leader s

ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් වන මර්ති මන්ධානා (Smriti Mandhana) සහ ප්‍රාටිකා රවාල් (Pratika Rawal) ‌ෙඑතිහාසික වික්‍රමයක් වාර්තා කර තිබෙනවා. ඒ, ආරම්භක පිතිකාරිනී යුගලයක් ලෙසින් ලකුණු 1000ක් සම්පූර්ණ කරමින්.

එංගලන්තය ට එරෙහිව සදම්ප්ටන් හි පැවති පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේදී ලකුණු 48ක සබඳතාවක් ගොඩනගමිනුයි මන්ධානා සහ රවාල් මේ වාර්තාව තබා තිබෙන්නේ.

mandana

මේ දෙදෙනා මේ දක්ෂකම ඉනිම 12කින් පමණක් සම්පූර්ණ කළේ 84.66ක සාමාන්‍යයකින්.

කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ අවම වශයෙන් ලකුණු දහසක් වන ආරම්භක කඩුලු සබඳතාව සඳහා වන වැඩිම සාමාන්‍යය මෙයයි.

දෙවැනියට වැඩිම සාමාන්‍යය සටහන් කර තිබෙන්නේ එංගලන්තයේ කැරලයින් ඇට්කින්ස් (Caroline Atkins) සහ සාරා ටේලර් (Sarah Taylor). ඔවුන් වාර්තා කළ සාමාන්‍යය 68.83ක්.

6878866ed8d301752729198

මන්ධානා සහ රවාල්ගේ සාමාන්‍යය කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් තිබෙන දෙවැනියට හොඳම සාමාන්‍යය ද වනවා.

මෙග් ලෙනිං (Meg Lanning) සහ එලීසි පෙරී (Elysse Perry) යන ඔස්ට්‍රේලියානු පිතිකාරිනී යුගලය සතුව 96.42ක සාමාන්‍යයක් තිබුණා.


(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්