leader s

ලොව පළමු අවිවාදිත හෙවිවේට් බොක්සිං රැජින ලෙස කිරුළ පැලඳූ අමෙරිකාවේ ඔලිම්පික් රත්තරං කෙල්ල වන ක්ලෙරෙසා ෂීල්ඩ්ස්

(Claressa Shields) මරිජුවානා භාවිතා කළ බවට පරීක්ෂණයකින් තහවුරු වීම හේතුවෙන් තාවකාලික තරග තහනමකට ලක්ව සිටිනවා.

හෙවිවේට්, මිඩ්ල්වේට් හා ලයිට්-මිඩ්ල්වේට් යන බර පංති තුනේ අවිවාදයෙන් පිළිගැනෙන ශූරිය වන 29 හැවිරිදි ෂීල්ඩ්ස්ගේ ක්‍රීඩාව මෙසේ අත්හිටුවා තිබෙන්නේ ඇය අවසන් වතාවට සහභාගි වූ තරගයෙන් පසුව. පෙබරවාරි 3 වැනිදා පැවති ඒ සටනේදී ෂීල්ඩ්ස් ඇගේ රටේ ම ඩැනිඑලා පර්කින්ස් (Danielle Perkins) පරාජය කරමින් හෙවිවේට් කිරුළ දිනා ගත්තා.

rd6t365
2012 සහ 2026 ඔලිම්පික් රන් පදක්කම්ලාභී ෂීල්ඩ්ස් දැන් පරීක්ෂණයකට මුහුණ දී සිටින්නේ මිචිගන් නිරායුධ සටන් කොමිසම (Michigan Unarmed Combat Commission) විසින් ඇයට අමෙරිකාව තුළ තරග කිරීම අත්හිටුවීමෙන් පසුව.

වැඩි ලකුණුවලින් පර්කින්ස් පැරදවීමෙන් පසුව ෂීල්ඩ්ස් විසින් ලබා දුන් ‘කටින් ගන්නා දියර සාම්පලය’ පරීක්ෂා කිරීමේදී එහි මරිජුවානා අඩංගුව තිබූ බව පැවසෙනවා.

ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය (WADA) විසින් ප්‍රකාශයට පත්කර තිබෙන තහනම් ශරීර උත්තේජන ලැයිස්තුවේ මරිජුවානා ද ඇතුළත්ව තිබෙනවා.

drt4r
ලෝක බොක්සිං සංවිධානය (WBO) ද මේ සම්බන්ධයෙන් විමසීමෙන් සිටිය ද එය සටන්කරුවන්ට තහනම් පැනවීමට බලයක් නැති ආයතනයක්. කෙසේ වෙතත්, මේ කාරණය පිළිබඳව තමන්ට පැහැදිලි කිරීමක් කරන ලෙසට ඔවුන් ෂීල්ඩ්ස් ට කියා තිබෙනවා.

මේ අතර, ෂීල්ඩ්ස් විනයානුකූල දඬුවම් ලැබිය යුතුද නැද්ද පිළිබඳව සොයා බැලීම පිණිස තමන්ගේ ම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන මිචිගන් කොමිසම මෙසේ ප්‍රකාශ කරනවා: “බලපත්‍රලාභී වෘත්තීය බොක්සිං ක්‍රීඩිකාවක ලෙස ෂීල්ඩ්සේගේ කල්ක්‍රියාව වෘත්තීය බොක්සිං ක්‍රීඩාවේ අවංකත්වය, මහජන උනන්දුව හා වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබ සිද්ධිය හා ආරක්ෂාවට ඔ්නෑම මොහොතක තර්ජනයක් ගෙන එනවා.”

මේ ප්‍රකාශය සිදුකර තිබෙන්නේ අසමත්වූ මත්ද්‍රව්‍ය පරීක්ෂණයක දූෂමාන ආරංචි ගැන ෂීල්ඩ්ස් කතා කර සතියකට පසුව.

තමා ‘පිරිසිදු ක්‍රීඩිකාවක්’ බවට අවධාරණය කිරීම පිණිස ඇය සමාජ මාධ්‍යයට පිවිස තිබුණා.

අදාළ කරුණු විමසීමෙන් පසුව ක්ලෙරෙසා ෂීල්ඩ්ස්ගේ නිර්දෝෂී බව තහවුරු වනු ඇතැයි තමාට සියයට 100ක් විශ්වාස බව ඇගේ තරග ප්‍රවර්ධක Dmitriy Salita පවසනවා.

ෂීල්ඩ්ස් ඇගේ තරග අත්හිටුවීම පිළිබඳව X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මෙසේ කියා තිබෙනවා.

“මම නඩු විභාගයට පෙනී සිටින තෙක් මෙය තාවකාලික තහනමක් පමණයි. මම කවදාවත් ගංජා පාවිච්චි කර නැහැ!”

cfgye5

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්