leader s

ගෝලීය පාපන්දුවේ සුපිරි තරුවක් වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ 40 වැනි උපන්දිනයේදී අඩි 12ක් (මීටර් 3.6) උස ලෝකඩ ප්‍රතිමාවක් අමෙරිකාවේ නිව්යෝක් නගරයේ ටයිම්ස් චතුරස්‍රයේදී නිරාවරණය කෙරුණා.

 

රොනාල්ඩෝ ට ගෞරව කිරීම පිණිස රොද බැඳගෙන මේ අවස්ථාවට එක්වූ ක්‍රීඩා ලෝලීන් “Siuuu!” හඬින් රොනාල්ඩෝගේ සුලභ වැකිකඩ කෑගසමින් ඔහුට සුභ පැතුවා.

ලොව ඉහළම පාපන්දු සම්මානය වන ‘බැලන් ඩෝ’ පස් වතාවක් හිමිකර ගෙන සිටින රොනාල්ඩෝගේ 40 වැනි උපන්දිනය වෙනුවෙන් නිව්යෝක් නගරය හදවතේ ඉදිකළ මේ අද්විතීය උපන්දින ත්‍යාගයෙන් ඔහු පෙබරවාරි 5 වැනිදා පිදුම් ලැබුවේ, ඊට දින දෙකකට පෙර අල්-නසර් කණ්ඩායමේ අල්-වසල් පිලට එරෙහි ගෝල් 4-0ක ජයග්‍රහණයේදී රොනාල්ඩෝ ඔහුගේ ක්‍රීඩා දිවියේ 922 හා 923 ගෝල් වාර්තා කර තිබූ පසුබිමක.

 

රොනාල්ඩෝ එම AFC චැම්පියන්ස් ලීග් තරග රාත්‍රියේ ඔහුගේ පළමු ගෝලය ඇත්ත වශයෙන්ම සැමරුවේ ඔහුගේ සුවිශේෂ ලක්ෂණයක් බවට පත්ව තිබෙන “Siu” ශබ්දයෙන් යටිගිරියෙන් කෑගැසමින්.

ඒ අනුව යමින් ඔහුගේ ක්‍රීඩා ලෝලීන් ද බදාදා ටයිම්ස් චතුරස්‍රයේදී මහා පරිමාණයෙන් “Siu” යනුවෙන් කෑගැසුවේ රොනාල්ඩෝගේ ඒ ජනප්‍රිය සංකේතාත්මක ප්‍රීතියේ කෑගැසීම වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් විසින් එකවර සිදුකළ ලෝක වාර්තාවක් බවට පත්කිරීමේ අරමුණින්.

“Siu” සැමරීම ප්‍රදර්ශනය වන්නේ ගෝලයක් ලබා ගත් සැණින් පිටිය මුල්ලේ සිටවා තිබෙන කොඩිය දෙසට දිවයන රොනාල්ඩෝ දෑත් සම්පූර්ණයෙන්ම දිගහැර ගුවනට පැන “Siiiiiuuuuu” (ස්පාඤ්ඤ භාෂාවෙන් “Yes”) යනුවෙන් ශබ්ද නගමින් ශක්තිමත් ඉරියව්වකින් නැවත බිම පතිත වීමෙන්. ක්‍රීඩා ලෝලීන් බොහෝ විට එසේ කෑගසන්නේ ඒ හඬ ඕනෑම තරගයක තියුණු මොහොතක් බවට පත්කරමින්.

uio

 

රොනාල්ඩෝගේ මේ සංකේතාත්මක “Siu” ගෝල් ප්‍රීතිය පාපන්දුවේ වඩාත්ම හඳුනාගත් ගෝල් ලබා ගැනීමේ අවස්ථාව වී තිබෙනවා. රොනාල්ඩෝ ප්‍රථම වතාවට මේ ප්‍රීතිවීම ප්‍රදර්ශනය කළේ රෙආල් මෙඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් චෙල්සි කණ්ඩායමට එරෙහිව 2013 වසරේ පැවති තරගයක. 

“Siu” මැතිරිල්ල තමා වෙත ස්වභාවිකව පැමිණියේ ජයග්‍රහණවලින් සතුටු වීමේදී තමා සහ තම කණ්ඩායම් සගයන් ස්පාඤ්ඤ භාෂාවෙන් “Si” (Yes) යනුවෙන් කියා සිටීම පුරුද්දක් කරගෙන සිටි නිසා බව රොනාල්ඩෝ පසුව විස්තර කළා. කාලයාගේ ඇවෑමෙන් එය ගෝලයක් ලබා ගත් ප්‍රීතියේ ලකුණක් බවට විකසනය වුණා.

ටයිම්ස් චතුරස්‍රයේ රොනාල්ඩෝ ප්‍රතිමාව නිර්මාණය කර තිබෙන්නේ ඉතාලි මූර්තිකරුවකු හා චිත්‍රශිල්පියෙකු වන සර්ජියෝ ෆූර්නාරි (Sergio Furnari). ඔහු ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ අදහන ක්‍රීඩා ලෝලියෙක්.


(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැඳි පුවත් :

රොනාල්ඩෝගේ 40 වැනි උපන්දිනයට විස්මයජනක කේක්ගෙඩියක්

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්