leader s

මිටිය විසිකිරීමේ (Hammer Throw) තරගකරුවෙක් වැරදි දිසාවකට විසිකළ වැරදි බර ප්‍රමාණයකින් යුත් මිටියක් වැදීමෙන් නරඹන්නෙක් මිය ගිය මේ ඛේදජනක පුවත ඇසෙන්නේ අමෙරිකාවේ පැවති උසස් පාසල් ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියකින්.

සිද්ධිය වාර්තා වන්නේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයට අයත් කොලරාඩෝ ස්ප්‍රිංස් සරසවියේ (University of Colorado – Colorado Springs) පැවති යොවුන් ජවන හා පිටිය ක්‍රීඩා උළෙලෙන්.

e2f817bbab0264cf49a6a37a94018a27මිටිය විසිකිරීමේ තරගවලට යොදා ගැනෙන වානේ දම්වැලක් සහිත ලෝහවලින් තැනූ බෝලය, මේ ගෘහස්ථ තරගාවලියේ සහතික කරන ලද ආරක්ෂිත සීමාවෙන් ඔබ්බට නියම මඟෙන් පිට පියාසර කරමින් නරඹන්නන් අතරට ගොස් මේ පුද්ගලයාගේ ශරීරයේ වැදී තිබෙනවා. ඔහු එතැනම මිය ගොස් තිබෙන්නේ ගුවනේ ආ බෝලයෙන් ඔහුගේ බිරිඳ හා පුතා ආවරණය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ. මාරක මිටියේ බර කිලෝග්‍රෑම් 7.26ක් පමණ වනු ඇතැයි පැවසෙනවා.

මිය ගිය පුද්ගලයා කොලරාඩෝ ප්‍රාන්තය වටා සිටින උසස් පාසල් වයසේ ක්‍රීඩකයන් වෙනුවෙන් සත්කාරකත්වය දැරූ කොලරාඩෝ එක්සත් මලල ක්‍රීඩා සමාජයේ (Colorado United Track Club) තරගකරුවෙකුගේ පියෙක්. 57 හැවිරිදි වේඩ් ලැංස්ටන් (Wade Langston) ලෙසින් හඳුනා ගෙන තිබෙන මේ පුද්ගලයා පියෙක් හා සැමියෙකු ලෙසින් කැපවුණු ප්‍රියමනාප කෙනෙකු බව ඥාතීන් පවසනවා.


“ඔහු තමා ඇතුළු වන සෑම කාමරකටම සිනහව ගෙන ආ සැබැවින්ම අපූරු පුද්ගලයෙක්” යනුවෙන් ලැංස්ටන්ගේ ලේලිය වන Tamara Rocha දැනටමත් ඩොලර් 7,500කට වැඩි මුදලක් එකතු වී තිබෙන GoFundMe උත්සාහයට ලියමින් පවසා තිබෙනවා.
 
6796aa5ce7777.image
මෙම අරමුදල උසස් පාසල් ජ්‍යෙෂ්ඨ සිසුවෙකු වන ලැංස්ටන්ගේ පුතාගේ කොලේජ් උපකාරක පංති සඳහා උපකාර වනු ඇතැයි එම පෝස්ටුවේ දැක්වෙනවා. කොලරාඩෝ එක්සත් මලල ක්‍රීඩා සමාජයේ පුහුණුකරු Erik Huffman විසින් ලැංස්ටන්ගේ පවුල වෙනුවෙන් ආරම්භ කර තිබෙන තවත් GoFundMe උත්සාහයක් ඩොලර් 10,500කට වැඩි මුදලක් රැස්කර තිබෙනවා.
 
ජාත්‍යන්තර ජවන හා පිටිය ක්‍රීඩාවන්ගේ පාලක මණ්ඩලය වන ලෝක මලල ක්‍රීඩා ආයතනය (World Athletics) ට අනුව, මිටිය විසිකිරීමේ වැඩිහිටි තරගවලට යොදා ගැනෙන මිටියේ බර ප්‍රමාණය පිරිමින් සඳහා රාත්තල් 16ක් සහ කාන්තාවන් වෙනුවෙන් රාත්තල් 9ක් වනවා.
hq720
 
ජවන හා පිටිය තරගවලදී මාරක අනතුරු පිළිබඳව අසන්නට ලැබෙන්නේ කලාතුරෙකින්. අමෙරිකාවේ ඉලනොයි ප්‍රාන්තයේ Wheaton College හි 2017 වසරේ පැවති කොලේජ් ක්‍රීඩා උළෙලකදී මිටිය වැදීමෙන් ශිෂ්‍යයෙක් මිය ගියා.
 
2005 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවති අමෙරිකානු ජවන හා පිටිය ශූරතාවලියේ පුහුණුවීම් අතරතුර යගුලියක් වැදීමෙන් නිලධාරියෙක් මිය ගියා. නරඹන්නාට මරු කැඳවූ මිටිය විසිකළ ක්‍රීඩකයා කවුරුන්ද යන්න තරග සංවිධායකයන් හෙළි කර නැහැ. මේ මරණයත් සමග තරගාවලිය අහෝසි කර තිබෙනවා. 

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්