බාස්කට්බෝල්

“අපි එකිනෙකා සමග එකට හරිවැරදි බලාගත් ඒ මොහොත මම කොච්චර වයසට ගියත්, මගේ මතකය කොච්චර මැකී ගියත්, මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.” (ලබ්‍රොන් ජේම්ස්: NBA තරගයක් ක්‍රීඩා කළ පළමු පිය-පුතු දෙදෙනා බවට පත්වීම සම්බන්ධයෙන්)
බොක්සිං
“ප්‍රතිවාදියා බිම හෙලුවේත් නැහැ, ප්‍රශ්නයකුත් නැහැ. මම ඒ ගැන හිතන්නේ නැහැ. මොකද, මම දිනුවා.” (ඔලෙක්සැන්ඩ ඌසික්: 1999 වසරේ සිට මේ දක්වා පැවති පළමු හෙවිවේට් එක්සත් කිරීමේ සටනේ ටයිසන් ෆියුරී ට එරෙහිව බෙදුනු විනිසුරු තීරණයකින් ජයග්‍රහණය ලැබීමෙන් පසුව)
ක්‍රිකට්
“එංගලන්තය ට ක්‍රීඩා කිරීම ලෝකයේ තිබෙන හොඳම රැකියාවයි. එය ගොඩක් කල් කිරීමට ලැබීම මට ලොකු ගෞරවයක්.” (ජේම්ස් ඇන්ඩසන්: කඩුලු 704ක් ලබා ගෙන විසි වසරක ජාත්‍යන්තර ක්‍රීඩා දිවියක් වයස අවුරුදු 41දී අවසන් කිරීම පිළිබඳව)
“ඇය වැනි ක්‍රීඩිකාවන් බිහිවන්නේ පරම්පරාවකට එක් කෙනෙක් බව අපි සැවොම දන්නවා. ඇය අද රාත්‍රියේ කළේ ඇදහිය නොහැකි දෙයක්. ඇයගේ බෙල්ලා ලෝකය යි.” (නවසිලන්ත නායිකා සොෆී ඩිවයින්: කාන්තා විස්සයි20 ලෝක කුසලාන අවසාන තරගයේදී නවසිලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය තුන් ඉරියව් ක්‍රීඩිකා අමීලියා ක පිළිබඳව)
“ක්‍රිකට් ක්‍රීඩා කරන්න ම පෘථිවියට පැමිණෙන ක්‍රීඩකයන්ගෙන් කෙනෙකි ඔහු. වෙනත් කිසිම දෙයකින් ඔහු සෑහීමට පත්වන්නේ නැහැ.” (ක්‍රිකට් පුහුණුකරු ප්‍රමෝද් කුමාර්: අයි.පී.එල්. කණ්ඩායමක් විසින් කොන්ත්‍රාත්තුවක් ලබා දුන් ළාබලතම ක්‍රීඩකයා වන 13 හැවිරිදි වයිභාව් සූර්යවන්ශි පිළිබඳව)
පාපැදි

“පාපැදි ක්‍රීඩාව මට බොහෝ දේ ලබා දී තිබෙනවා. මම ඒ ක්‍රීඩාවට ආදරෙයි. බයිසිකලයක් මත නැග මට පුළුවන් හැම දෙයක්ම මම ලබා ගෙන තිබෙනවා කියලා මට දැන් කියන්න පුළුවන්.” (වාර්තා බිඳ හෙලූ මාක් කැවන්ඩිෂ්: තරග බිමෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කරමින්)
ෆෝමියුලා වන්

“සිවු වතාවක ලෝක ශූරයා ලෙසින් මෙතන හිටගෙන ඉන්න පුළුවන් වේවි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. එය ඉතාමත් අභියෝගාත්මක ක්‍රීඩා වාරයක්.” (මැක්ස් වර්ස්ටාපන්: සිය සිවුවැනි ලෝක ශූරතා කිරුළ දිනා ගැනීමෙන් පසුව)
පාපන්දු

“අපට ගොඩක් දුක් විඳින්න සිද්ධ වුනා. අපට සත්වයන් වගේ වේදනා විඳින්න සිදුවුනා.” (ස්පාඤ්ඤ ක්‍රීඩක නිකො විලියම්ස්: එංගලන්තය ට එරෙහිව අවසන් මොහොතේ 2-1ක ජයග්‍රහණයක් ලැබ යුරෝ 2024 ශූරතාව හිමිකර ගැනීමෙන් පසුව)
ඔලිම්පික්
*“කාන්තා අංශයේ තරග කරන සියල්ලෝම තරග කිරීම සඳහා වන සුදුසුකමේ නීතිවලට එකඟ වී සිටිනවා. ඔවුන් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍රයට අනුව කාන්තාවන් වන අතර ඔවුන් කාන්තාවන් බවට එහි සඳහන් කර තිබෙනවා.” (ජගත් ඔලිම්පික් කමිටුවේ ප්‍රකාශක මාක් ඇඩම්ස්: ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කලීෆ් සහ තායිවාන බොක්සිං ක්‍රීඩිකා ලින් යූ-ටිං අරබයා හටගත් ලිංගිකත්වයේ මතභේදය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අවස්ථවේ)

“පොදු වශයෙන් මට අවශ්‍ය වුනේ කාන්තාවන්ගේ හා විශේෂයෙන් ඇල්ජීරියානු කාන්තාවන්ගේ ක්‍රීඩා ශක්තිය සහ ඔවුන්ගේ පෙනී සිටීම ප්‍රදර්ශනය කරන්නයි.” (ඉමාන් කලීෆ්: රන් පදක්කම්ලාභී ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාව)

“ඉස්සර වගේ මට දැන් රෙස්ටෝරන්ට් එකකට යන්න බැහැ. මට තනියම මගේ ෂොපිං කරන්න බැහැ. මම තොප්පියකුයි කන්නාඩියකුයි පළඳිනවා. මම පොඩ්ඩක් හැංගෙන්න උත්සාහ කරනවා. එය මගේ තත්ත්වයේ සිදුව තිබෙන රැඩිකල් වෙනසක්.” (ප්‍රංශ ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩක ලෙඔන් මාෂාන්: පැරිසියේදී රන් පදක්කම් හතරක් දිනා ගැනීමෙන් පසුව)
පැරාලිම්පික්

“යුක්රේනය සන්තක ප්‍රදේශයේ පුහුණු වූ සියලු ක්‍රීඩකයන් හා පුහුණුකරුවන්ට රුසියානු මිසයිල හා බෝම්බ් ඩ්‍රෝනවලින් බරපතල තුවාල ලැබීම හෝ මිය යාමේ අවදානමක් සැමවිටම තිබුනා. එය විශ්වාස කිරීමට අමාරු තරමේ දුෂ්කරතාවක්.” (වලේරි සූච්කවිච්: යුක්රේන පැරාලිම්පික් කමිටුවේ සභාපති)

“එය අළුවලින් හදපු ලස්සන දෙයක් කියලා හිතන්න මම උත්සාහ කරනවා. හරියට, ෆීනික්ස් පක්ෂියා යළි නැගිටිනවා වගේ, ඔබ මොන තත්ත්වයක සිටියත්, ඔබේ හදවත හා මනස යොමු කළොත් ඔ්නම දෙයක් ඇත්තටම ඔබට කරන්න පුළුවන් බව ලෝකයට පෙන්විය හැකියි” (අමෙරිකානු පැරාලිම්පික් දුනු විදීමේ ක්‍රීඩිකා ට්‍රේසි ඔටෝ: හිටපු පෙම්වතෙකුගේ සාහසික ප්‍රහාරයකින් ශරීරය අඩපණ වීමෙන් පසුව පැමිණි සිය ගමන ආවර්ජනය කරමින්...)
ටෙනිස්

“මම සමුගන්නේ මම උරුමයක් ඉතිරි කර ගියා කියන සැනසිලිදායක මනසකින් යුතුවයි. ඒ උරුමය ක්‍රීඩාශීලිත්වයේ එකක් පමණක් නොව පෞද්ගලික එකක් ද වන බව මට ඇත්තටම දැනෙනවා.” (රෆාඑල් නෙඩාල්: මලාගා හි පැවති ඩේවිස් කුසලාන අවසාන තරගවලින් පසුව ක්‍රීඩා දිවියෙන් සමුගනිමින්...)

“මම ඔබව පරාජය කළාට වඩා ඔබ මාව ගොඩක් පැරදුවා. මට වෙන කවුරුවත් අභියෝග නොකළ අන්දමට ඔබ මට අභියෝග කළා.” (රොජ ෆෙඩර: විශ්‍රාම යන සිය ප්‍රතිවාදියා වන රෆාඑල් නෙඩාල් පිළිබඳව)

“මට මගේ පියා නැතිවුනාට පස්සේ, හැමවිටම මගේ ඉලක්කය වී තිබුනේ මගේ පවුලේ නම ටෙනිස් ඉතිහාසයේ සටහන් කරන්නයි. මගේ සිහිනය කවදාවත් අත්නොහැර මට ඉදිරියට යන්න අවශ්‍ය හැම දෙයක්ම කළ මගේ පවුලේ අය ගැන මම ආඩම්බර වෙනවා.” (එරීනා සබලැංකා: අමෙරිකානු විවෘත තරගාවලිය ජය ගැනීමෙන් පසුව)
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(සටහන | වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී