leader s

හිටපු ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ස්ටුඅර්ට් මැක්ගිල් (Stuart MacGill) කොකේන් මත්ද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවලියකට සහභාගි වූ බවට

සිඩ්නි අධිකරණයක් තීරණය කර තිබෙනවා.

54 හැවිරිදි මැක්ගිල් මේ චෝදනාවට වරදකරු වූව ද, ඊට වඩා බරපතල වූ වාණිජමය මට්ටමේ මත්ද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවකට සහභාගි වීමේ චෝදනාවට නිවැරදිකරු වී තිබෙනවා. මේ චෝදනාවට ඔහු වරදකරුවකු නොවන බවට ජූරිය තීන්දු කර තිබෙන්නේ පැය හයකට වැඩි කාලයක් තිස්සේ කෙරුණු විවාදයකින් පසුව.

ge43f
තරග බිමෙන් විශ්‍රාම ගිය මේ පා දඟ පන්දු යවන්නා ඔහු‌ගේ පෞද්ගලික කොකේන් ගනුදෙනු කරන්නාව 2021 වසරේදී හවුල්කරුවෙකුට හඳුන්වා දුන් බව පොලිසිය ප්‍රකාශ කළා. පසුව එම ගනුදෙනු කරන්නා සහ හවුල්කරු අමෙරිකානු ඩොලර් 200,000ක මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් ඔවුන් අතර සංවිධානය කළ බව පොලිසිය පවසනවා.

මැක්ගිල් පසුව සිදුවූ ගනුදෙනුවට සහභාගි නොවුන ද, ඔහු තහනම් කරන ලද මත්ද්‍රව්‍යක් සැපයීමේ ක්‍රියාදාමයට දැනුවත්ව කොටස්කරුවෙකු වීමේ චෝදනාවට වරදකරු බවට ජුරිය තීරණය කළ බව සිඩ්නි දිස්ත්‍රික් අධිකරණ වාර්තාවලින් පෙන්නුම් කරනවා. මේ වෙනුවෙන් ඔහුට පනවන දඬුවම මැයි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

fge63

ස්ටුඅර්ට් මැක්ගිල් 1998 හා 2008 අතර කාලය තුළ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 44කට සහ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග තුනකට ක්‍රීඩා කළා.

ඔහු ටෙස්ට් කඩුලු 208ක් සහ එක්දින කඩුලු 6ක් ලබා ගත්ත ද, සිය ක්‍රීඩා දිවිය එදා මෙදා තුර බිහිවූ එක් විශිෂ්ටතම දඟ පන්දු යවන්නෙකු වූ ෂේන් වෝන්ගේ ක්‍රීඩා දිවිය සමග සමපාතී වීමට තරම් ස්ටුඅර්ට් මැක්ගිල් අවාසනාවන්ත වුණා.

xfge6
warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්