leader s

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත එක්දින නායක මිචෙල් සැන්ටර් විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනය කළේය.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේ දී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.

එක් අවස්ථාවක ලකුණු 23ක් ඇතුළත මුල් පෙළේ කඩුලු 4ක් බිඳ වැටී ශ්‍රී ලංකා පිල දැඩි අසීරු අඩියකට පත්ව සිටි අතර එහි දී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු (56) සහ ජනිත් ලියනගේ (36) එක්ව ගොඩනගන ලද ලකුණු 87 ක් සම්බන්ධතාවය හරහා යම්කිසි අස්වැසිල්ලක් ශ්‍රී ලංකා පිලට ලබා දීමට සමත්වුණි.

මීට අමතර මැදපෙළ පිතිකරුවන් ලෙසින් වනිඳු හසරංග ලකුණු 35 ක් සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 22 ක් බැගින් ලබා ගැනීමට සමත්විය.

 

odi1
සෙසු එකදු පිතිකරුවකු හෝ ලකුණු 10 සීමාව ඉක්මවා යාමට සමත් නොවීම ශ්‍රී ලංකා පිලේ දුර්වල පිතිහරඹය මොනවට කියාපාන්නකි.

අද දින ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඒෂාන් මාලිංග එක්දින වරම් දිනාගැනීමට සමත්වීම විශේෂ සිදුවීමකි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි සිය පන්දු වාර 10 තුළ දී ලකුණු 19කට කඩුළු 4 ක් දවා ගැනීමට සමත්විය.

ලකුණු 178ක පහසු ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26යි පන්දු දෙකක් අවසානයේ එක් කඩුල්ලක් දැවි ලකුණු 180ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණ ගත්තේය.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්