leader s

අයර්ලන්තයේ බොක්සිං ක්‍රීඩක ජෝන් කූනි (John Cooney)ගේ මරණයෙන් බොක්සිං ප්‍රජාව මහත් කම්පනයට පත්ව සිටිනවා.

28 හැවිරිදි සුපර්-ෆෙදවේට් ක්‍රීඩක කූනි මිය ගියේ එම බොක්සිං අංශයේ ඔහුගේ ‘සෙල්ටික්’ (Celtic) ශූරතාව වේල්සයේ නේදන් හොවල්ස් (Nathan Howells) ට එරෙහිව රැක ගැනීම සඳහා පැවති තරගයේදී හිසට සිදුවූ බරපතළ තුවාලවලින්. බෙල්ෆාස්ට් නුවර පෙබරවාරි 1 වැනිදා පැවති එම තරගයෙන් පරාජය වීමෙන් පසුව මොළයට සිදුවූ තුවාල සහිතව කූනි රෝහලට රැගෙන ගියේ ස්ට්‍රෙචරයකින්. ඔහු මිය ගියේ ඊට දින හතකට පසුව.

මෙය බොක්සිං ක්‍රීඩාවට දුක්මුසු දිනයක් බව හිටපු ලෝක බොක්සිං කවුන්සල (WBC) හෙවිවේට් බොක්සිං ක්‍රීඩක ෆ්රෑන්ක් බෲනෝ (Frank Bruno) ප්‍රකාශ කළා.
කූනිගේ සහෝදර බොක්සිං ක්‍රීඩකයින් ඔහුගේ මරණයෙන් තදින් කම්පා වන බව ලෝක බොක්සිං සංවිධානයේ (WBO) හිටපු යුරෝපීය ද්විත්ව ශූර කොන්රඩ් කමින්ස් (Conrad Cummings) පවසනවා.

 

5d83ec70 e6e9 11ef a819 277e390a7a08.jpgකොන්රඩ් කමින්ස්

“ඔහු හැර යන ලස්සන පෙම්වතිය හා ඔහුගේ පවුල ගැන මම පෞද්ගලිකව ඉතාමත් දුක්වෙනවා” යනුවෙන් ඔහු කියා සිටියා.

“ඔවුන් මුහුණ දෙන හද කම්පා කරන වේදනාව ගැන මට හිතාගන්නවත් බැහැ.”

තමා මේ තරුණ බොක්සිං ක්‍රීඩකයා කිහිප වතාවක් මුණගැසී තිබෙන බවත් ඔහුගේ සටන් විලාශය තමා අගය කළ බවත් ඔහු පැවසුවා.

බෙල්ෆාස්ට් හි පැවති තරගය කූනිගේ පරාජය සටහන් වෙමින් නව වැනි වටයේ නතර කෙරුණා.

වෛද්‍ය කණ්ඩායම කූනි ට බොක්සිං වළල්ලේදී හදිසි ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඔහු බෙල්ෆාස්ට් නුවර රෝයල් වික්ටෝරියා රෝහල වෙත රැගෙන ගියා.

 

අනතුරුව ඔහුට වහාම ශල්‍ය කර්මයක් සිදුකිරීමෙන් පසුව දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කෙරුණු අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කිරීම පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලයට කූනිගේ ආදරණීයයන් ඔවුන්ගේ ප්‍රශංසාව පුදකළා.

කූනිගේ මේ ඛේදජනක මරණයෙන් විශේෂයෙන් පෙන්නුම් කරන්නේ බොක්සිං ක්‍රීඩාව කොතරම් භයානක විය හැකිද යන්න බව කොන්රඩ් කමින්ස් කියා සිටියා.

“ඔහු ශක්තිමත් මිනිසෙක්. ඔහු සෑමවිටම මේ ක්‍රීඩාවට ඔහුගේ උපරිමය පුද කෙරුවා. මේ තරගයට පෙර ඔහු එකදිගට තරග 11කින් අපරාජිතව සිටියා කියලා මම හිතනවා” කමින්ස් කීවා.

skynews john cooney boxing 6823614

කූනි බොක්සිං වළල්ල තුළ රණ ශූරයෙක් වූව ද පෞද්ගලික ජීවිතයේදී ප්‍රසන්න හා නිහඬ තරුණ පුද්ගලයෙක් බවත් ඔහු මෝඩ කතා නොකියන නිහතමානී කෙනෙකු බවත් කමින්ස් පෙන්වා දුන්නා.

බොක්සිං ක්‍රීඩාවේ දුර ගමනක් යාමේ හැකියාවක් තිබූ ජෝන් කූනි නැති අඩුව ඔහුගේ සහෝදර ක්‍රීඩකයන්ට තදින් දැනෙනු ඇතැයි ද කී කමින්ස්, මෙය බොක්සිං ක්‍රීඩාවට වැදුනු ලොකු පහරක් බවත් ඔහුගේ හපන්කම් සැමදා මතකයේ තිබෙනු ඇති බවත් පැවසුවා.

එංගලන්තයේ වෘත්තීය බොක්සිං ක්‍රීඩාවේ පාලක මණ්ඩලය වන බ්‍රිතාන්‍ය බොක්සිං පාලක මණ්ඩලය ප්‍රකාශයක් කරමින්, ජෝන් කූනිගේ ඛේදජනක මරණයෙන් ඔවුන් ඉතාමත් ශෝකයට පත්ව සිටින බව කියා සිටියා.

ෆ්‍රෑන්ක් බෲනෝ ද ඔහුගේ ශෝකය පළකර සිටියේ සමාජ මාධ්‍යයේ කෙටි සටහනක් සමග කූනි බොක්සිං වළල්ලේ සිටින ඡායාරූපයක් පළ කරමින්.

 

twiiter

උතුරු අයර්ලන්තයේ ක්‍රීඩා ඇමති ගෝඩ්න් ලියොන්ස් (Gordon Lyons) ද ප්‍රකාශයක් කරමින් ඔහුගේ සංවේගය පළ කර සිටියා.

කූනි බොක්සිං ක්‍රීඩාවට ගෞරවයක් ගෙන දුන් කෙනෙකු බව ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ (IBF) ලෝක සුපර්-ෆෙදවෙට් ශූරයා වන බෙල්ෆාස්ට් බොක්සිං ක්‍රීඩක ඇන්ටෝ කසේකී (Anto Cacace) සඳහන් කළා.

“ඔහු අයිරිෂ් සහ බ්‍රිතාන්‍ය බොක්සිං තරග බිමේ නැගී එන තරුවක් බවට පත්ව සිටියා” කසේකී පැවසුවා.

කූනි උපත ලැබූ ගල්වේ ප්‍රාන්තයෙන් ද ප්‍රශංසා ගලා එමින් තිබුණා.      

ගල්වේ ආධුනික බොක්සිං සංගමය නිවේදනයක් නිකුත් කරමින්, වේදනාකාරී සතියක් රෝහලේ සිටීමෙන් පසුව ඔහු මිය ගිය බව දැනගැනීම තමන්ට අසන්නට ලැබුණු නරක ම ප්‍රවෘත්තිය යැයි ප්‍රකාශ කර සිටියා.

දිදුලන අනාගත ශූරයෙක් හා තරුණයෙකුව සිටි ජෝන් කූනිගේ වියෝවෙන් බොක්සිං ලෝකය වැලපෙනු ඇති බවත් ඔහුව කිසි දිනෙක අමතක නොවනු ඇති බවත් එම සංගමය සඳහන් කළා.

1b4a76bf b8c8 4e41 9c20 37075f9ac1dd

කූනි, සෙල්ටික් බොක්සිං කිරුළ දිනා ගත්තේ 2023 වසරේ නොවැම්බරයේ ඩබ්ලින් නුවරදී Liam Gaynor පළමු වටයේදී ම බිම හෙළමින්. එහෙත් ඉන්පසුව අතේ තුවාලයක් හේතුවෙන් ඔහු වසරක කාලයක් බොක්සිං වළල්ලෙන් ඉවත්ව සිටියා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඔහු නැවත තරග බිමට පිවිසියේ Tampela Maharusi ට එරෙහි ජයග්‍රහණයකින්.


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්