leader s

ශ්‍රී ලංකා ප්‍රවීණ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් තරග 100කට පිවිසීමේ වැදගත් අවස්ථාව සංකේතවත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (6) විශේෂ උපහාර උත්සවයක් පවත්වනු ලැබුවා.

මේ උත්සවය පැවැත්වුනේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ අද ආරම්භක දිනයේදී.
 
dimuth 4
ජාත්‍යන්තර ක්‍රිකට් උපසභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, ඔස්ට්‍රේලියා ටෙස්ට් නායක ස්ටීව් ස්මිත් සහ ශ්‍රී ලංකා සීමිත ඔ්වර ක්‍රිකට් නායක චරිත් අසලංක යන අයගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්වුණා.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලන්ගොඩ, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් හා සහාය කාර්ය මණඩලය ද මේ අවස්ථාවට සහභාගි වුණා.

dimuth 1
දිමුත් කරුණාරත්නගේ මව්පියන් හා පවුලේ සාමාජිකයන් ද මේ ආඩම්බර දිනයේ ඔහු සමග සිටීම පිණිස පැමිණ සිටියා. සිය අවසන් ටෙස්ට් තරගයට ද සහභාගි වෙමින් සිටින දිමුත් ට ගෞරවය දැක්වීමේ මේ අවස්ථාවේ එක් කොටසක් ලෙස, ටෙස්ට් ක්‍රිකට් තරග 100ක් ක්‍රීඩා කළ ශ්‍රී ලාංකිකයන් හත් දෙනාගෙන් කෙනෙකු වන සනත් ජයසූරිය විසින් දිමුත්ගේ 100 වැනි ටෙස්ට් කැප් තොප්පිය ඔහුට පිරිනමනු ලැබුවා.
dimuth 3
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා දිමුත් ට විශේෂ ඵලකයක් හා ත්‍යාගයක් ප්‍රදානය කළේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුගෙන් සිදුවූ අතිවිශිෂ්ට දායකත්වය අගය කිරීමක් ලෙස.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කර තිබූ මේ උත්සවයේ වැඩකටයුතු මෙහෙයවූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හා ජනප්‍රිය ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර ප්‍රචාරක රසල් ආනොල්ඩ්.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්