leader s

ජාත්‍යන්තර ODI එක්දින ලෝක කුසලානය (ODI World Cup), චැම්පියන්ස් කුසලානය හා ආසියානු කුසලානය යන ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) ප්‍රධානතම තරගාවලියන් තුනේ ම පාකිස්තානය ට එරෙහිව ශතක ලබා ගත් ඉතිහාසයේ පළමු පිතිකරුවා ලෙස ඉන්දියා සුපිරි පිතිකරු විරාට් කෝලි නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.


ක්‍රිකට් ලෝකයේ ඉන්දියාවේ පරම ප්‍රතිවාදියා වන පාකිස්තානය ට එරෙහිව ලකුණු ලබා ගැනීමට කෝලි විශේෂ කැමැත්තක් දක්වනවා. දෙරට අතර පවතින දේශපාලනික වෙනස්කම් හේතුවෙන් මේ කණ්ඩායම් දෙක එකිනෙකා සමග තරග වදින්නේ ICCයේ තරගාවලියන් හි පමණ යි.

ඩුබායි හි ඊයේ පැවති 2025 චැම්පියන්ස් කුසලාන තරගයේදී 36 හැවිරිදි කෝලි පාකිස්තානය ට එරෙහිව නොදැවී ශතකක් ලබා ගනිමින් ඉන්දියාව කඩුලු හයක ජයග්‍රහණයක් කරා ගෙන ගියා.

 මෙය කෝලි මේ ඕවර පනහ තරගාවලියේ වාර්තා කළ මංගල ශතකය යි. ඒ සමග ඔහු නව ලෝක වාර්තාවක් පිහිටුවමින් පාකිස්තානය ට එරෙහිව චැම්පියන්ස් කුසලානය, ආසියානු කුසලානය හා ලෝක කුසලාන තරගාවලියන් ත්‍රිත්වයේ ම ශතක ලබා ගත් ක්‍රිකට් ඉතිහාසයේ පළමු පිතිකරුවා බවට පත්වුණා.


විරාට් කෝලි මීට පෙර 2015 ලෝක කුසලානයේදී සහ 2023 ආසියානු කුසලානයේදී අසල්වැසි රට ට එරෙහිව ශතක වාර්තා කිරීමට සමත් වුණා.

ඊයේ තරගයට පෙර කෝලි සිටියේ ඔහුගේ පිතිකරණයේ හොඳ තත්ත්වයක නෙවෙයි. 2023 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවති තරග තුනකින් සමන්විත ODI තරගමාලාවේදී අසාර්ථක වුණා. චැම්පියන්ස් කුසලාන තරගාවලියට පෙර එංගලන්තය ට එරෙහිව ජාත්‍යන්තර එක්දින තරග තුනක් ක්‍රීඩා කළ කෝලි එහිදී ලබා ගත්තේ එක් අර්ධ ශතකයක් පමණ යි.

 

118524781

බංග්ලාදේශය පහසුවෙන් කෝලි දවාලීම නිසා දැන් පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඔහුගේ ආරම්භය සතුටුදායක වුණේ නැහැ. ඔහුගේ කණ්ඩායම කඩුලු හයකින් එම තරගය ජයග්‍රහණය කළ ද කෝලිගේ පිතිකරණයේ තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියා කණ්ඩායමේ කළමනාකාරිත්වයට තිබුණේ ලොකු කැක්කුමක්.

ඉන්දියාව හා පාකිස්තානය අතර ඊයේ පැවති තරගයේදී විරාට් කෝලි ඔහුගේ ක්‍රීඩා දිවියේ තවත් ඉතා වැදගත් සන්ධිස්ථානයකට පිවිසියා. එහිදී ඔහු එදා මෙදා තුර ODI ලකුණු 14,000 ට වැඩිම වේගයෙන් පිවිසි පිතිකරුවා බවට පත්වූ අතර ඔහු මේ  සන්ධිස්ථානයට පැමිණියේ ඔහුගේ 287 වැනි ඉනිමේ.



මේ වික්‍රමය සටහන් කළ දෙවැනි ඉන්දියානුවා මෙන්ම ලෝකයේ තෙවැනි පිතිකරුවා වනුයේ කෝලි. මේ හපන්කම පෑ අනෙකුත් එකම පිතිකරුවන් ලෙස ඉතිහාසගත සිටින්නේ ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් (ඉනිම 350) සහ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර (ඉනිම 378).

ඊයේ තරගයේදී කෝලි තවත් වාර්තාවක් බිඳ හෙලුවා. කෙසේ වෙතත්, මේ වාර්තාව පිතිකරණයට සම්බන්ධ එකක් නෙවෙයි.

මේ තරගයේදී ඔහු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම උඩ පන්දු රැකගත් ඉන්දියානු පන්දු රකින්නා බවට පත්වුණා. කෝලි, පාකිස්තානයේ නසීම් ෂා සහ කුෂ්ඩිල් ෂාගේ උඩ පන්දු රැක ගනිමින් ඔහුගේ ‘කැච්’ එකතුව 158 දක්වා ඉහළට ගෙන ගියේ හිටපු ඉන්දියා නායක මොහමඩ් අසරුදීන් (156) ට වඩා උඩ පන්දු දෙකකින් ඉදිරියට පැමිණෙමින්. මේ ලැයිස්තුවේ ඉහළින් ම සිටින්නේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන (218).

cricketersවිරාට් කෝලි, රිකී පොන්ටිං, මොහමඩ් අසරුදීන්, රොස් ටේලර්, මහේල ජයවර්ධන
වැඩිම උඩ පන්දු රැකගත් ක්‍රීඩකයන් පස්දෙනා:

218 - මහේල ජයවර්ධන
160 - රිකී පොන්ටිං
158 - විරාට් කෝලි
156 - මොහමඩ් අසරුදීන්
142 - රොස් ටේලර්


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්