බේස්බෝල් ක්‍රීඩාව සඳහා රොබෝ විනිසුරුවන් යොදා ගැනීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.
අමෙරිකාව හා කැනඩාවේ ඉහළම මට්ටමේ සංවිධානාත්මක බේස්බෝල් තරගාවලිය වන Major League Baseball (MLB) නමැති වෘත්තීය බේස්බෝල් ලීගය ලබන වසරේ වසන්ත සමය පුහුණු සැසිවාරයේදී රොබෝ තරග විනිසුරුවන් භාවිතය අත්හදා බැලීමට යන්නේ අභියෝග ක්‍රමවේදයේ (Challenge System) කොටසක් වශයෙන්. මෙහි අරමුණ වී තිබෙන්නේ 2026 ක්‍රීඩා වාරය සඳහා මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම.
ස්වයංක්‍රීය බෝල ප්‍රහාරය - Automated Ball-Strike (ABS) - අභියෝග ක්‍රමවේදය ලබන 2025 වසරේදී කණ්ඩායම් 19ක් සත්කාරකත්වය දරණ බේස්බෝල් ක්‍රීඩාංගණ 13ක අත්හදා බැලීමට පියවර ගනිමින් සිටිනවා. මෙමගින් ක්‍රීඩකයන්ට නව ක්‍රමය පිළිබඳව අත්දැකීමක් ලබා ගැනීමට හැකිවන්නේ මේ ක්‍රමවේදය ක්‍රියාවට නැංවිය හැකි හොඳම ක්‍රමය කුමක්ද යනුවෙන් ලීගය අධ්‍යයනය කරමින් සිටියදී.
“අභියෝග ක්‍රමවේදය ක්‍රියාත්මක වන ආකාරය දැක බලා ගැනීම පිණිස සියලුම MLB ක්‍රීඩකයන්ට වැදගත් අවස්ථාවක් ලැබෙන පරිදි අපි වසන්ත සෘතු පුහුණුවේදී ABS අත්හදා බැලීමක් කරනවා” යනුවෙන් MLB කොමසාරිස් රොබ් මැන්ෆ්‍රෙඩ් (Rob Manfred) ප්‍රකාශ කරනවා.
“මෙය සෑම බේස්බෝල් ක්‍රීඩාංගණයකම අත්හදා බලන්න යන්නේ නැහැ. නමුත් සෑම කණ්ඩායමකටම මේ නව ක්‍රමයේ වැදගත් අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන සැලැස්මක් අපට තිබෙනවා” යනුවෙන් මැන්ෆ්‍රෙඩ්, ලීගයේ හිමිකරුවන්ට කියා තිබෙනවා.
මේ නව තාක්ෂණය සම්බන්ධයෙන් MLB සහ තරග විනිසුරුවන්ගේ සංගමය අතර දැන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ද ඔහු කියා සිටිනවා.
නව ක්‍රමවේදයට අනුව, මිනිස් විනිසුරුවන් තවදුරටත් බෝල යැවීම හා ප්‍රහාරයන් තීරණය කරනු ඇතත් පිටියේ තීරණවලට අභියෝග කිරීම සඳහා කණ්ඩායම්වලට ලැබෙන්නේ සීමිත අවස්ථා ගණනක්. අභියෝගය සාර්ථක වන කණ්ඩායම්වලට ඒ අවස්ථාව තවදුරටත් රඳවා තබා ගැනීමට හැකිවෙනවා.
සබැඳි පුවතක් :
බොක්සිං තරග විනිශ්චයට ප්‍රථම වතාවට රොබෝ විනිසුරුවෙක්
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






