මහත් විනාශකාරී කැලිෆෝනියා ලැව්ගිනි විසින් නගර විනාශ කරනවා පමණක් නොව එය 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා
උළෙලේ සංවිධායකයන් තුළ ද භීතියක් ඇතිකර තිබෙනවා.
එම ක්‍රීඩා උළෙලේ සමහර ක්‍රීඩා තරග පැවැත්වීමට සැලසුම් කර ඇති ප්‍රධාන ස්ථාන දෙකක් ද ලැව්ගිනි තර්ජනයට ලක්ව තිබෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරක්ෂාව තහවුරු කිරීමේ අභියෝග පැහැදිලිව විද්‍යාමාන වෙමින් සහ එම ක්‍රීඩා උළෙලේ ඉරණම පිළිබඳව ද සැලකිල්ල යොමු වෙමින්.
නොමැකෙන උරුමයක් ඉතිරි කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන 2018 ඔලිම්පික් ක්‍රීඩා උළෙල දැන් මුහුණ දී සිටින්නේ ගින්දර විසින් කරනු ලබන අත්හදා බැලීමකට.
අමෙරිකාවේ වඩාත්ම ප්‍රතිමාමය සංස්කෘතික හා ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් වන ලොස් ඇන්ජලීස් නගරය ජනවාරි 7 වැනි අඟහරුවාදා සිට ජීවමාන ඉතාමත් බියජනක අත්දැකීමක් විඳ දරා ගනිමින් සිටිනවා.
ලැව්ගිනිවලින් වඩාත්ම හානි සිදුවූ පෙදෙස් අතර ඔලිම්පික් ගොල්ෆ් තරගාවලිය පැවැත්වීමට යෝජිත ප්‍රසිද්ධ Riviera Country Club ද වනවා. ආපදාවකදී ජනතාව ඉවත් කිරීමේ කලාපයට පිටතින් පිහිටි මේ ඉසව්ව, පැයට සැතපුම් සියයක වේගයෙන් හමා යන සුළඟ නිසා පැතිර යන ගින්න හේතුවෙන් අනතුරු කලාපයට ඇතුළත් කර තිබෙනවා. ගින්න දැන් මේ ප්‍රදේශය වටා ඇවිලෙමින් තිබෙනවා.
තවත් තීරණාත්මක ඔලිම්පික් ඉසව්වක් වනුයේ දුනුවිදීම, BMX බයිසිකල් හා ස්කේට්බෝඩිං තරග පැවැත්වීමට නියමිත Sepulveda Basin Recreation ප්‍රදේශය. එහි ව්‍යුහයට හානි සිදුවීමක් හෝ පුද්ගලයන්ට තුවාල සිදුවීමක් දේශීය ගිනි නිවන භටයන් විසින් මෙතෙත් වාර්තා කර නොතිබුන ද එම ප්‍රදේශයේ තිබෙන්නේ ඕනෑම මොහොතක ක්ෂණයකින් වෙනස්වනසුලු තත්ත්වයක්.

ගින්න පැතිර යාමේ අවදානම මේ ස්ථානවලට පමණක් සීමා වී නැහැ. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙන Rose Bowl ක්‍රීඩාංගණය ද හදිසි අවස්ථාවක ජනතාව ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටියට ඇතුළත් කර තිබෙන ඉසව්වක්.
මෙවැනි නොයෙකුත් කාරණා හේතුවෙන් සැකසංකා මතුව තිබෙන්නේ ඔලිම්පික් පහනින් ලොස් ඇන්ජලීස් නගරය ආලෝකමත් වීමට තවත් ඉතිරිව තිබෙන්නේ අවුරුදු තුනකට ආසන්න කාලයක් පමණක් නිසාවෙන්.
ලැව්ගිනිවලට ඉතාමත් පහසුවෙන් ගොදුරු විය හැකි කලාපයක ක්‍රීඩා ඉසව්වන් හි ආරක්ෂාව තහවුරු කිරීමට 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට හැකිවේවිද?

ක්‍රීඩා උළෙලේ සැලසුම් හා ගෝලීය අවබෝධයට මේ මහා විනාශය කිනම් අයුරින් බලපාවිද?
ලොස් ඇන්ජලීස් නගරය හරහා හෙක්ටෙයාර් දහස් ගණනක් දවාලමින් ගින්න දිගටම පැතිර යද්දී 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තිබෙන මාර්ගය මුහුණ දී සිටින්නේ පෙර නොවූ විරූ අභියෝගයකට.
එහෙත් මේ නගරය ප්‍රසිද්ධ එක් දෙයක් වේ නම් ඒ, අළු යටින් නැගිටීමට තිබෙන හැකියාව යි.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ලොස් ඇන්ජලීස් නගරය හරහා හෙක්ටෙයාර් දහස් ගණනක් දවාලමින් ගින්න දිගටම පැතිර යද්දී 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තිබෙන මාර්ගය මුහුණ දී සිටින්නේ පෙර නොවූ විරූ අභියෝගයකට.
එහෙත් මේ නගරය ප්‍රසිද්ධ එක් දෙයක් වේ නම් ඒ, අළු යටින් නැගිටීමට තිබෙන හැකියාව යි.
(සටහන | වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී