leader s

තමන් විසින්ම පනවන ලද කොන්දේසි වලින් උපරිම ප්‍රයෝජන ගත් ඉන්දියානුවෝ තුන්වැනි වතාවටත් ශූරයන්ගේ කුසලානයට හිමිකම් කීහ.

ඩුබායි නුවරදී ඊයේ (09 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 4 කින් නවසීලන්තය පරාජය කරමින් ඉන්දියානුවෝ ශූරයන්ගේ කුසලානයට අත් තැබූහ.

ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වන්නේ නම්, ඒ පාකිස්තානයේදී නොව ඩුබායි නුවරදී යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවට කොන්දේසි දැමූ ඉන්දීය කණ්ඩායම තමන්ගේ සියලුම තරග වලට ඩුබායි නුවරදී සහභාගි වූහ.

g45y5

 

කෙසේ වෙතත් ඉන්දියානුවන්ගේ එම ස්ථාවරය ලෝකය පුරා ක්‍රිකට් විචාරයකන්ගේ නොමඳ විවේචනයට පාත්‍ර වී තිබේ.

ලෝකයේ ඉහළම ක්‍රිකට් විචාරකයන් මෙන්ම විස්තර කථකයන් එය හඳුන්වන්නේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ඉන්දියාව සතු තක්සේරු කළ නොහැකි වාසියක් ලෙසිනි.

 

3abf385bcb7293452bf41d651d6adc52e0cc133f776c92edd62aad53124c0483

ඉන්දියානුවන් මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ඩුබායි හිදී ක්‍රීඩා කළ තරග පහම ජයගත්තේය.

ලකුණු 252 ක ඉලක්කයක් කරා ගිය ඉන්දීය කණ්ඩායම පන්දු 6 ක් ඉතිරිව තිබියදී ජයටැඹ  පසුකළේය. නායක රෝහිත් ෂර්මා (76), ශ්‍රෙයාස් අයියර් (48) සහ ලෝකේෂ් රාහුල් (නොදැවී 34) ඉන්දීය පිල වෙනුවෙන් වැඩි ලකුණු ලබාගත්හ.

hyr6y

 

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත පිතිකරුවෝ නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 7 කට ලකුණු 251 ක් ලබාගත්හ. ඩැරිල් මිචෙල් (63) සහ මයිකල් බ්‍රේස්වෙල් (නොදැවී 53) දෙදෙනාම අර්ධ ශතක ලබාගත් නමුත් නවසීලන්තයේ ඉදිරිපෙළ පිතිකරුවන් වූ රචින් රවීන්ද්‍ර, කේන් විලියම්සන් සහ ග්ලෙන් පිලිප්ස්ට වැඩිපුර යමක් කළ නොහැකි විය.

වේග පන්දු යවන ක්‍රීඩක මැතිව් හෙන්රි උරහිසේ ආබාධයක් හේතුවෙන් ඊයේ තරගයට ක්‍රීඩා නොකළේය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පිතිහරඹය තෝරා ගැනීමටද හෙන්රිගේ අඩුව තදින්ම බලපෑවේය.

 

tyg56
අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව ලැබූ ජයග්‍රහණයෙන් පසුව ඉන්දියාව සිය කණ්ඩායමේ වෙනසක් නොකරම පිටියට පිවිස සිටියේය. එහි ප්‍රතිපලය වූයේ ඉන්දීය දඟ පන්දු යවන්නන් සිව්දෙනා ඕවර 50 න් ඕවර 38 ක්ම යැවීමයි. දඟ පන්දු යවන්නන් සිව් දෙනා හමුවේ නවසීලන්ත පිතිකරුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 144 ක් වූ අතර රවීන්ද්‍ර ජදේජා (30/1) සහ අක්ෂර් පතෙල් (29/0) දෙදෙනා තමන්ගේ ඕවර 18 ලකුණු 59 කට නවතා ගත්හ.

දඟ පන්දු යවන්නන්ට සහාය වූ මන්දගාමී තණතීරුවක වරුන් චක්‍රවර්ති සහ කුල්දීප් යාදව් කඩුලු දෙක බැගින් දවා ගත්හ.

ඉනිමේ 24 වැනි ඕවරයේදී ටොම් ලෙතම් දැවී යන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4 ට 108 ක් ලෙසිනි. එහෙත් ඩැරිල් මිචෙල්, ග්ලෙන් පිලිප්ස් සහ මයිකල් බ්‍රේස්වෙල් ධෛර්යවත් පිතිහරඹයක නිරත වෙමින් අවසන් ඕවර 25 ඇතුළත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.

2025 03 09T092711Z 1679108442 UP1EL390Q9975 RTRMADP 3 CRICKET CHAMPIONSTROPHY IND NZL

 

අවසන් පූර්ව තරගයේ වීරයා වූ රචින් රවීන්ද්‍ර ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගත්තේය. වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමිට හයේ පහරකින් සහ හතරේ පහර දෙකකින් සංග්‍රහ කළ රචින් රවීන්ද්‍රට වාසනාව ද තිබිණ.

රචින්ගේ උඩපන්දුවක් පන්දු යැවූ මොහොමඩ් ෂාමි විසින්ම බිම හෙළන ලද අතර පිටියේ ඈත කෙළවරක සිටි ශ්‍රෙයාස් අයියර්ට ලැබුණු රචින් රවීන්ද්‍රගේ උඩපන්දුවක් ද බිම වැටිණ. එහෙත් වමතින් චයිනමන් පන්දු යවන කුල්දීප් යාදව්, සිය පළමු පන්දුවේදීම රචින් රවීන්ද්‍රගේ ඉනිම අවසන් කළේය.

 

67cd6f025d3e4.image

කුල්දීප් යාදව් විසින් කේන් විලියම්සන් දවාගනු ලැබීමත් සමගින් නිල් පැහැයෙන් බැබලෙන ප්‍රේක්‍ෂකාගාර වල සිටි ඉන්දියානුවෝ සිය පා ඇඟිලි තුඩු මත සිටගනිමින් මහ හඬින් අත්පොළසන් දෙන්නට වූහ. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී ශතකයක් ලබාගත් පිතිකරුවන් අතුරින් විලියම්සන් ද අයෙකි.

නවසිලන්තය තරමක් සැනසිලිදායක තත්ත්වයකට කැඳවාගෙන ආවේ මයිකල් බ්‍රේස්වෙල්ගේ අවසන් මොහොතේ ප්‍රහාරයයි. පන්දු 40 කින් ලකුණු 53 ක් ලබාගත් බ්‍රේස්වෙල් හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් ඉන්දීය පන්දු යවන්නන්ට සැලකුවේය.

ඉන්දියානුවෝ 2002 සහ 2013 වසර වලදී ශූරයන්ගේ කුසලාන ජයගත් අතර මේ ඔවුන් ශූරයන්ගේ කුසලාන දිනාගත් තුන්වැනි අවස්ථාවයි.

 


නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 7 ට 251 යි
(විලියම් යංග් 15, රචින් රවීන්ද්‍ර 37, කේන් විලියම්සන් 11, ඩැරල් මිචෙල් 63, ටොම් ලෙතම් 14, ග්ලෙන් පිලිප්ස් 34, මයිකල් බ්‍රේස්වෙල් නොදැවී 53, වරූන් චක්‍රවර්ති 45/2, කුල්දීප් යාදව් 40/2)

ඉන්දියාව - ඕවර 49 කදී කඩුලු 6 ක් දැවී 254 යි
(රෝහිත් ෂර්මා 76, ෂුබ්මන් ගිල් 31, ශ්‍රෙයාස් අයියර් 48, අක්ෂර් පතෙල් 29, ලෝකේෂ් රාහුල් නොදැවී 34, හාර්දික් පාණ්ඩ්‍යා 18, මිචෙල් සෑන්ට්නර් 46/2, මයිකල් බ්‍රේස්වෙල් 28/2)


| kelimandala


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්