leader s

කොළඹ ටොරින්ටන් පෙදෙස හා මේට්ලන්ඩ් පෙදෙස ඇතුළු කොළඹ අවට ප්‍රධානතම ක්‍රීඩා සමාජ 10ක ක්‍රීඩා පිටි කළමනාකරණයේදී ගෙවිය යුතු දිගුකාලීන බදු සහ සහනදායී කුලී මුදල් දහස් ගුණයකින් වැඩි කිරීමට පසුගිය රජය ගෙන ඇති තීරණයක් හේතුවෙන් ක්‍රීඩා සමාජ ශාලා වැසී යන තත්ත්වයක් උදාවෙමින් පවතී.


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට සියයට 90ක පමණ ක්‍රීඩක පිරිසක් දායාද කළ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ වන සීසීසී, එස්එස්සී, එන්සීසී, කෝල්ට්ස්, බ්ලූම්ෆීල්ඩ්, මුවර්ස්, බීආර්සී, ටැමිල් යුනියන්, ජිම්කානා හා කොළඹ මැලේ ක්‍රිකට් සමාජ මෙලෙස බදු වැඩි කිරීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

ආසියාවේ පැරැණිතම ක්‍රීඩා සමාජයක් වන කොළඹ ජිම්කානා සමාජය යටතේ ක්‍රියාත්මක වෙමින් ක්‍රිකට් ක්‍රීඩකයන් දායාද කරන සී.සී.සී නමින් පැරණි වාර්ෂික ගිවිසුම්ගත මුදල රුපියල් 625,000ක මුදල වෙනුවට, වසරකට රුපියල් මිලියන 64ක් ලෙස නව තක්සේරුවක් ලබාදී ඇති අතර, කොළඹ මැලේ ක්‍රිකට් සමාජයේ වාර්ෂික තක්සේරුවද මිලියන 23 සිට මිලියන 35 දක්වා වැඩිකොට ඇත. ටෙනිස්, පිහිනුම්, ස්කොෂ් ක්‍රීඩා වෙනුවෙන් ඇති කොළඹ මේට්ලන්ඩ් පෙදෙස ක්වීන්ස් සමාජයේ පැරැණි වාර්ෂික තක්සේරු මුදල රුපියල් 480,000ක් වුවද නව තක්සේරුව මිලියන 16කට අධික වේ.


ඒ ආකාරයෙන් අනෙක් ක්‍රීඩා සමාජ සියල්ලේම දිගුකාලීන බදු සහ සහනදායී කුලී මුදල් අහස උසට වැඩි කිරීම පිළිබඳ යළි සලකා බලන ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත පසුගිය වසරේ සැප්තැම්බර් මාස‍‍යේදී සියලු ක්‍රීඩා සමාජ ප්‍රධානීන්ගේ අත්සනින් දුක් ගැනවිල්ලක් යොමු කිරීමට පියවර ගත්තද මේ වන තුරු තක්සේරුවේ වෙනසක් සිදුව නැත.

 

273313886 2383207995153668 4803646934560212004 n ජිම්කානා සමාජය

රටේ වත්මන් ආර්ථික තත්ත්වයන් පිළිබඳ ඉතා සංවේදී බවත් ක්‍රීඩා සමාජ සාමාජිකයන්ගේ මතය අනුව මෙතෙක් ගෙවමින් පවතින තක්සේරු මුදලට තවත් 10%ක් එකතු කිරීම සාධාරණ බවත් එම ක්‍රීඩා සමාජ ප්‍රධානීහු පෙන්වා දෙති.

වසර සිය ගණනක සිට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රබල කාර්යභාරයක නිරතව සිටින ක්‍රීඩා සමාජ දැනට මුහුණදී ඇති අසීරුතාව පිළිබඳ ඉක්මන් අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙතද ලිපියක් යොමු කළ බව එම ක්‍රීඩා සමාජ එකමුතුවේ ප්‍රකාශක‍යකු පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට හා ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රීඩා සියල්ලෙන් ජාතික ක්‍රීඩකයන් අන්තර්ජාතික තලයට ගෙන ගොස් මවුබිමට කීර්තියක් අත්කර දෙමින් සිටින මේ මුල් පෙළේ ක්‍රීඩා සමාජ වාණිජ පරමාර්ථයකින් ක්‍රියා නොකරන ක්‍රීඩාව මූලික කොටගත් ප්‍රතිපත්ති සමුදායකින් සමන්විත ඒවා බැවින් ඉක්මන් සාධාරණයක් සලසන ලෙස ඉල්ලා සිටී.

(Dinamina | ප්‍රින්ස් ගුණසේකර)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්