leader s

2023 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පදක්කම් ප්‍රදානෝත්සවයේදී ස්පාඤ්ඤ ක්‍රීඩිකා ජෙනි හමර්සෝගේ කැමැත්තකින් තොරව ඇය සිපගැනීම හේතුවෙන් පනවන ලද

පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ සියලු ක්‍රියාවන්ගේ තහනමට එරෙහිව හිටපු ස්පාඤ්ඤ පාපන්දු ප්‍රධානී ලුවීස් රීබියල්ස් ඉදිරිපත් කර තිබූ ඇපෑල ගෝලීය ක්‍රීඩාවේ ඉහළම අධිකරණය විසින් ඊයේ ඉවතට විසිකළා.

ලෝක පාපන්දු පාලකයන් වන ජගත් පාපන්දු සම්මේලනය (FIFA) 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී රීබියල්ස් ට තෙවසරක තහනමක් පැනවූ අතර අභියාචන කමිටුවක් ද ඔහුගේ ඇපෑල පසුගිය වසරේ ජනවාරියේදී ඉවත දැමුවා. 47 හැවිරිදි රීබියල්ස් ට මේ තීරණය සම්බන්ධයෙන් ක්‍රීඩා බේරුම්කාර උසාවිය (CAS) හමුවේ අභියාචනය කිරීමේ විකල්පය තිබුණා.

කෙසේ වෙතත්, පදක්කම් ප්‍රදානෝත්සවයේදී ඔහුගේ හැසිරීම මගින් FIFA විනය ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝණය කර ඇති බවට තීරණය කළ CAS මඬුල්ල, රීබියල්ස් ට පනවා තිබෙන තහනම අහෝසි කිරීමට හේතුවක් තමන්ට නොපෙනෙන බව කියා සිටියා.

skysports luis rubiales world cup 6261259

හමර්සෝව ඇගේ කැමැත්ත නැතිව සිපගැනීම නිසා රීබියල්ස් කාන්තා හිංසනයට වරදකරු බවට පෙරේදා තීරණය කළ ස්පාඤ්ඤයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ඩොලර් 10,000කට වැඩි දඩයක් නියම කළා.

මීට අමතරව, හමර්සෝගෙන් මීටර් 200කින් දුරස්ව සිටින ලෙසට ද එම ශ්‍රේෂ්ඨාධිකරණය ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයාට නියෝග කළා.

 




සබැඳි පුවත :
ස්පාඤ්ඤ ක්‍රීඩිකාවගේ තොල් සිපගැනීමේ සිද්ධියට හිටපු පාපන්දු ලොක්කා වැරදිකරු වෙයි

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්