පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනා ගත් නෙදර්ලන්තයේ මැරතන් ක්‍රීඩිකා සිෆාන් හසන් (Sifan Hassan) සහ බොට්ස්වානා රටේ කෙටි දුර ධාවන ක්‍රීඩක ලෙට්සීලේ තෙබොගෝ (Letsile Tebogo) 2024 වසරේ හොඳම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස ලෝක මලල ක්‍රීඩා සම්මේලනය නම් කර තිබෙනවා.
ක්‍රීඩාංගණයෙන් පිට සම්මානය ද හිමිකර ගත් හසන් වසරේ මලල ක්‍රීඩිකාව ලෙස නම් කර තිබෙන්නේ ප්‍රංශ අගනුවරදී ඇය ප්‍රදර්ශනය කළ මැරතන් තරගයට එහා ධාවන පථය දක්වා විහිදුනු දක්ෂතා හේතුවෙන්.
දින හතක් අතරතුර ඇය මීටර් 5000 ඉසව්වේ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තේ මූලික තරගයක් හා මීටර් 10,000ක් ද ධාවනය කරමින්. මැරතන් තරගයේදී හසන් රන් පදක්කම දිනා ගත්තේ ඒ වන විට ලෝක වාර්තාව උසුලා ගෙන සිටි ඉතියෝපියාවේ Tigist Assefa තත්පර තුනකින් පරදවමින්.
තෙබොගෝ ඔහුගේ සම්මානය හිමිකර ගත්තේ Stade de France ක්‍රීඩාංගණයේ අවසන් රේඛාව තත්පර 19.46කින් පසු කරමින් මීටර් 200 ඉසව්වේ පළමු අප්‍රිකානු ඔලිම්පික් ශූරයා බවට පත්වීමෙන් පසුව. එදා ඔහු අභිබවා ගියේ එම ඉසව්ව ජය ගනු ඇති බවට ජනප්‍රියව සිටි Kenny Bednarek හා Noah Lyles යන අමෙරිකානු ක්‍රීඩකයන්ව.
ලෝක මලල ක්‍රීඩා සම්මාන 2024
වසරේ ක්‍රීඩිකාව - Sifan Hassan (නෙදර්ලන්තය)
වසරේ ක්‍රීඩකයා - Letsile Tebogo (බොට්ස්වානා)
ජවන ක්‍රීඩිකාව - Sydney McLaughlin-Levrone (අමෙරිකාව)
පිටිය ක්‍රීඩිකාව - Yaroslava Mahuchikh (යුක්රේනය)
ක්‍රීඩාංගණයෙන් පිට ක්‍රීඩිකාව - Sifan Hassan (නෙදර්ලන්තය)
ජවන ක්‍රීඩකයා - Letsile Tebogo (බොට්ස්වානා)
පිටිය ක්‍රීඩකයා - Armand Duplantis (ස්වීඩනය)
ක්‍රීඩාංගණයෙන් පිට ක්‍රීඩකයා - Tamirat Tola (ඉතියෝපියාව)
නැගී එන ක්‍රීඩිකාව - Sembo Almayew (ඉතියෝපියාව)
නැගී එන ක්‍රීඩකයා - Mattia Furlani (ඉතාලිය)
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






