leader s

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයේ ලොස් ඇන්ජලීස් නගරයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් කම්පනයට පත්ව නිවෙස් අතහැර යාමට

සිදුවූ දහස් සංඛ්‍යාත පුද්ගලයන් අතර අමෙරිකාවේ පුරාවෘත්ත පිහිනුම් ක්‍රීඩකයෙකු වන ගැරී හෝල් (කණිෂ්ඨ) - Gary Hall Jr - ද සිටිනවා.

නගරයෙන් ඉවත් කිරීමට සිදුවූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 1.4ක් දක්වා ඉහළ නැගුනු ලොස් ඇන්ජලීස් ලැව්ගිනි නිසා සිදුවූ ව්‍යසනමය හානිය ඉතා විශාලයි.

ගින්නෙන් හානියට පත් Pacific Palisades පෙදෙසේ කුලී නිවසක ජීවත් වෙමින් සිටි ගැරී හෝල් (කණිෂ්ඨ) ට ඔහු සන්තක බඩු කිහිපයක්ද අහිමිව තිබෙන අතර පිහිනුම් තටාකයක් හා ඔහුගේ ඔලිම්පික් පදක්කම් දහය ද ඊට ඇතුළත්.

සිදුවූ ව්‍යසනය ලෝක විනාශය පිළිබඳ චිත්‍රපටයකට වඩා දරුණු බව හෝල් පවසනවා.

“එය ඔබ මෙතෙක් නැරඹූ සෑම ලෝක විනාශ චිත්‍රපටයකටම වඩා දහස් ගුණයකින් නරක විනාශයක්” ඔහු කියනවා.

cfhe5y
“ලොස් ඇන්ජලීස්වල සිදුවුනේ මහත් ව්‍යසනයක්. අපි‌ වටේට ගිනි ඇවිළෙමින් තිබුනා. මම මගේ කාරය ඇතුළට පනිද්දී ගිනි අඟුරු වැස්සක් මගේ ඇඟට කඩා වැටෙමින් තිබුනා. මගේ බල්ලාවයි පුද්ගලික දේවල් කිහිපයකුයි ඩැහැ ගන්න විතරයි මට වෙලාව තිබුනේ. එය හැම මිනිහෙකුටම එයා විතරයි බවට පත්ව තිබුනු භයානක මොහොතක්.”


ගින්නෙන් බේරීයාමට ගත් උත්සාහයේදී හෝල් ට තමාගේ ඔලිම්පික් පදක්කම් දහය අතහැරීම හැරෙන්නට වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. හෝල් 1996 ඇට්ලන්ටා, 2000 සිඩ්නි හා 2004 ඇතන්ස් යන ඔලිම්පික් ක්‍රීඩා උළෙලන් හි රන් පදක්කම් පහක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන තිබුනා.

xcfge54
“මම ඒ වෙලාවේ මගේ පදක්කම් ගැන හිතුවා. නමුත් ඒවා ගන්න මට වෙලාවක් තිබුනේ නැහැ. පදක්කම් පිච්චුනා ද කියලා දැනගන්න හැමෝටම උවමනායි. ඔව්, සියල්ල පිච්චුනා. ඒක නැතුව මට ජීවත්‌ වෙන්න පුළුවන්. ඒවා නිකම් භාණ්ඩ විතරයි කියලා මම හිත හදා ගන්නවා. ආපහු ජීවිතේ පටන් ගන්න ගොඩක් මහන්සි වෙන්න වේවි. මොනව කරන්න ද?” හෝල් ශෝකයෙන් කියනවා.


තමාගේ නිවස හා පිහිනුම් තටාකය පමණක් නොව තමාගේ ව්‍යාපාරය ද ගින්නෙන් විනාශ වූ බවත් සෑම දෙයක් ම නැවත අලුතින් පටන් ගත යුතුව තිබෙන බවත් හෝල් ප්‍රකාශ කරනවා.

පැයට සැතපුම් 100ක වේගයෙන් හමා ගිය සුළඟ මධ්‍යයේ පැතිර ගිය ලැව්ගිනි ලොස් ඇන්ජලීස් නගරය වෙළා ගත්තේ එහි ජනතාව නොදැනුවත්ව. බටහිර අමෙරිකානු ජීවිතයේ කොටසක් බවට ලැව්ගිනි පත්ව තිබෙනවා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්