leader s

රිය අනතුරෙන් මිය ගිය ඩිඔගෝ ජෝටා ට කරන ගෞරවයක් ලෙස ඔහු පැළඳ සිටි අංක 20 කමිසය විශ්‍රාම ගැන්වීමට ලිවපූල් පාපන්දු සමාජය තීරණය කර තිබෙනවා.
ජෝටා සහ ඔහුගේ සොයුරු ඇන්ඩෲ සිල්වා මීට දින කිහිපයකට පෙර රිය අනතුරකින් මිය ගියා.


2020 වසරේ ලිවපූල් කණ්ඩායමට එක්වීමෙන් පසුව ජෝටා ක්‍රීඩා කළේ අංක 20 කමිසය පැළඳ ගෙන.

දැන්, ඔහුගේ වැන්දඹුව වන රූට් සහ පවුලේ සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ජෝටාගේ ක්‍රීඩා අංකය ලිවපූල් පාපන්දු සමාජයේ කාන්තා හා ඇකඩමිය ද ඇතුළුව සියලු මට්ටමෙන් විශ්‍රාම ගන්වන බව එම සමාජය නිවේදනය කර තිබෙනවා.

ඔවුන් මේ පියවර ගෙන තිබෙන්නේ තරග බිමේ ජෝටාගේ කැපවීම පමණක් නොව ලිවපූල් පාපන්දු සමාජය සමග ඔහු ගත කළ වසර පහේදී එම සමාජය සමග සම්බන්ධකම් තිබූ අයට ඔහුගෙන් සිදුවූ පෞද්ගලික බලපෑම ද අගය කිරීමට බව ලිවපූල් ප්‍රකාශ කරනවා.

මේ තීරණයට එළඹීමේදී ජෝටාගේ බිරිඳ සහ ඔහුගේ පවුල ද සම්බන්ධ කර ගැනීම ඉතාමත් වැදගත් වූ බවත් මෙහි අරමුණ පිළිබඳව පළමුව දැනගන්නේ ඔවුන් බවට සහතික වීමට අවශ්‍ය වූ බවත් ලිවපූල් සමාජය කියනවා.

diogo jersey

ලිවපූල් පාපන්දු සමාජ ඉතිහාසයේ තනි පුද්ගලයෙක් වෙනුවෙන් මෙවැනි විශාල ගෞරවයක් ලබා දුන් ප්‍රථම අවස්ථාවයි මේ. ජෝටාගේ ක්‍රීඩා අංකය විශ්‍රාම ගැන්වීමෙන් එය සදාකාලික කරන බවත් ඒ අනුව ඔහුව කිසි දිනෙක අමතක නොවනු ඇති බවත් එම සමාජය සඳහන් කරනවා.

 

ඩිඔගෝ ජෝටා ලිවපූල් සමාජයට බැඳීමෙන් පසුව ඔහු එම කණ්ඩායමට 20 වැනි එංගලන්ත ලීග් ශූරතාව දිනා දුන්නේ අංක 20 දරණ කමිසය ගෞරවය, විශිෂ්ටතාව හා ආදරයෙන් පළඳිමින්.


ලිවපූල් කණ්ඩායම ප්‍රකාශ කරන පරිදි ඩිඔගෝ ජෝටා සැමදාටම ඔවුන්ගේ අංක 20 ක්‍රීඩකයා ලෙස සිටිනවා.

 

sithuwama

‌මේ අතර ජෝටා ට උපහාරයක් වශයෙන් ලිවපූල් පාපන්දු සමාජයේ ඇන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ නිර්මාණය කරමින් තිබූ බිතු සිතුවම දැන් සම්පූර්ණ කර තිබෙනවා.

ජෝටා ජයග්‍රාහී ක්‍රියාවක් සැමරීමේදී ඔහුගේ අත්වලින් හදවතක් නිරූපණ කළ අයුරු එම සිතුවමෙන් ප්‍රදර්ශනය වනවා.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සබැඳි පුවත් :

ඩිඔගෝ ජෝටාගේ මාරක අනතුරට හේතුව අධික වේගයෙන් රිය පැදවීම - ස්පාඤ්ඤ පොලිසිය

රිය අනතුරින් මිය ගිය පෘතුගාල ක්‍රීඩකයාට ජගත් පාපන්දුවේ හා විම්බල්ඩන් පිටියේ ගෞරවය

රිය අනතුරකින් මිය ගිය පෘතුගාල-ලිවපූල් ක්‍රීඩක ඩිඔගෝ ජෝටා වෙනුවෙන් පාපන්දු ලොව වැලපෙයි

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්