leader s

අමෙරිකාවේ නිව් ජර්සි හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති පාපන්දු සමාජ ලෝක කුසලාන (Club World Cup) අවසාන තරගයට පැමිණි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව පිළිගනු ලැබුවේ මහා හූ හඬකින්.

 

යුරෝපයේ ප්‍රබලතම පාපන්දු ක්‍රීඩා සමාජ දෙකක් වන චෙල්සී හා පැරිස් සැන්-ජමෑන් අතර ඉරිදා පැවති අවසාන තරගය ආරම්භයට පෙර අමෙරිකානු ජාතික ගීය වාදනය වන විට ක්‍රීඩාංගණයේ සවිකර ඇති වීඩියෝ පුවරුවල ට්‍රම්ප්ව දිස්වූ අවස්ථාවේදී විශාල ලෙස පැතිරුණු හූ හඬක් නිකුත් වූ අතර පසුව ඔහු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ සමග තරගාවලියේ ජයග්‍රාහී කුසලානය, තනි සම්මාන හා පදක්කම් පිරිනැමීමට වේදිකාව වෙත ඇවිද ගිය අවස්ථාවේදී ද නරඹන්නන් “හූ” කියමින් අමෙරිකානු ජනාධිපතිවරයාට සරදම් කළ බව වාර්තා වනවා.

පසුව ට්‍රම්ප් සහ ඉන්ෆන්ටීනෝ එක්ව පාපන්දු සමාජ ලෝක කුසලානය වේදිකාවේ සිටි ජයග්‍රාහී චෙල්සී කණ්ඩායම වෙත රැගෙන ගියා. එහිදී ඉන්ෆන්ටීනෝ රූපවාහිනී කැමරා රාමුවෙන් ඉවතට ගිය අතර චෙල්සී නායක රීස් ජේම්ස් කුසලානය ඔසවමින් හා ඔහුගේ කණ්ඩායම් සගයන් ඔහු වටා සිටිමින් ජයග්‍රහණය සමරද්දී ට්‍රම්ප් ඔවුන්ට මැදිව සිටින අයුරු දිස්වුනා.

 



අන්තර් පාපන්දු සමාජ පාපන්දුවේ ලෝක ශූර කණ්ඩායමක් තෝරා ගැනීම ඉලක්ක කරගෙන පැවති මේ තරගාවලියේ අවසාන තරගය පස්වරු 3.00 ට ආරම්භ වූයේ කණ්ඩායම් විශාල ප්‍රමාණයකට ව්‍යාප්ත කර තිබූ මේ මතභේදාත්මක තරගාවලිය පුරාම ප්‍රධාන මාතෘකාව බවට පත්වූ දැඩි උණුසුම මධ්‍යයේ. 

මේ තරගයට අමෙරිකානු විශේෂ සම්බන්ධයක් ද තිබුනේ චෙල්සී කණ්ඩායමේ අයිතිකරුවන් වන්නේ අමෙරිකානු බිලියනපතියකු වන ටොඩ් බෝලි (Todd Boehly) ට හිමි ආයතනයක් වන බැවින්. තරගයෙන් පසුව බෝලි ද ට්‍රම්ප්, ඉන්ෆන්ටීනෝ හා අවසාන තරගයේ ගෝල් 3-0ක පරාජයක් ලැබූ පැරිස් සැන්-ජමෑන් පාපන්දු සමාජයේ සභාපති Nasser el-Khelaifi සමග වේදිකාවේ එක්වුනා.

මිනිත්තු අටක් පමණ ප්‍රමාද වී තරගය ආරම්භ වූයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 85ක්ව (සෙන්ටිග්‍රේඩ් අංශක 29) තිබියදී. ක්‍රීඩාංගණයේ ආරක්ෂාව මීට පෙර එහි පැවති තරගවලට වඩා ඉහළ දමා තිබූ අතර රහස් සේවා ඒජන්තවරුන් ගේට්ටුවලට යොදවා තිබුණා.

 



ජනපතිගේ මෝටර් රථ පෙරහැර නතර වූයේ ක්‍රීඩකයින් ක්‍රීඩාංගණයට ඇතුළු වන ස්ථානයට යාබදව පිහිටි විශේෂ ඇතුළු වීමේ දොරටුවේ. මේ ලෝක කුසලාන තරගාවලියේ සෑම තරගයකම ආරම්භයට පැයකට කළින් වාදනය කෙරුණු අමෙරිකානු ජාතික ගීය මෙවර තරගය ආරම්භ වීමට මොහොතකට පෙර දක්වා කල්දමා තිබුනේ ට්‍රම්ප්ගේ පැමිණීම නිසා. ට්‍රම්ප් ජාතික ගීය වෙනුවෙන් සිටගෙන සිටින අයුරු ක්‍රීඩාංගණයේ වීඩියෝ පුවරුවලින් ප්‍රදර්ශනය කරද්දී සෙනඟ ඊට ප්‍රතිචාර දැක්වූයේ ඔවුන්ගේ අප්‍රසාදය පැතිරීමට තත්පර කිහිපයක් “හූ” කියමින්.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වයේ අයිතීන් අමෙරිකාව ට 2023 වසරේ පිරිනැමුනු අවස්ථාවේ පටන් ට්‍රම්ප් සමග සමීප ඇසුරක් ගොඩනගා ගැනීමට ඉන්ෆන්ටීනෝ කිහිප අවස්ථාවකම කටයුතු කර තිබෙනවා. ට්‍රම්ප් සමග තමාගේ සබඳතාව නිසැකව ම ඉතා වැදගත් බවට පෙබරවාරියේ පැවති ජාත්‍යන්තර පාපන්දු සම්මේලන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී පෙන්වා දුන් ඉන්ෆන්ටීනෝ, ලෝක කුසලාන පාපන්දු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම නිවේදනය කළ අවස්ථාවේ ධවල මන්දිරයේ සිටීම ඇතුළු අවස්ථා ගණනාවකදීම ට්‍රම්ප් පසෙකින් සිටින අයුරු දක්නට ලැබුණා.

FIFA දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කුලී නිවැසියෙක්

පසුව ‌ලෝක කුසලාන ශ්‍රම බලකායේ පළමු මහජන රැස්වීමේදී ට්‍රම්ප් සහ උපජනාධිපති ජේ.ඩී.වාන්ස් සමග එකට අසුන් ගෙන සිටි ඉන්ෆන්ටීනෝ, ට්‍රම්ප් සමග මේ වසරේ ඔහුගේ මැද පෙරදිග සංචාරයට ද එක්වුනා. මේ සංචාරය නිසා ඔහුට  පැරගුවේ හි පැවති FIFA කොන්ග්‍රසයට පැමිණීම ප්‍රමාද වූ අතර එයින් කෝපයට පත් යුරෝපීය පාපන්දු නියෝජිතයන් ඉන්ෆන්ටීනෝ පමා‌වී රැස්වීමට පැමිණීමට විරෝධය පෑමක් ලෙස එම සාකච්ඡාවට සහභාගි නොවී අසුන්වලින් නැගිට පිටව ගියා.


Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්