leader s

ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තා සහභාගිත්වය සම්බන්ධයෙන් තිබෙන ජගත් ක්‍රිකට් කවුන්සලයේ ම නියෝග ක්‍රියාත්මක කරන ලෙසට

එංගලන්ත රජය ජාත්‍යන්තර ක්‍රිකට් බලධාරීන්ට තදින් ආයාචනය කරනවා.

රජය මෙසේ ICCයට බලකර සිටින්නේ ඇෆ්ගනිස්තානය ට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත චැම්පියන්ස් කුසලාන තරගය වර්ජනය කරන ලෙසට එල්ල වන පීඩනයට එංගලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙමින් සිටින අවස්ථාවක.

පෙබරවාරි 26 වැනි දින පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තානය සමග තරගය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප  කරන ලෙසට බ්‍රිතාන්‍ය දේශපාලනඥයින් 160කට වැඩි පිරිසක් එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලයෙන් (ECB) ඉල්ලා තිබෙන්නේ ටලිබාන්වරු 2021දී බලයට පත්වීමෙන් පසුව කාන්තාවන්ට ක්‍රීඩාවන්හි නියැලීම තහනම් කර තිබෙන බව නැවත නැවතත් පෙන්වා දෙමින්.

මේ ඇෆ්ගන් ප්‍රතිපත්තිය ICC නීති උල්ලංඝණය කිරීමක් වනුයේ සෑම සාමාජික රටක්ම පිරිමි මෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවටද සහයෝගය දිය යුතු බවට නියෝගයක් තිබෙන බැවින්.

එවැනි නීතියක් තිබියදීත් ඇෆ්ගනිස්තාන පිරිමි ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරගාවලියන්හි ක්‍රීඩා කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) අවසර දී තිබෙනවා.

ඇෆ්ගනිස්තානය සමග තරගය වර්ජනය කරන ලෙසට කෙරෙන ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ECB ප්‍රධාන විධායක රිචඩ් ගෝල්ඩ් (Richard Gould), තමා ද්විපාර්ශ්වික තීරණවලට වඩා ඒකාබද්ධ ක්‍රියා මාර්ගයන්ට කැමති බව ප්‍රකාශ කර තිබෙනවා.

තරගයට සහභාගි නොවීම යනු තරගාවලියේ ලකුණු අඩුවීමක් බව ඔහු පෙන්වා දෙනවා.

උද්ගතව තිබෙන මේ තත්ත්වය සම්බන්ධයෙන් එංගලන්ත අගමැති Keir Starmerගේ ප්‍රකාශකයෙක් මෙසේ නිවේදනය කර තිබෙනවා.


“ICCය පැහැදිලිවම ඔවුන්ගේ ම නීති ක්‍රියාත්මක කරමින් ඔවුන් ද ECBය වගේම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දක්වන බවට වගබලා ගත යුතුයි. ටලිබාන් විසින් කාන්තාවන්ගේ හා තරුණියන්ගේ අයිතීන් දියකර හැරීම පැහැදිලිවම පිළිකුල් සහගතයි. අපි මේ කාරණයේදී ECB එක්ක වැඩ කරනවා. අපි ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. අවසානයේ මෙය චැම්පියන්ස් කුසලානය සම්බන්ධ ICCයේ කාරණයක්.”


“බොහෝ කලක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩාව ඇෆ්ගනිස්තාන ජනතාවට බලාපොරොත්තුවේ ආලෝකයක්ව තිබූ බව අපි මතක තබා ගත යුතුයි. කාන්තා කණ්ඩායම මර්දනය කර තිබෙන ආකාරය ඉතාම දරුණුයි” යනුවෙන් ICC හිටපු සභාපති ග්‍රෙග් බාක්ලේ (Greg Barclay) පැවසුවා. ඇෆ්ගනිස්තානය සමග ද්විපාර්ශ්වික තරගමාලා ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින අතරතුර ඔවුන් සමග ජගත් ක්‍රිකට් කවුන්සලයේ තරගාවලියන්ට ක්‍රීඩා කිරීමේ ECB හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඇතුළු සමහර ක්‍රිකට් පාලක මණ්ඩලවල ප්‍රතිපත්තිය ඔහු මෑතකදී විවේචනයට ලක්කළා.


drerf“ඔබට ඇත්තෙන්ම දේශපාලනික ප්‍රකාශයක් කරන්න අවශ්‍ය නම්, ඇෆ්ගනිස්තානය සමග ලෝක කුසලාන තරගාවලියක ක්‍රීඩා කරන්න එපා” යනුවෙන් බාක්ලේ ප්‍රකාශ කරනවා. “ඔව්, සහතික වශයෙන් ම ඒ නිසා ඔබට අවසන් පූර්ව වටයේ ස්ථානයක් අහිමි වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්ති නම් ප්‍රතිපත්ති විය යුතුයි. ප්‍රතිපත්තියකින් භාගයක් තියාගන්න බැහැ.”


බාක්ලේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය වෙනුවෙන් ද කතා කරමින් මෙසේ අවධාරණය කළා.


“මෙය ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් මණ්ඩලයේ වරදක් නෙවෙයි. ඔවුන්ට මීට පෙර කාන්තා ක්‍රිකට් තිබුණා. ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පයින් ගහලා එළියට විසිකරන්න ලේසියි. නමුත් ඔවුන්‌ගේ ක්‍රිකට් පාලක මණ්ඩලය කිසිම වරදක් කර නැහැ. කණ්ඩායම එළියට දැමීම ගැන එරට පාලනය කරන්නන් තුට්ටුවකටවත් ගණන් ගනීවි කියා මම හිතන්නේ නැහැ.”


warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්