ටලිබාන් රජය විසින් කාන්තාවන්ගේ අයිතීන් පාගා දැමීම හේතුවෙන්, ඇෆ්ගනිස්තානය ට එරෙහිව ලබන මාසයේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගය වර්ජනය කරන ලෙසට බ්‍රිතාන්‍ය දේශපාලනඥයින් 160කට වැඩි දෙනෙක් එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලයට (ECB) බලකර සිටිනවා.
ටලිබාන්වරු 2021 වසරේදී ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසුව කාන්තාවන්ට ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙන්නේ කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කළ යුතු බවට ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) සිය අනුබද්ධිත රටවලට පනවා තිබෙන නීතිරීතිය නොසලකා හරිමින්.
එංගලන්ත පිරිමි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි 26 වැනිදා ලාහෝරයේදී ඇෆ්ගනිස්තානය සමග තරග වැදීමට නියමිතයි. එංගලන්ත ප්‍රතිසංස්කරණ නායක Nigel Farage සහ හිටපු කම්කරු පක්ෂ නායක Jeremy Corbyn වැනි පුද්ගලයන් ඇතුළු House of Commons හා House of Lords යන දෙපර්ශවයේ සන්ධානයක්, ටලිබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයේ තරුණියන්ට හා කාන්තාවන්ට බියවද්දන ආකාරයෙන් සැලකීමට එරෙහිව හඬ නගන ලෙසට ECB ට බලකර තිබෙනවා.

ටලිබාන්වරුන්ගේ ප්‍රතිපත්ති එසේ තිබියදී ඇෆ්ගනිස්තානය දිගටම ICCයේ අනුමැතිය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් බිමේ තරග කරමින් සිටිනවා. මේ වෙනුවෙන් එක්සත් වූ ජාත්‍යන්තර ප්‍රතිචාරයක් කැඳවා සිටින ECB ප්‍රධාන විධායක නිලධාරී Richard Gould, ටලිබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් හා තරුණියන්ට සලකන ආකාරය පිළිබඳව ECBය ඉතාමත් දැඩි අප්‍රසාදය පළ කරන බව කියා සිටිනවා.
“සියලු සාමාජික රටවල් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය වෙනුවෙන් කැපවිය යුතු බව ICC ව්‍යවස්ථාවෙන් නියෝග කර තිබෙනවා. මේ කැපවීමට අනුව ඇෆ්ගනිස්තානය සමග ද්විපාර්ශ්වික ක්‍රිකට් තරග කිසිවක් ක්‍රීඩා නොකරමින් ECBය ඔවුන්ගේ ආකල්පය පවත්වා ගෙන ගොස් තිබෙනවා.”
“සියලු සාමාජික රටවල් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය වෙනුවෙන් කැපවිය යුතු බව ICC ව්‍යවස්ථාවෙන් නියෝග කර තිබෙනවා. මේ කැපවීමට අනුව ඇෆ්ගනිස්තානය සමග ද්විපාර්ශ්වික ක්‍රිකට් තරග කිසිවක් ක්‍රීඩා නොකරමින් ECBය ඔවුන්ගේ ආකල්පය පවත්වා ගෙන ගොස් තිබෙනවා.”
“ICCය තුළ තවදුරට ජාත්‍යන්තරව ක්‍රියා කිරීමේ එකඟත්වයක් නැති බැවින් එවැනි පියවරක් ගන්නා ලෙසට කියා සිටිමින් ECBය දිගටම ක්‍රියාකාරීව කටයුතු කරනවා. තනි සාමාජිකයන් විසින් ගන්නා ද්විපාර්ශ්වික ක්‍රියා මාර්ගයන්ට වඩා ICCය සම්බන්ධ වී කරන පුළුල් ප්‍රවේශය සැලකිය යුතු ආකාරයේ වැඩි තද බලපෑමක් ඇති කරනවා.”

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර එක්දින (ODI) ශ්‍රේණිග කිරීම්වල අට වැනි ස්ථානය දක්වා ඉහළට පිවිසෙමින් මෑත වසරවල ප්‍රමුඛත්වයක් අත්කර ගෙන සිටිනවා. 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය පරාජය කළ ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසියේ ඔස්ට්‍රේලියාව තරගාවලියෙන් ඉවතට විසි කිරීමට සමත් වෙමින්.
කාන්තාවන්ගේ මානව අයිතීන් පිරිහීමේ තත්ත්වය උපුටා දක්වමින් ඔස්ට්‍රේලියාව පසුගිය වසරේදී ඇෆ්ගනිස්තානය ට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 තරගමාලාවක් අහෝසි කළා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
කාන්තාවන්ගේ මානව අයිතීන් පිරිහීමේ තත්ත්වය උපුටා දක්වමින් ඔස්ට්‍රේලියාව පසුගිය වසරේදී ඇෆ්ගනිස්තානය ට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 තරගමාලාවක් අහෝසි කළා.
(සටහන | වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






