) බාස්කට්බෝල් කණ්ඩායම වෙනුවෙන්. ජේසු බිලිඳා උපන් රටේදී මේ දෙදෙනා ආදරය සොයා ගත්තේ මේ අයුරින්.


31 හැවිරිදි පොයිලව් බටහිර රුසියාවේ ග්වෑසොව් නගරයේ උපත ලැබූ අතර එම වයසේ ම සිටින කෝහන් උපන්නේ අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ.

ලෝකයේ මෙතරම් රටවල් තිබියදී ජේසු බිලිඳා උපත ලැබූ ඊශ්‍රායලයේදී ම තමන්ගේ ජීවිතවල සහකරුවන් මුණගැසෙනු ඇතැයි දෙදෙනා කිසිදිනක සිහිනෙන්වත් සිතුවේ නැහැ. එහෙත් මේ අනපේක්ෂිත හමුව සිදුවුනේ තරුණ තරුණියන් සම්බන්ධ වන සමාජ මාධ්‍ය වේදිකාවකින් මිස දෙදෙනාගේ වෘත්තීය ක්‍රීඩා ජීවිත හරහා නෙවෙයි.

 

වාසියා පොයිලව් මේ සම්බන්ධතාවට පිවිස සිටින්නේ ඔහුගේ පළමු විවාහයේ දරුවන් තිදෙනාගේ පියා ලෙසින්

“ඒක ඇත්තටම හරිම පුදුමයක්” යනුවෙන් පොයිලව් සිනාසෙමින් කියනවා. ඔහු මේ සම්බන්ධතාවට පිවිස සිටින්නේ ඔහුගේ පළමු විවාහයේ දරුවන් තිදෙනාගේ පියා ලෙසින්. “ඒ කාලේ අපි දෙන්නාටම වැඩි විවේක කාලයක් තිබුනේ නැහැ. පුහුණුවීම්, තරග හැමදාම තිබුනු නිසා එළියට යන්න වෙලාවක් තිබුනේ නැති තරම්. දරුවන් තුන් දෙනෙකුත් එක්ක එය තවත් සංකීර්ණ වුනා. ඒ නිසා, ‘ඇප්’ එකක් පාවිච්චි කිරීම ඇත්තටම හරිම ප්‍රයෝජනවත් වුනා.”

කෝහන් ද මීට එකඟ වෙනවා. “අපි දෙන්නා ම ක්‍රීඩා කරන අය. ඒ නිසා, අපට එළියට ගිහින් නිදහසේ කතා කරන්න තියෙන අපහසුතාව ගැන අපි ඉක්මනටම කතා කරන්න පටන් ගත්තා. මේ කාරණාව අපේ කතාබහ මුලදී ම මතුවුනා. අපි දෙන්නාව ඇත්තටම සම්බන්ධ කළේ මේ සාකච්ඡාවයි.” 

“වෘත්තීය ක්‍රීඩකයන් දෙන්නෙක් එක වහලක් යට සිටීම ක්‍රීඩාව පැත්තෙන් බලන විට අපට ආශිර්වාදයක්. විශේෂයෙන් අපි එකම ක්‍රීඩාව නොකරණ නිසා” යනුවෙන් කෝහන් පවසනවා. “මම ගෙදර ආවම එයා මට මගේ ක්‍රීඩාව ගැන පසු විපරමක් කරන්නේ නැහැ. මම එයාගෙන් වොලිබෝල් ඉගෙන ගන්නවා. එයා මගෙන් බාස්කට්බෝල් ඉගෙන ගන්නවා. අපි අතරේ වාදයක් නැහැ. අපි දෙන්නාම ක්‍රීඩා කරන්නන් වීමේ කරුණ අපි දෙන්නව ගැඹුරු මට්ටමකින් තේරුම් ගැනීමට උපකාරී වී තිබෙනවා.”


IMG 0128මම එයාගෙන් වොලිබෝල් ඉගෙන ගන්නවා. එයා මගෙන් බාස්කට්බෝල් ඉගෙන ගන්නවා.


2021 වසරේදී මේ යුවල එක නිවෙසකට පැමිණි අතර ඔක්තෝබර් මාසයේ ඔවුන් ඇලෙක්ස්ගේ පවුලේ අය සමග කල් ගත කිරීම පිණිස විස්කොන්සින් හි මිල්වෝකී නගරයට ගුවනින් ගියා. නුදුරු අනාගතයේදී දරුවන් රැගෙන ස්ථිර පදිංචිය පිණිස අමෙරිකාව ට ඒමට ඔවුන් සැලසුම් කරගෙන සිටිනවා.

“මම මේ තීරණය ගන්නා බව කීවාම ඒක තේරුම් ගන්න මගේ පවුලේ අයට පහසු වුනේ නැහැ” පොයිලව් පිළිගන්නවා. “නමුත් රුසියාවේ සිට ඊශ්‍රායලයට සංක්‍රමණය වෙමින් ඔවුන් කළේත් ඒ දෙය ම යි. ඔවුන් ඒ දේ කළේ දරුවන් වෙනුවෙන්. අපි මෙය කරන්නේත් දරුවන් හා ඔවුන්ගේ අනාගතය වෙනුවෙනුයි. ඒක ලෙහෙසි වුනේ නැහැ.

 නමුත් දරුවන් කොච්චර සතුටින් ඉන්නවාද කියලාත් දරුවො ඇලෙක්ස් ට කොතරම් ආදරේ ද කියලාත් ඔවුන් දැක තිබෙනවා. එයින් ඔවුන් සෑහීමට පත්ව සිටිනවා.”

 

w32qScreenshot 2024 12 26 at 16.07.32 copyවාසියා පොයිලව්ගේ කුඩා දරුවන් වන සොෆියා (8), ආතර් (7) සහ ඇලෙක්සා (5) ඔවුන්ගේ ජීවිතවලට අලුතින් එක්ව සිටින ඇලෙක්සැන්ඩ්‍රා කෝහන් දෙස බලන්නේ ඔවුන්ගේ ම මව දෙස බලන ආකාරයෙන්.

පවුලේ සාමාජිකයන් සමග නැවත ඉතාම සමීපව සිටීමට ලැබීම සතුටක් බව කෝහන් සඳහන් කරනවා. “මම දශකයක කාලයක් ඊශ්‍රායලයේ ක්‍රීඩා කළා. මම තවමත් ‘මැකබී රැමට් ගෑන්’ එක්ක ඉන්නවා. නමුත් අපිට තීරණයක් ගන්න වෙලාව ආවා.”

මීට මාස දෙකකට පෙර ද ඔවුන් සිටියේ අමෙරිකාවේ. එහෙත් වාසියා ට ‘මැකබී ටෙල් එවීව්’ ක්‍රීඩා සමාජයෙන් ද, ඇලෙක්ස් ට ‘මැකබී රැමට් ගෑන්’ කණ්ඩායමෙන් ද ක්‍රීඩා කොන්ත්‍රාත් ලැබුනා. දෙදෙනා ඊශ්‍රායලය ට පැමිණියේ ඒ නිසාවෙන්. නමුත් මේ ක්‍රීඩා වාරය අවසන් වීමෙන් පසුව අමෙරිකාවට යාමට ඔවුන් තීරණය කර තිබෙනවා.

කෝහන් වසර ගණනාවක් ඊශ්‍රායල ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර තිබෙන අතර ප්‍රිමිය ලීගයේ ද තරග වැදී තිබෙනවා.

වාසියා පොයිලව්ගේ කුඩා දරුවන් වන සොෆියා (8), ආතර් (7) සහ ඇලෙක්සා (5) ඔවුන්ගේ ජීවිතවලට අලුතින් එක්ව සිටින ඇලෙක්සැන්ඩ්‍රා කෝහන් දෙස බලන්නේ ඔවුන්ගේ ම මව දෙස බලන ආකාරයෙන්.


සටහන

| වර්නන් ගුණසේකර
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්