leader s

පසුගියදා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් වරම් දිනා ගන්නවා. තමන්ගේ මංගල ටෙස්ට් තරගයේදී කඩුලු තුනක් බිඳ දමන්න සොනාල් සමත් වෙනවා. එතැනින් පස්සේ ඕස්ට්‍රේලියානු A තරග සංචාරය !


ඔහුට ජාතික කන්ඩායමේ අවස්ථාව ලැබුනේ ඇයි කියලා ඔහු යලි යලිත් සනාථ කරා...! ඒ සිව්දින තරගයේ නොදැවී ලකුණු 105ක් රැස් කරල අනර්ඝ ශතකයක් ඕස්ට්‍රේලියානු වේග තණතීරුවල ලබාගත් සොනාල් දඟ පන්දුවෙන් කඩුලු 4කුත් එම තරගයේම වග කියනවා.

එතැනින් නොනැවතී ඕස්ට්‍රේලියාව සමග පැවති දෙවෙනි සිව්දින තරගයෙත් සිය පිත්ත ක්‍රියාත්මක කල මේ හුරුබුහුටි මැදපෙල පිතිකරුවා ලකුණු 88ක් රැස්කර ගන්නවා.

මෙවර අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී දනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස් වැනි ප්‍රභල නම්දරාපු නායකයින් රාශියක් සිටින CCC කන්ඩායමේ නායකයා ලෙස කටයුතු කලේ සොනාල්..!

sonal

මේ තරගයේදී පිත්තෙන් පන්දු 72කදී නොදැවී ලකුණු 88ක් රැස් කරමින් මනා ලෙස නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කරමින් කන්ඩායමේ අවසන් මහා තරගය කරා රැගෙන යන්නට සොනාල්ට හැකි වුනා. ඒ තුලින් අනාගතයට සොනාල්ගේ තුන් ඉරියව් දක්ෂතා වලට අමතරව සොනාල් දිනූෂ නම් සූක්ෂම නායකයාද ගොඩනැගෙන්න පටන් අරන් තියෙනවා.

ඉතිං අන්න ඒකයි කිව්වේ...
මේ හැදෙන්නේ එසේ මෙසේ චරිතයක් නෙමෙයි !

හරියට හැදුනොත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට වටිනා මැණිකක්..! වර්තමානය වෙද්දී සොනාල් ක්‍රීඩකයෙක් විදිහට දක්ෂතා වලින් වගේම විනය අතිනුත් ඉහලම තලයක ඉන්න ක්‍රීඩකයෙක්...!

අපේ රටේ තුන් ඉරියව් ක්‍රීඩකයින් බොහොමයක් බිහි වුනත් පිත්තෙන් පන්දුවෙන් එක හා සමාන දක්ෂතා පෙන්වන මෙවැනි Genuine Allrounderලා බිහි වෙන්නේ හරි කලාතුරකින්...

ඒ බව සොනාල් මේ වනවිටත් එයාගේ පලමුපෙල දක්ෂතා වලින් පෙන්වා තිබෙනවා. පලමුපෙල තරගවල ශතක 8ක් සමගින් ලකුණු 2682ක් රැස් කර ගනිද්දී පිතිකරන සාමාන්‍යය 42.57ක ඉහල අගයක් රදවා ගන්නවා. ඒ වගේම පන්දුවෙන් තරග 51කදි කඩුලු 106ක් දඩයම් කරන්නට මේ හුරුබුහුටි දඩයක්කාරයා සමත් වෙනවා.

සොනාල් ටෙස්ට් තරගවල වගේම එක්දින තරග වලත් දක්ෂයෙක්..!

1750856969294 Sonal Dinusha

List A තරගවල මේ වනවිට ලකුණු 1420ක් රැස් කරගෙන ඉන්න සොනාල්ගේ පිතිකරන සාමාන්‍යය 39.44ක්... හැබැයි ප්‍රහාරාත්මක වේගය තවත් දියුණු කරගත යුතුව තිබෙනවා. ලංකාවේ බොහොමයක් තණතීරු දඟ පන්දු යවන්නන්ට වැඩි වාසිදායක වීම ඊට හේතු වෙන්න පුලුවන් ! සොනාල් පන්දු යවන්නෙක් ලෙසත් කඩුලු 49ක් දවාගෙන තියෙනවා.

හැබැයි හොද තණතීරු වල තරගයට ගැලපෙන ලෙස තමන්ගේ ප්‍රහාරාත්මක වේගය වැඩි කර ගැනීමේ හැකියාව ඔහුට තිබෙනවා. මේ දේවල් තවත් වර්ධනය කරගන්න ඔහුට හැකියි. දැන් ලැබෙන්න ඕනි මේ දක්ෂතා ජාතික තලයේ වර්ධනය කරගන්න අවස්ථා විතරයි..!

චරිත් අසලංක අංක තුන පිතිකරුවෙක් වුනත් ඔහුට ජාතික කන්ඩායමේ ක්‍රීඩා කරන්න ඉඩ සැකසුනේ අංක පහ පිතිකරුවෙක් විදිහට. ඉතිං ඔහු ඒ තැනට හැඩ ගැසුනා. ප්‍රහාරාත්මක වේගය වර්ධනය කරගර ගත්තා. අද වෙද්දී ජාතික කන්ඩායමේ නායකයා පවා වෙලා තියෙනවා. පැතුම් නිස්සංක වුනත් විස්සයි විස්ස තරගවල මුලදී පෙන්නපු ප්‍රහාරාත්මක වේගයට වඩා හාත්පසින්ම වෙනස් දියුණුවක් අද වෙද්දී පෙන්වනවා.

 

Pathum Nissanka පැතුම් නිස්සංක
ඉතිං මේක තමයි වෙලාව..!

ඉදිරියේදී එන සිම්බාබ්වේ තරගාවලියේදී විශේෂයෙන්ම එක්දින තරගවල අපි එළැඹෙන එක්දින ලෝක කුසලානය ඉලක්ක කරගෙන ක්‍රීඩකයින් හදනවා නම් මෙන්න ඉන්නවා මෑන්...

මෙයා විතරක් නෙමෙයි. තව ඉන්නවා. පවන් රත්නායක, නුවනිදු ප්‍රනාන්දු, කමිල් මිෂාර වගේ තව ලිස්ට් එකක්ම ඉන්නවා.

කැමති නම් ට්‍රයි කරලා බලන්න පුලුවන් !

කවුරු වෙනුවට කොතනටද කියලා නම් අහන්න එපා..!

ඒකට තමයි අද ලෝකේ ලංකාව හැර හැම රටක්ම Rest and Rotation Policy එක නිවැරදිව පාවිච්චි කරන්නේ...

එක තැන පල් නොවී අනාගතයට ක්‍රීඩකයින් හදන්නේ...

මේ ඉන්නේ අනාගතය වෙනුවෙන් හදනවා නම් කොලිටි චරිතයක් !

Keep it up සූර පප්පා...

(  | Rishie Bro)

උපුටා ගැනීම - Rishie Bro ෆේස්බුක් පිටුවෙන්...
July 28

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්