leader s

ජෝර්ජ් අගස්ටින් (වමේ) සහ ජස්වර් උමාර් කුසලානය සමග
 
ජගත් පාපන්දු සම්මේලනයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 200 ට උසස් වූ සාර්ථක ගෙවුණු වසරකින් පසුව ජස්වර් උමාර්ගේ මූලිකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) නව වසර ආරම්භ කරන්නේ මෙරට තරුණ ක්‍රීඩකයන් වෙනුවෙන් දැවැන්ත තරගාවලියක් දියත් කරමින්.
 
පාපන්දු සම්මේලනයේ මඟ පෙන්වීම යටතේ මැන්චෙස්ට පාපන්දු ඇකඩමිය - Manchester Soccer Academy (MSA) - ප්‍රථම වතාවට පවත්වන මේ තරගාවලිය නම් කර තිබෙන්නේ ‘ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිගේ යොවුන් කුසලානය 2025 -FFSL President’s Youth Cup 2025 - යනුවෙන්.
MSA 1
 
ජනවාරි 13 වැනි දින ආරම්භ වී පෙබරවාරි 23 දක්වා දිවෙන මේ තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ තුරඟ තරග පිටියේ සහ බැද්දගාන පාපන්දු සංකීර්ණ ක්‍රීඩාංගණයේ. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වනුයේ මැන්චෙස්ට, කොළඹ, සෝන්ඩර්ස්, ජාවා ලේන්, බාසිලෝනා සහ කොළඹ යූත් යන පාපන්දු සමාජ. ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් 100,000ක් ද, අනුශූරයන්ට රුපියල් 50,000ක් ද පිරිනමන බව සංවිධායකයන් පවසනවා. 

ශ්‍රී ලංකාවේ සිටින පාපන්දු ක්‍රීඩාවට උනන්දුවක් දක්වන තරුණයන්ට ඉහළම තාක්ෂණයේ පාපන්දු පුහුණුවක් ලබා දීමට කැපවී සිටින ආයතනයකි මැන්චෙස්ට පාපන්දු ඇකඩමිය. 

නවීනතම පහසුකම් හා පළපුරුදු පුහුණුකරුවන් සමග MSA අවධානය යොමුකර තිබෙන්නේ ක්‍රීඩකයන්ගේ කුසලතා වර්ධනය, ක්‍රීඩාශීලිත්වය අවධාරණය කිරීම හා ක්‍රීඩකයන්ගේ චරිත දියුණුව පිළිබඳව. විවිධ වයස් කාණ්ඩ වෙනුවෙන් පරිපූර්ණ පුහුණු වැඩසටහන් පිළිගන්වන මේ ඇකඩමිය වර්ධනය සහ උසස් තත්ත්වය සඳහා උනන්දු කරවන පරිසරයක් ඇති කිරීමට ධෛර්යය ලබා දෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණයෙන් ජස්වර් උමාර්ගේ කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
‌FFSL – MSA මංගල තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පාපන්දු නිවහනේ පැවැත්වුනා. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැමවිටම තරුණ පාපන්දුවේ දියුණුවට කැපවී සිටින බව සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා එහිදී කියා සිටියේ තරුණ පාපන්දු ප්‍රජාව වෙනුවෙන් මේ නව වසරේ වැඩසටහන් බොහොමයක් ආරම්භ කරන බව ද සඳහන් කරමින්.
 
“අපේ ඒ කැපවීමට මේ තරගාවලිය හොඳ සාක්ෂියක්. මැන්චෙස්ට පාපන්දු ඇකඩමිය සමග හවුල් වීමෙන් අපේ අරමුණ වී තිබෙන්නේ තරුණ පාපන්දු ක්‍රීඩකයන්ට ඔවුන්ගේ කුසලතා මුවහත් කිරීම, ඔවුන්ට වටිනා අත්දැකීම් ලබා දීම සහ පාපන්දු තරුවල ඊළඟ පරම්පරාව පෙළඹවීමේ වේදිකාවක් සැපයීම. මේ තරගාවලියේදී ප්‍රදර්ශනය වන කැපී පෙනෙන සහජ කුසලතාවන් දැක බලා ගැනීමට අපි මහත් උනන්දුවෙන් බලා සිටිනවා.”
 
මැන්චෙස්ට පාපන්දු ඇකඩමියේ ප්‍රධානී ජෝර්ජ් අගස්ටින් මහතා ද මෙහිදී අදහස් දක්වමින්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමග එක්ව මේ යොවුන් තරගාවලිය පැවැත්වීමට හැකිවීම පිළිබඳව තම ආයතනය ඉතාමත් සතුටට පත්ව සිටින බව පැවසුවා. මේ තරගාවලියට සහභාගි වන තරුණයන් පාපන්දුවේ දියුණු වෙමින් තරග බිමේ උත්කෘෂ්ට වනු දැකීම තම ආශාව බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්