leader s

ටෙස්ට් ක්‍රිකට් ලකුණු 10,000 සන්ධිස්ථානයට පිවිසීම පිණිස ශ්‍රී ලංකාව ට එනතුරු බලා සිටීමට ඔස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් ට සිදුව තිබෙනවා. දින දෙකක් ඇතුළත දෙවැනි වතාවටත් ඔහු එම සන්ධිස්ථානයට පැමිණීමට පෙර දුක් උපදවන අයුරින් දැවී යාම ඊට හේතුව යි.
 
ඉන්දියාව ට එරෙහිව සිඩ්නි හි පැවති තරගයේ සෙනසුරාදා ඔහු එම ඉලක්කයට ලකුණු පහක් අඩුවෙන් තිබියදී දැවී ගියා. ඉක්බිති පැය 24කට පසුව 40,000ක සෙනඟක් ඉදිරියේ ඔහු ලකුණු දසදහසේ සන්ධිස්ථානයට ලකුණක් අඩුවෙන් සිටිමින් දැවී ගියා. ඒ අනුව, මහේල ජයවර්ධන ට පසුව ලකුණු 9999 දැවී ගිය දෙවැනි පිතිකරුවා බවට ස්ටීවන් ස්මිත් පත්වුනා.
 
ටෙස්ට් ලකුණු 10,000 සමාජයට 15 වැනි පිතිකරුවා ලෙස එක්වීමේ ඊළඟ අවස්ථාව පැමිණෙන තෙක් ස්මිත් ට මේ මස අග ගාල්ලේදී ශ්‍රී ලංකාව ට එරෙහි පළමු ටෙස්ට් තරගය ආරම්භ වනතුරු බලා සිටීමට දැන් සිදුව තිබෙනවා.


ඩොන් බ්‍රැඩ්මන් ට පසුව සිටින හොඳම ඔස්ට්‍රේලියානු පිතිකරුවා ලෙසින් නිතර හැඳින්වෙන ස්ටීවන් ස්මිත් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ලකුණු  දසදහසේ සමාජයට සිවුවැනි ඔස්ට්‍රේලියානු පිතිකරුවා වශයෙන් එක්වනු ඇත්තේ ඇලන් බෝඩර්, ස්වීව් වෝ සහ රිකී පොන්ටිං ට පසුව. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවන් අතර ස්මිත් සිටීම පිළිබඳව බෝඩර් සිඩ්නි තරගයට පෙර ඔහු වෙත ප්‍රශංසාව පළ කර සිටියා.

“ලකුණු 57ක් වැනි සාමාන්‍යක් තිබෙන ඉහළම තරාතිරමේ අයගෙන් බ්‍රැඩ්මන්ව ඉවත් කළොත්, ස්මිත් ඉතාමත් හොඳ පිතිකරුවන් අතර ඉහළින්ම සිටිනවා” යනුවෙන් බෝඩර් පවසා තිබුනා. “ඔස්ට්‍රේලියාව ට මීට පෙර සිටියේ ග්‍රෙග් චැපල්, රිකී පොන්ටිං හා ස්ටීව් වෝ වැනි ක්‍රීඩකයන්.”

 

steve smith 07 03 2022
“නමුත් දැන් ස්ටීව් (ස්මිත්) ඒ කණ්ඩායම සමග සම තත්ත්වයට පැමිණ සිටිනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ටෙන්ඩුල්කාර් සහ ලාරාගේ ඉතාම ලොකු ක්‍රීඩා ලෝලියෙක්. ඔවුන් ආශ්චර්යමත් ක්‍රිකට් ක්‍රීඩකයන්. නමුත් ස්ටීව් ද පැහැදිලිවම ඔවුන් සමග සමානව සිටිනවා.”

ඩේවිඩ් වෝනගේ විශ්‍රාම යාමෙන් පසුව ආරම්භක පිතිකරුවකු ලෙස කෙටි කලක් ක්‍රීඩා කිරීම ද ඇතුළත්, වැඩි ලකුණු නොලැබුනු 2023-24 ක්‍රීඩා වාරයකින් පසුව ලකුණු දසදහස කන්දේ අවසන් තරණය සඳහා අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයක් ස්මිත් ට ගතවූවද ටෙස්ට් ලකුණු 8000 වැඩිම වේගයෙන් ලබා ගත් පිතිකරුවා වූයේ ස්මිත්. මීට අමතරව ඔහු ටෙස්ට් ලකුණු 9000 සන්ධිස්ථානයට දෙවැනියට වේගයෙන් පිවිසි පිතිකරුවා ද වුනා. බ්‍රිස්බන් හා මෙල්බර්න් හි දී පිට පිට ලබා ගත් ශතක මත ස්මිත් දැන් ලකුණු 10,000 අද්දරට පැමිණ සිටිය ද එය පසුකිරීම තවත් ප්‍රමාද වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ඔහුගේ දෙවැනි දරුවාගේ උපත නිසා අවම වශයෙන් එක් ටෙස්ට් තරගයකට සහභාගි නොවනු ඇති බවට අපේක්ෂා කෙරෙන බැවින් ස්ටීවන් ස්මිත් ශ්‍රී ලංකා සංචාරයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමට නායකත්වය දීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් අවසන් තරගයට

 

aus c
මේ අතර, ඉන්දියාව ට එරෙහි තරග පහකින් සමන්විත ටෙස්ට් තරගමාලාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පස්වැනි හා අවසාන තරගය දින තුනක් ඇතුළත ජයග්‍රහණය කරමින් ඔස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන තරගයට පිවිසීමට සමත් වුනා. ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ජූනි මාසයේ පැවැත්වෙන අවසාන තරගයට පිවිස සිටින අනෙක් කණ්ඩායම වනුයේ දකුණු අප්‍රිකාව.

සිඩ්නි තරගයේ තෙවැනි දිනයේදී ඉන්දියාව කඩුලු 6කින් ඔස්ට්‍රේලියාවට පරාජය වූයේ ලෝක ටෙස්ට් අවසාන තරගයට පිවිසීමේ ඉන්දියාවේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් සුන් කරමින්. මේ ජයග්‍රහණයත් සමග ඔස්ට්‍රේලියාව මේ තරගමාලාවේ 3-1ක ජයක් වාර්තා කළා. ඉන්දියාව ‘බෝඩර්-ගවස්කාර්’ කුසලානය පරාජය වූයේ වසර 10කට පසුව.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්