leader s

ශ්‍රී ලංකා පාපන්දුවේ අලුත්ම ගෝලලාභියා බවට පත්ව සිටින ජැක් හින්ගර්ට් (Jack Hingert) නමැති ඔස්ට්‍රේලියානු-ඉංග්‍රීසි ජාතිකයාට තිබෙන ශ්‍රී ලාංකේය උරුමය පිළිබඳව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය දැනගත්තේ කෙසේදැයි ඔහුට නිශ්චිතව කියන්න බැහැ.

 

එංගලන්තයේ ලන්ඩන් අගනුවර උපන් ඔහු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට ගියේ නව යොවුන් වියේ සිටියදී. ඔහු සිය වෘත්තීය පාපන්දු ක්‍රීඩා දිවිය සම්පූර්ණයෙන්ම ගත කරමින් සිටින්නේ ක්වීන්ස්ලන්තයේ.


එබැවින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම පිණිස ඔහුට ඇති ජාත්‍යන්තර සුදුසුකමක හෝඩුවාව ඉතා හොඳින් වැසී තිබුණා.

නමුත් 2020 වසරේදී, ඔහුව සම්බන්ධ කර ගැනීමට එවකට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ කළමනාකරු/පුහුණුකරුව සිටි අමිර් එලාජික් (Amir Alagic) සමත් වුනා.

ශ්‍රී ලාංකික පවුලේ සබඳතා


හින්ගර්ට් ශ්‍රී ලංකාව සමග සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවේ උපත ලද බර්ගර් ජාතිකයෙකු වන ඔහුගේ පියා මාර්ගයෙන්.

ශ්‍රී ලාංකික බර්ගර් ජාතිකයන් ලන්දේසි, පෘතුගීසි හා ශ්‍රී ලාංකික පෙළපතෙන් මිශ්‍ර වූ කුඩා ජනවාර්ගික සමූහයක්. මෙයින් බොහෝ දෙනා අද ලෝකය පුරා ජීවත් වන්නේ ඩයස්පෝරා ප්‍රජාවන් ලෙස.
 
ජැක් හින්ගර්ට්
 
හින්ගර්ට්ගේ පියා සංක්‍රමණය වූයේ හැට ගණන්වල වූව ද ඔහු සහ ඔහුගේ පුතාගේ ශ්‍රී ලංකාව සමග තිබෙන සබඳතාව ශක්තිමත් ලෙස රැඳී පැවතුනා.

ඔවුන්ගේ පවුලේ වැඩි දෙනෙක් තවමත් ශ්‍රී ලංකාවේ කල් ගෙවන අතර මෙයින් සමහරුන්ට දැනුත් කොළඹ මුහුදු වෙරළේ අවන්හලක් අයිතිව තිබෙනවා.

එහෙත් සෑහෙන නෑදෑ පිරිසක් ලන්ඩනයටත් එතැනින් මෙල්බර්න් නගරයටත් සංක්‍රමණය වී තිබෙන්නේ හින්ගර්ට්ගේ ආසන්නතම පවුලේ අය සංක්‍රමණය වූ කාලයේ ම යි.

 
BRISBANE, AUSTRALIA - JUNE 13: Jack Hingert of the Roar kicks the ball clear from Al Hassan Toure of Adelaide during the A-League Elimination Final match between Brisbane Roar and Adelaide United at Moreton Daily Stadium, on June 13, 2021, in Brisbane, Australia. (Photo by Bradley Kanaris/Getty Images)
“මෙල්බර්න්වල අපේ පවුලේ හැම සාදයක්ම සම්පූර්ණයෙන් ශ්‍රී ලාංකිකයි. ඊටත් එහෙ අපට ඉතා ලොකු ශ්‍රී ලාංකික පවුලක් ඉන්න නිසා හැම සතිඅන්තයකම වාගේ පවුලේ පාටියක් තිබුනා” යනුවෙන් හින්ගර්ට් පවසනවා.

“මගේ ජීවිතය පළමු දිනයේ පටන් ම ලොකු සාදයක් බවට පත්වෙලයි තිබුනේ.”

ශ්‍රී ලාංකික උරුමය

2020 වසරේදී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධානියා බවට පත්විමෙන් පසුව බොස්නියානු-ඔස්ට්‍රේලියානු වෘත්තීය පාපන්දු කළමනාකරුවකු වන අමිර් එලාජික් (Amir Alagic), විදේශයන්හි තරග කරමින් සිටින ශ්‍රී ලාංකික උරුමයක් තිබෙන ක්‍රීඩකයන් හඳුනා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් අර්ධ වෘත්තීය මට්ටමෙන් තිබූ ක්‍රීඩක සංචිතය ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන්.
 
29d40f f231210d74eb4b9fa9f18f036d591e6fmv2අමිර් එලාජික්
එතැන් සිට, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ කොටසක් බවට පත්ව සිටින අවම වශයෙන් ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් සමන්විත ඩයස්පෝරාවේ කෙනෙකි ජැක් හින්ගර්ට්.

ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) ශ්‍රේණිගත කිරීමේ අංක 50කින් වෙන්ව සිටින කණ්ඩායම් දෙකක් අතර පැවති තරගයකදී ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් යේමනය පරාජය කිරීම පසුගිය නොවැම්බර් ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේ සිදුවූ ලොකුම පෙරැළිය යි.

ඒ අනපේක්ෂිත සිදුවීමේ කේන්ද්‍රස්ථානයේ සිටියේ Brisbane Roar කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන ජැක් හින්ගර්ට්. එම තරගයේ 89 වැනි මිනිත්තුවේ හින්ගර්ට් ලබා ගත් ජයග්‍රාහී ගෝලය ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් පළමු ගෝලය පමණක් නොව මේ 34 හැවිරිදි ක්‍රීඩකයාගේ වර්ධනය වෙමින් තිබෙන ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ කිරුළ පැලඳුනු මොහොත ද වුනා.
රටවල් 210ක් අතරින් වර්තමානයේ අංක 200ට පැමිණ සිටින ශ්‍රී ලංකාව ඉතිහාසයේ වැඩි කාලයක් ම සිටියේ පාපන්දුවේ පාදක සටහනක් ලෙස. ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලියකට සුදුසුකම් ලැබීමේ අහලකටවත් ඔවුන් පැමිණ නැහැ.

නමුත් දැන්, ජැක් හින්ගර්ට් ශ්‍රී ලංකා පාපන්දුවේ නැවත ඉපදීමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටිනවා.

එය ඔහු කිසිදිනෙක බලාපොරොත්තු නොවූ කාර්යයක්. නමුත් එය මීට පෙර ඔහු පාපන්දු පිටියක සිටි සෑම අවස්ථාවකටම වඩා ඔහුට වැදගත් වී තිබෙනවා.
 
download 14
“ඔබ නිකම් නගරයක්, ටවුමක්, ප්‍රාන්තයක් නියෝජනය කරනවා නෙවෙයි. ඔබ නියෝජනය කරන්නේ මුළු රටකම ජනතාවක්. එය වෙනස් ම ආකාරයක වගකීමක්” හින්ගර්ට් පවසනවා. “ඔබ නියෝජනය කරන්නේ ඔබේ පවුල යි.”
විදේශයන්හි උපන් ක්‍රීඩකයන් සැමවිටම ලොව වටා ඇති ජාතික කණ්ඩායම්වල වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබෙනවා.

වසර 1930 සිට 2018 දක්වා කාලය තුළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ක්‍රීඩා කර තිබෙන ක්‍රීඩකයන් 10,137 දෙනා පිළිබඳව අධ්‍යයනයක් කළ විට පෙනී ගොස් තිබෙන්නේ ඔවුන්ගෙන් සියයට 10ක ප්‍රමාණයක් නියෝජනය කර තිබෙන්නේ ඔවුන් උපන් රට නොව වෙනත් රටක් බව. 2022 තරගාවලියේදී එම ප්‍රතිශතය 16 ට වඩා වැඩිවී තිබුනා.

එලාජික්ගේ මුල් ප්‍රවේශයට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් වැඩිදුර කල්පනා කිරීමට හින්ගර්ට් ට අවශ්‍ය වුනේ නැහැ. “ඔවුන් ඒ ගැන කියපු වෙලාවෙම මම ඒකට කැමති වුනා” ඔහු කියනවා. “ඒ, මගේ පවුලේ අය සහ මගේ උරුමය සමග නැවත එකතු වෙන්න අවස්ථාවක් ලැබුනු නිසා වෙන්න ඇති.”

රටේ පාපන්දු කීර්තිය ඉහළ නැංවීමේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) මෙහෙයුම විසින් ද ඔහු පොළඹවනු ලැබුවා.
 
FIFA Srilanka 2023.08.28රටේ පාපන්දු කීර්තිය ඉහළ නැංවීමේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) මෙහෙයුම විසින් ද ඔහු පොළඹවනු ලැබුවා.
“ශ්‍රී ලාංකික පාපන්දුව දෙස දීර්ඝ කාලයක් තිස්සේ බැලුවේ පහත් මට්ටමින්. සැමවිටම ඔවුන්ට පයින් ගසමින් ඔවුන්ව පසෙකට විසිකළා” යනුවෙන් හින්ගර්ට් ප්‍රකාශ කරනවා.

“එය එවැනි දුර්වලයෙකුගේ කතාන්දරයක්. එහෙම කතාවකදී කිසිම කෙනෙක් ඔබ වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ නැහැ.”

“නමුත් දැන් ඉතිහාසයේ කොටසක් වෙමින්, එකට එකතු වී කණ්ඩායමක් නිර්මාණය කර, ඇත්තටම විශේෂ යමක් කරමින් ශ්‍රී ලංකාව ට අයිති විය යුතු ඒ පිළිගැනීම ලබා ගැනීමේ නියම අවස්ථාවක් ඇවිත් කියලා මට දැනුනා.”

එහෙත් ඒ මුල් සම්බන්ධයෙන් පසුව පැමිණියේ නිහඬතාවක්.

ශ්‍රී ලංකා කණ්ඩායම කටාර් දේශයේදී මුණගැසීම

අවසානයේ ශ්‍රී ලංකා පාපන්දු සංචිතය සමග එක්වීම සඳහා හින්ගර්ට් ට හැකිවූයේ කොවිඩ් වසංගතයේ දරුණු ම අවධිය ගෙවී යාමෙන් පසුව.
 
1633522157එලිජික්ගේ මුල් ප්‍රවේශයෙන් වසර දෙකකට පසුව 2022 සැප්තැම්බරයේ කටාර් දේශයේ Aspire ඇකඩමියේ පුහුණු කඳවුරකට සහභාගි වන ලෙසට හින්ගර්ට් ට කැඳවීමක් ලැබුණා.
එලිජික්ගේ මුල් ප්‍රවේශයෙන් වසර දෙකකට පසුව 2022 සැප්තැම්බරයේ කටාර් දේශයේ Aspire ඇකඩමියේ පුහුණු කඳවුරකට සහභාගි වන ලෙසට හින්ගර්ට් ට කැඳවීමක් ලැබුණා.

මේ ඇකඩමිය තරුණ කුසලතා ඔප්නැංවීමට කැපවී සිටින සුපිරි ක්‍රීඩා ආයතනයක්. කටාර් පාපන්දු සම්මේලනය සමග තිබෙන හවුල්කාරිත්වය හේතුවෙන් එම ස්ථානය ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඔවුන්ගේ මව්රටෙන් පිට නවාතැන බවට පත්ව තිබුනා.

හින්ගර්ට් ඔහුගේ මංගල ජාත්‍යන්තර පාපන්දු තරගයට ක්‍රීඩා කළේ 2024 වසරේ මාර්තුවේ. ඒ, කොළඹ තුරඟ තරග පිටියේ.

“ශ්‍රී ලාංකික ජර්සිය පැළඳ මම පළමු වතාවට පිටියට පිවිස ජාතික ගීය අසද්දී එය මට ඉතාමත් සංවේදී අවස්ථාවක් වුනා” යනුවෙන් හින්ගර්ට් පවසනවා.
“මගේ මවුපියන් ඒ තරගය බලන්න ශ්‍රී ලංකාව ට ගුවනින් පැමිණියා. තවමත් කොළඹ ජීවත් වන මගේ පවුලේ අයත් ඒ තරගය නැරඹීමට ආවා.”

“මගේ පියාගේ පැත්තේ සීයයි ආච්චියි දැන් ජීවතුන් අතර නැහැ. නමුත් ශ්‍රී ලංකා ජාතික ගීය වාදනය වෙද්දී ක්‍රීඩා පිටියේ සිටගෙන මම ඔවුන් ගැන මෙනෙහි කළා. ඔවුන් එතන හිටියා නම් කොච්චර ආඩම්බර වේවිද කියලා මට හිතුනා. ඔවුන් ස්වර්ගයේ සිට මා දෙස බලා සිටින හැඟීමක් මට ඇති වුනා. එය විකාර රූපී මොහොතක්.”

ක්ෂිතිජයේ පෙනෙන ආසියානු කුසලාන සුදුසුකම
 xdfrte345ජස්වර් උමාර්
 
2024 වර්ෂය ශ්‍රී ලංකා පාපන්දුවට සාර්ථක වසරක් වූයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ ප්‍රාණවත් වැඩසටහන් හේතුවෙන්. යේමනය ට එරෙහි මිත්‍ර තරගයේ ජයග්‍රහණයට අමතරව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2024 වසර අවසන් කළේ 2027 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම තවමත් හඹා යමින් සිටියදී. ඒ සඳහා ඔවුන්ට අවස්ථාව උදාවූයේ සැප්තැම්බරයේ කාම්බෝජියාව ට එරෙහිව වාර්තා කළ පෙනල්ටි ජයග්‍රහණය.
ආසියාවේ ප්‍රධාන පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව එදා මෙදා තුර පැමිණි වැඩිම දුර මෙය යි.

2027 තරගාවලිය සඳහා තවත් බොහෝ දුරක් යා යුතුව තිබුන ද ඩයස්පෝරා පාපන්දු තරු කණ්ඩායමට එන්නත් කිරීමෙන් ශ්‍රී ලාංකික පාපන්දුවට දැනටමත් ධනාත්මක බලපෑමක් ලැබී තිබෙන බව හින්ගර්ට් සඳහන් කරනවා.
 
xdgstgආසියාවේ ප්‍රධාන පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව එදා මෙදා තුර පැමිණි වැඩිම දුර මෙය යි.
ඩයස්පෝරා ක්‍රීඩක ආදේශය

මේ අතර, ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ උත්සාහය හමුවේ කණ්ඩායම තවත් ශක්තිමත් කරමින් පාපන්දු සම්මේලනය ශ්‍රී ලාංකික පෙළපතකින් එන තවත් විදෙස් ක්‍රීඩකයන් තිදෙනෙක් නොබෝදා සංචිතයට බඳවා ගත්තා. නෙදර්ලන්තයේ Remiyan Muthuccumaru, එංගලන්තයේ Garrett Kelly සහ ඔස්ට්‍රේලියාවේ William Thomason එම ක්‍රීඩකයන්.


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්