leader s

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ආරම්භ කරමින් හිටපු පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි
(Shahid Afridi) ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) සභාපති මොසින් නක්වි (Mohsin Naqvi) ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කිසිවක් නොදන්නා බව තමාට කියා සිටියේ යැයි අෆ්රිඩි පවසනවා. “මම ක්‍රිකට් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ” යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානියා අෆ්රිඩි ට කියා තිබෙනවා.

ෂහිඩ් අෆ්රිඩිගේ මේ ප්‍රබල අනාවරණය සිදුවන්නේ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ පරිසර පද්ධතියේ කටයුතුවල තත්ත්වය පිළිබඳව දිගට හරහට වාද-විවාද හටගෙන තිබෙන අවස්ථාවක. පාකිස්තාන කණ්ඩායම 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලියේ මූලික වටයෙන් ම ඉවතට විසිවීමෙන් පසුව ප්‍රශ්න තවත් උග්‍ර වී තිබෙනවා.
rtert
මොහමඩ් රිස්වාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායම නවසිලන්තය හා ඉන්දියාව වෙතින් ලැබූ පරාජයන්ගෙන් පසුව එම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට අසමත් වුණා. පාකිස්තානයේ අවසාන මූලික අදියර තරගය වූ බංග්ලාදේශය සමග තරගය වර්ෂාව හේතුවෙන් අහෝසි වුණා. ඒ අනුව පාකිස්තානය මූලික තරග වටය අවසන් කළේ ඔවුන්ගේ තරග කොටසේ අන්තිම ස්ථානයෙන්.

ආකිබ් ජාවඩ්ගේ පුහුණු කිරීමේ සිට තරගාවලියේ ඔහුගේ ක්‍රීඩක තේරීම් දක්වා සෑම දෙයක් ම විවේචනයට ලක්වුණා. පාකිස්තානය සත්කාරකත්වය දැරූ චැම්පියන්ස් කුසලාන තරගාවලියට එම කණ්ඩායම ගියේ එක් ප්‍රධාන දඟ පන්දු යවන්නෙකු (අබ්රා අහමඩ්) සමග පමණයි.

ෂහිඩ් අෆ්රිඩි දැන් PCB සභාපති නක්වි විවේචනයට ලක් කරමින්, ඔහු නිලධාරී පෙලැන්තියේ අය වෙනුවට ක්‍රිකට් ගැන දන්නා පුද්ගලයන් වටකර ගත යුතු බව සඳහන් කරනවා.
 
grrf| පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොසින් නක්වි
“මට මීට දින කිහිපයකට පෙර ලාහෝර් නුවරදී සභාපතිව හමුවුනා. චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩාගණ සූදානම් කිරීම ආරම්භ කිරීමට ගත් මුල් පියවර, ගඩාෆි ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු ආදිය ඉතාම හොඳයි සහ ලස්සනයි. ඔහු යම් කාර්යයක් ඉටුකර තිබෙනවා. ඔහුට තවත් දේවල් කිරීමට අවශ්‍යව තිබෙනවා” යනුවෙන් අෆ්රිඩි ප්‍රකාශ කරනවා.

“නමුත් ඒ අතර ම ඔහු කියනවා ඔහු ක්‍රිකට් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඔබ ක්‍රිකට් ගැන දන්නේ නැත්නම් ඔබ ඒ ක්‍රීඩාවත් එක්ක මොනවා හරි සම්බන්ධයක් තියෙන හොඳ තාක්ෂණික පුද්ගලයන් සමග වැඩ කළ යුතුයි” අෆ්රිඩි පවසනවා.


පසුගිය වසර කිහිපය තිස්සේ, PCBය තුළ එහි මුරකරුවන්ගේ වෙනස්කම් කිහිපයක් පාකිස්තාන ක්‍රිකට් ක්ෂේත්‍රය දැක තිබෙනවා. පුහුණුකරුවන් කිහිප දෙනෙකු ම ඉල්ලා අස්වී තිබෙන අතර නායකත්වය එක් ක්‍රීඩකයෙකුගේ සිට තවත් ක්‍රීඩකයෙකුට මාරු වී තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට තිබෙන, පළපුරුදු වෘත්තීය පුද්ගලයන්ගේ අඩුව ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ ක්‍රීඩාව දුර්වල වීමට හේතු වී ඇතැයි අෆ්රිඩි සඳහන් කරනවා. පාකිස්තානයේ දේශීය ක්‍රිකට් ව්‍යූහය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ඔහු මතු කරනවා.

Shahid Afridi
“තේරීම් කමිටුවේ සහ අධ්‍යක්ෂවරුන්ගේ අපි දකිණ මුහුණු...ඔවුන් ක්‍රිකට් ගැන දන්නේ නැහැ, ඔවුන් සියල්ලෝම නිලධාරීන්ව සිටි අය. ක්‍රිකට් එක්ක ඒ අයගේ තිබෙන සම්බන්ධය මොකක්ද? ඒගොල්ලෝ තේරීම් කමිටුවේ ඉඳගෙන ඉන්නේ ඇයි? ඒ අය දේශීය ක්‍රිකට් ක්‍රමවේදය හසුරුවන්නේ ඇයි?” යනුවෙන් අෆ්රිඩි ප්‍රශ්න කරනවා.

මොසින් නක්වි පාකිස්තාන රජයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා යි. ඔහු, හිටපු පන්ජාබ් මහ ඇමති බාරකරුවකු ද වනවා. නක්වි පාකිස්තාන ක්‍රිකට් මුල් පුටුවට පැමිණියේ පසුගිය වසරේ.

මොසින් නක්වි යටතේ පාකිස්තානය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ද මූලික වටයෙන් ම ඉවතට විසිවුනා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්