රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව)

පිට දඟ පන්දු යවන මේ සුපිරි ක්‍රීඩකයා තරග බිමෙන් විශ්‍රාම ගියේ ටෙස්ට් කඩුලු 537ක් ලබා ගෙන. ඒ, ටෙස්ට් තරග 106කින්. මේ අනුව ඔහු එදා මෙදා තුර වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ 7 වැනි ස්ථානයට පත්ව සිටිනවා.
මීට අමතරව ඔහු ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 තරගවලදී පිළිවෙලින් කඩුලු 156ක් සහ 72ක් වාර්තා කළා.
ටිම් සවුතී (නවසිලන්තය)

සවුතී කඩුලු 776ක් ලබා ගෙන සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කළේ නවසිලන්තයේ එදා මෙදා තුර වැඩිම ජාත්‍යන්තර කඩලු ලබා ගත් පන්දු යවන්නා වෙමින්.
ජේම්ස් ඇන්ඩසන් (එංගලන්තය)

ඇන්ඩසන් විශ්‍රාම ගියේ ඉතිහාසයේ මෙතෙක් බිහිවූ වඩාත්ම සාර්ථක ටෙස්ට් ක්‍රිකට් වේග පන්දු යවන්නා ලෙස වාර්තාවක් තබමින්.
ඔහුගේ නමින් ටෙස්ට් කඩුලු 704ක් සටහන්ව තිබෙන්නේ තරග 188කින්.
ඩේවිඩ් වෝන (ඔස්ට්‍රේලියාව)
ඩේවිඩ් වෝන (ඔස්ට්‍රේලියාව)

සිය පරම්පරාවේ වඩාත්ම කදිම ආරම්භක පිතිකරුවෙකු වූ වෝන ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත්තේ 2024 T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව. ටෙස්ට් ක්‍රිකට් තරග 112ක ක්‍රීඩා කළ ඔහු වාර්තා කර තිබෙන ලකුණු ප්‍රමාණය 8786ක්.
ජාත්‍යන්තර එක්දින තරග 161කට සහභාගි වූ වෝන එහිදී ලකුණු 6932ක් රැස් කළ අතර ජාත්‍යන්තර විස්සයි20 තරග 110කින් ලකුණු 3277ක් ලබා ගත්තා.
ෂිඛර් ධවාන් (ඉන්දියාව)

මේ අලංකාර වමත් පිතිකරුවා සියලු ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහුගේ සමුගැනීම නිවේදනය කළේ 2024 IPL තරගාවලියේ නිමාවත් සමග. ටෙස්ට් තරග බිමේදී ඔහු ඉන්දියාව නියෝජනය කළේ තරග 34ක පමණයි. එහිදී ඔහු ලකුණු 2315ක් රැස් කළා.

බංග්ලාදේශයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ෂකිබ් ටෙස්ට් හා ජාත්‍යන්තර විස්සයි20 තරග බිමෙන් මේ වසරේ සමුගත්තා.

එංගලන්තය සමග ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රාහකයෙකු වන මේ තුන් ඉරියව් ක්‍රීඩකයා ද ගෙවුණු වසරේ තරග බිමෙන් සමුගත්තා.

මීට අමතරව ජාත්‍යන්තර එක්දින තරග 167කින් ලකුණු 6793ක් ලබා ගැනීමට සමත් වූ ධවාන් ඔහු සහභාගි වූ ජාත්‍යන්තර විස්සයි20 තරග 68දී ලකුණු 1759ක් වාර්තා කළා.
ෂකිබ් අල් හසන් (බංග්ලාදේශය)
ෂකිබ් අල් හසන් (බංග්ලාදේශය)

බංග්ලාදේශයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ෂකිබ් ටෙස්ට් හා ජාත්‍යන්තර විස්සයි20 තරග බිමෙන් මේ වසරේ සමුගත්තා.
ටෙස්ට් තරග 71කට සහභාගි වූ ඔහු ලකුණු 4609ක් වාර්තා කර තිබෙන අතර ජාත්‍යන්තර එක්දින තරග 247කට ක්‍රීඩා කරමින් ලකුණු 7570ක් ද, විස්සයි20 තරග 129කදී ලකුණු 2551ක් ද රැස්කර ගෙන තිබෙනවා.
මොයීන් අලි (එංගලන්තය)
මොයීන් අලි (එංගලන්තය)

එංගලන්තය සමග ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රාහකයෙකු වන මේ තුන් ඉරියව් ක්‍රීඩකයා ද ගෙවුණු වසරේ තරග බිමෙන් සමුගත්තා.
එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 68ක් නියෝජනය කළ මොයීන් එහිදී ලකුණු 3094ක් රැස්කර ගැනීමට අමතරව කඩලු 204ක් ද බිඳ හෙලීමට සමත් වුනා.
ජාත්‍යන්තර එක්දින තරග 138කට ක්‍රීඩා කළ ඔහු ලකුණු 2355ක් සහ කඩුලු 111ක් ලබා ගත් අතර විස්සයි20 තරග බිමේදී තරග 92කින් ලකුණු 1229ක් සමග කඩුලු 51ක් ලබා ගැනීමට සමත් වුනා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(සටහන | වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී