leader s

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනියට අඩුම මුළු ලකුණු සංඛ්‍යාව වන 27 ට දැවී යමින් ඔස්ට්‍රේලියාව හමුවේ ලැබූ අන්ත පරාජයෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන් ඔවුන්ගේ පුරාවෘත්තයන් වන සර් විවියන් රිචර්ඩ්ස්, සර් ක්ලයිව් ලොයිඩ් සහ බ්‍රයන් ලාරා යන හිටපු ක්‍රීඩකයන්ගේ උපදෙස් ඉල්ලා තිබෙනවා.

 

1955 වසරෙන් පසුව වඩාත් අසතුටුදායක මුළු ලකුණු ප්‍රමාණයකට දැවී ගිය කොදෙව්වන් ජැමෙයිකාවේදී තෙවැනි ටෙස්ට් තරගයෙන් පරදිමින් තරගමාලාවෙන් ද සම්පූර්ණයෙන්ම පරාජයට පත්වුනා.

kishoreබටහිර ඉන්දීය‌ කොදෙව් ක්‍රිකට් සභාපති ආචාර්ය කිෂෝ ෂැලෝ

 

මීට ප්‍රතිචාරයක් වශයෙන් බටහිර ඉන්දීය‌ කොදෙව් ක්‍රිකට් සභාපති ආචාර්ය කිෂෝ ෂැලෝ (Kishore Shallow) මේ තරගමාලාව හා විශේෂයෙන් අවසාන ටෙස්ට් තරගය සමාලෝචනය කිරීම පිණිස හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.

කණ්ඩායමේ වර්තමාන පිතිකරණ දුර්වලතාව පිළිබඳව අවධානය යොමු කරමින් මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම කොදෙව් පිතිකරුවන් ලෙස ෂැ‌ලෝ විසින් හඳුන්වනු ලබන රිචර්ඩ්ස්, ලොයිඩ් සහ ලාරා ට මේ රැස්වීමට සහභාගි වන ලෙසට ආරාධනය කර තිබෙනවා.

ඔවුන් අනෙකුත් ශ්‍රේෂ්ඨ කොදෙව් පිතිකරුවන් වන ෂිව්නාරයින් චන්ඩපෝල් සහ ඩෙස්මන්ඩ් හේන්ස් හා හිටපු වේග පන්දු යවන්නකු වන ඉයන් බ්‍රැඩ්ෂෝ සමග එක්වීමට නියමිතයි.

b67i6889797yyuyujghjgvch

 

“මේ හමුව චාරිත්‍රානුකූල දෙයක් නෙවෙයි” ආචාර්ය ෂැලෝ විසින් නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබෙනවා. “මේ අපේ රත්තරං යුගයන් නිර්වචනය කිරීමට උපකාරී වූ පුද්ගලයන්. අපේ ක්‍රිකට් සංවර්ධනයේ ඊළඟ පියවර සැලසුම් කරමින් සිටින මේ මොහොතේ ඔවුන්ගේ අදහස් ඉතාමත් වටිනවා.”

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් වරට ටෙස්ට් තරගමාලාවක් ජය ගත්තේ 1-0ක් ලෙස සිම්බාබ්වේ ට එරෙහිව එම රටේදී. ඒ මීට වසර දෙක හමාරකට පෙර. බංග්ලාදේශය ට එරෙහිව 2-0ක් වශයෙන් කොදෙව්වන් ඔවුන්ගේ මව්බිමේදී අවසාන වතාවට ටෙස්ට් තරගමාලාවක ජයග්‍රාහී රසය වින්දේ මීට තෙවසරට ඉහතදී.




ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අඩුම මුළු ලකුණු

* 26 නවසිලන්තය - එංගලන්තය ට එරෙහිව ඔක්ලන්ඩ් හිදී (1955 මාර්තු)

* 27 බටහිර ඉන්දීය කොදෙව් - ඔස්ට්‍රේලියාව ට එරෙහිව කිංස්ටන් හිදී (2025 ජූලි)

* 30 දකුණු අප්‍රිකාව - එංගලන්තය ට එරෙහිව පෝට් එලිසබත් හිදී (1896 පෙබරවාරි)

* 30 දකුණු අප්‍රිකාව - එංගලන්තය ට එරෙහිව බර්මිංහැම් හිදී (1924 ජූනි)

* 35 දකුණු අප්‍රිකාව - එංගලන්තය ට එරෙහිව කේප් ටවුන් හිදී (1899)

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්