leader s

සිය ඕවර හතර ලකුණු 11 කට සීමා කරමින් කඩුලු 4 ක් ද දවාගත් මහෙදි හසන් කළ පන්දු යැවීම නිසා පළමු වතාවට ශ්‍රී ලංකාව පරදවා විස්සයි-20 තරගාවලි ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත් විය.


කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ  (16 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී බංග්ලාදේශය ලබාගත් කඩුලු 8 ක ජයත් සමගින් ලිටන් දාස් ඇතුළු බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව පරදවා 2-1 ක තරගාවලි ජයක් අත්කර ගත්තේය.

විසි හතර හැවිරිදි ටැන්සිඩ් හසන් සකීබ්, සිය තරග 26 ක විස්සයි-20 තරග දිවියේ හොඳම පිතිහරඹය ප්‍රදර්ශනය කරමින් නොදැවී ලකුණු 73 ක් ලබාගත්තේ බංග්ලාදේශය ජයටැඹ කරා කැඳවාගෙන යමිනි.

 

403848.6

බංග්ලාදේශ ඉනිමේ පළමු පන්දුවේදීම පර්වේස් හොසේන් දැවී ගිය නමුත් නායක ලිටන් දාස් (32) සහ තව්හීද් රිදෝයි (නොදැවී 27) දෙදෙනා ටැන්සිඩ් හසන්ට විශිෂ්ට සහයෝගයක් දුන්හ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි-20 තරග පුරාණය වසර 2007 ලෝක කුසලාන තරගාවලිය දක්වා ඈතට දිව යතත්, දෙරට අතර ද්විපාර්ශික විස්සයි-20 තරගාවලි ආරම්භ වන්නේ 2013 සිටය. එදා මෙදා තුර තරගාවලි 6 ක් පැවැත්වී ඇතත් එම තරගාවලි 6 න් තරගාවලි 5 ක ජය ශ්‍රී ලංකාවට හිමිවිය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් එක් අන්තයකින් පන්දු යැවීම ආරම්භ කළ පිට දඟ පන්දු යවන්නා වූ මහෙදි හසන් මහ විනාශයකට මුල පිරුවේය. තම සිව්වැනි ඕවරය නොයිඳුල් ඕවරයක් ලෙසින් අවසන් කළ මහෙදි හසන්ගේ ඕවර 4 නිමා වන විට ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ පිතිකරුවෝ පස් දෙනෙකුම ලකුණු 66 ක් තුළදී දැවී ගොස් තිබිණ.

 

403845

මහෙදි හසන් නතර කළ තැනින් ශ්‍රී ලංකා ඉනිම සිරකරගත් රිෂාඩ් හොසේන් සිය ඕවර 4 ලකුණු 20 කට සීමාකරගත් අතර බංග්ලාදේශ නායකයා තම පන්දු යවන්නන් ප්‍රවේසමෙන් එහා මෙහා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පීඩනය වැඩි කළේය.

19 වැනි ඕවරය නිමාවේදීත් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ තිබුණේ ලකුණු 110 කි. එහෙත් අවසන් ඕවරයේදී දසුන් ශානක කළ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 132 ක් ලබාගත්තේය.

kelimandala | දමින්ද විජේසූරිය)

image1image2

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්