කැනඩාවේ පදිංචි ජනප්‍රිය බැඩ්මින්ටන් පුහුණුකාරිනියක වන පියුමිකා ප්‍රනාන්දු සාර්ථක පුහුණු වැඩසටහනක් මෑතකදී බණ්ඩාරවෙල සාන්ත තෝමස්
විදුහලේ පැවැත්වූවා. එම වැඩමුළුව පැවැත්වුනේ විදුහලේ තරුණ හා උත්සාහවන්ත සහජ කුසලතා ඇති ක්‍රීඩකයන් ඉලක්ක කරගෙන.
පියුමිකා, සාන්ත තෝමස් විදුහලේ සිප්සතර හැදෑරූ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පුහුණුකරුවකු වන ධර්ශන ප්‍රනාන්දුගේ බාලම දියණිය යි. ඔහු සාමාන්‍යයෙන් වාර්ෂික පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ බණ්ඩාරවෙල නගරයේ වූව ද මෙවර එය පාසලේ පවත්වන ලෙසට දියණියට උපදෙස් දී තිබුණා.
බැඩ්මින්ටන්, ස්කොච්, ටේබල් ටෙනිස් හා ටෙනිස් ක්‍රීඩාවන්ගේ සංයෝජනයක් වන Racketlon ක්‍රීඩාවේ හිටපු ලෝක ශූරියක වන පියුමිකා ඇගේ පියා කැනඩාවේ පවත්වා ගෙන යන යොවුන් බැඩ්මින්ටන් ඇකඩමියේ නියෝජ්‍ය ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස කටයුතු කරනවා.පියුමිකා විසින් පවත්වන ලද පුහුණු වැඩසටහන මගින් ප්‍රධාන වශයෙන් ආවරණය කළේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ජයග්‍රාහී උපාය මාර්ග, ආබාධ වළක්වා ගැනීම හා බොහෝ විට සිදුවන බැඩ්මින්ටන් ආබාධවලින් පුනරුත්ථාපනය වීම මෙන්ම පිටියෙන් පිටත උසස් පුහුණු තාක්ෂණය ඇතුළු වැදගත් කාරණා.
සිය අද්විතීය කෘතහස්ථ භාවයෙන් පියුමිකා බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුලේ බාලක බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ට මඟ පෙන්වද්දී ඇයගේ සිත් බඳනාසුලු පුහුණු කිරීමේ මනා පළපුරුද්ද පැහැදිලිව ප්‍රදර්ශනය වුනා. පියුමිකා විසින් පවත්වන ලද පුහුණු වැඩසටහන ඇගේ පියා විසින් පසුගිය වසරේ මාර්තු මාසයේ මේ ස්ථානයේ ම පැවැත්වූ දෙදින වැඩමුළුවක දිගුවක්. තම පියාගේ අඩිපාරේ යමින් පියුමිකා ද බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ක්‍රියාශීලීව සිටින්නේ අතීතයේ ක්‍රීඩිකාවක ලෙසින් හා වර්තමානයේ පුහුණුකාරිනියක ලෙස කටයුතු කරමින්.
කැනේඩියානු ජාතික පුහුණු කිරීමේ සහතික වැඩසටහනේ දෙවැනි මට්ටමේ සහතික ලාභියකු වන පියුමිකා සතුව ටොරොන්ටෝ සරසවියේ කායික චලන යාන්ත්‍ර විද්‍යාවේදී උපාධිය ද, එංගලන්තයේ බ්‍රයිටන් විශ්ව විද්‍යාලයෙන් භෞතචිකිත්සාවේ මාස්ටර්ස් හා පේශි හා සන්ධි ශාරිරික උසස් චිකිත්සාවේ ඩිප්ලෝමාවක් ද තිබෙනවා.
භෞතචිකිත්සකවරියක ලෙස කැනඩාවේ ලියාපදිංචිව සිටින පියුමිකා ප්‍රනාන්දු කැනඩාවේ ඇගේ පියාගේ යොවුන් බැඩ්මින්ටන් ඇකඩමියේ නියෝජ්‍ය ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස පසුගිය වසර 16 තිස්සේ වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා.




(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






