leader s

ශ්‍රී ලංකා මුයිතායි කණ්ඩායම


20 වැනි ලෝක මුයිතායි සම්මේලන ශූරතාවලියේදී පදක්කම් 7ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

තායිලන්තයේ පැවති මේ ශූරතාවලියේදී රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කම් 2ක් හිමිකර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා මුයිතායි සංගමයේ සභාපති දයාන් සමරසේකරගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම.

රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූයේ සෙහස් අකීශ හා තරින්ද දසුන්ප්‍රිය යන ක්‍රීඩකයන්. සෙහස් කිලෝග්‍රෑම් 37 බර පංතියේ තරග වදිමින් අවසාන තරගයේදී ඉන්දියානු ක්‍රීඩකයා පරාජය කළ අතර තරින්ද කිලෝග්‍රෑම් 54 බර පංතියේ තරග කරමින් අවසාන තරගයේදී කිරිකිස්තාන ක්‍රීඩකයා පරාජය කළා.

රිදී පදක්කම් හිමිකර ගත්තේ ජොයෙල් ජයසූරිය, ලක්සිරි ද සිල්වා හා ශෙනාල් ෆනෑන්ඩෝ ක්‍රීඩකයන්.

පසිඳු සජන්ධන හා ඩිලෝන් පෙරේරා ලෝකඩ පදක්කම් හිමිකර ගත්තා.

රටවල් 44ක් නියෝජනය කරමින් මුයිතායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට අධික සංඛ්‍යාවක් මේ ශූරතාවලියට සහභාගි වුනා.

 

mauthai 1mauthai 3

mauthai 4

mauthai 5

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්