leader s

පැරාලිම්පික් ක්‍රීඩක අබ්දුල්ලා හයියෙයි (Abdullah Hayayei)ගේ මරණය මිනීමැරුමක් බවට චෝදනා කරමින් එංගලන්ත මලල ක්‍රීඩා ආයතනයට හා හිටපු පැරාලිම්පික් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

 

මිටිය, යගුලිය හා කවපෙත්ත විසිකිරීමේ ක්‍රීඩකයෙකු වන අබ්දුල්ලා මිය ගියේ එවැනි ඉසව්වලට සහභාගි වන ක්‍රීඩකයන් වටා ඉදිකර තිබෙන යකඩ කූඩුව ඔහුගේ ශරීරය මත කඩා වැටීමෙන්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මලල ක්‍රීඩකයෙකු වන මේ 36 හැවිරිදි පස් දරු පියා මෙසේ මරුමුවට පත්වූයේ 2017 වසරේ ලන්ඩනයේ පැවති ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලට සූදානම් වෙමින් සිටියදී. ලන්ඩන් අගනුවර නිව්හැම් විවේක මධ්‍යස්ථානයේදී යගුලිය දැමීම පුහුණු වෙමින් සිටියදී කඩා වැටුනු යකඩ කූඩුවට පොඩි වී ඔහු 2017 ජූලි 11 වැනිදා මිය ගියේ එම ක්‍රීඩා උළෙල ආරම්භ වීමට දින තුනක් තිබියදී.

https prod.static9.net

 

අබ්දුල්ලා හයියෙයි 2016 රියෝ පැරිලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීම හා යගුලිය දැමීම ඉසව්වල තරග කළ ක්‍රීඩකයෙක්. 

මේ මරණය සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් පසුව රාජ්‍ය පැමිණිලි සේවාව විසින් එංගලන්ත මලල ක්‍රීඩා ආයතනයට ඒකාබද්ධ මනුෂ්‍ය ඝාතනයේ ද, එවකට ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ ක්‍රීඩා ප්‍රධානියාව සිටි කීත් ඩේවිස් ට පූර්ණ නොසැලකිලිමත්කම නිසා සිදුවූ මිනීමැරීමේ ද, චෝදනා එල්ල කරමින් දැන් නඩු පවරා තිබෙනවා. 

රැකියාව කරමින් සිටියදී සෞඛ්‍ය හා ආරක්ෂාවේ පනත ද මේ චෝදනා ගොනු කිරීමට අදාළ කරගෙන තිබෙනවා. එංගලන්ත මලල ක්‍රීඩාවේ පාලකයන් හා 77 හැවිරිදි ඩේවිස් ජනවාරි 31 වැනිදා වෙස්ට්මින්ස්ට මහේස්ත්‍රාක් අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි.

 

V liDCTT8WKXJkyseYWMzVqLGaQIoYUIc4MSbM8e IhnOPaU7tQZFXFZwaicYUaMlPCrEnZR3p2qMnWB8 e87Q

ඒකාබද්ධ මනුෂ්‍ය ඝාතනය සඳහා ලැබෙන දඬුවම්වලට සීමා රහිත මුදල් දඩයක් ඇතුළත් වන අතර නොසැලකිල්ල නිසා සිදුවූ මනුෂ්‍ය ඝාතනයට සිරදඬුවමක් නියම කිරීමට ඉඩ තිබෙනවා.

හයියෙයි 2016 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී F34 අංශයේ තරග වදිමින්, හෙල්ල විසිකිරීමෙන් 6 වැනි ස්ථානය ද, යගුලිය දැමීම ඉසව්වෙන් 7 වැනි ස්ථානය ද ලබා ගත්තා. කටාර් දේශයේ ඩෝහා අගනුවර පැවති 2015 ලෝක ශූරතාවලියේදී  කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ 5 වැනි ස්ථානයට පත්වූ හයියෙයි යගුලිය දැමීම ඉසව්වේ 8 වැනි ස්ථානයට පත්වුනා.

2017 වසරේ ජූලි මාසයේ සිදුවූ ඔහුගේ මරණයෙන් පසුව අබ්දුල්ලා හයියෙයි ට ගෞරව කිරීමක් වශයෙන් ලෝක ශූරතාවලියේ සමාරම්භක උත්සවයේ නිහඬ මොහොතක් පැවැත්වූවා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්