leader s

යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා බවට දකුණු අප්‍රිකාවේ යෝරික් වැන් ෂෝක්වික් (Jorich Van Schalkwyk) පත්ව සිටිනවා.

දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ෂෝක්වික් මීට දින කිහිපයකට පෙර මේ වාර්තාව පිහිටුවීමට ගත් උත්සාහයට ආලෝකය මඳවීම හරස් වුනා.

 



සිම්බාබ්වේ හි පැවති අවුරුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සත්කාරක පිලට එරෙහිව දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළ ෂෝක්වික් ඔහුගේ පිතිහරඹය අරමුණක් ඇතිව ආරම්භ කළේ තරගයේ දෙවැනි ඕවරයේදී හතරේ පහර තුනක් එල්ල කරමින්.

තම කණ්ඩායම පළමු ඕවර 10 ඇතුළත කඩුලු දෙකක් අහිමි කරගෙන සිටියදීත් වේගවත් පිතිකරණයක දිගටම නියැලුනු මේ 18 හැවිරිදි පිතිකරුවා පන්දු 48කින් ඔහුගේ අර්ධ ශතකයට පිවිසියා. ඔහුගේ දෙවැනි ලකුණු 50 ඊටත් වඩා වේගවත් වූ අතර ඔහු මුහුණ දුන් 86 වැනි පන්දුවෙන් ෂෝක්වික් සිය ශතකය ලබා ගත්තා.

 

ඒ ශතකයෙන් සටහන් වූයේ පසුගිය සතියේ අඟහරුවාදා බංග්ලාදේශය ට එරෙහිව ෂෝක්වික් නොදැවී ලබා ගත් ලකුණු 164 ට පසුව ඔහු පිට පිට ලබා ගත් තෙවැනි ශතකය. එම තරගය ආලෝකය මඳ වීම හේතුවෙන් නතර කෙරුනේ දකුණු අප්‍රිකානු ඉනිමේ තවත් පන්දු 32ක් ඉතිරිව තිබියදී. ඒ හේතුවෙන් ෂෝක්වික් ට ඕවර 50 ද්විත්ව ශතකයක් ලබා ගත් ප්‍රථම අවුරුදු 19න් පහළ පිතිකරුවා වීමේ අවස්ථාව එදා අහිමි වුනා.

කෙසේ වෙතත්, ජූලි 25 වැනිදා ඒ අඩුපාඩුව සපුරා ගත් ෂෝක්වික්, පන්දු 145කින් ලකුණු 200 සම්පූර්ණ කිරීමට සමත් වුනා. ඒ වන විට ඔහු 2018 වසරේ කෙන්යාව ට එරෙහිව ශ්‍රී ලංකාවේ හසිත බෝයගොඩගේ ලකුණු 191ක් රැස් කරමින් පිහිටුවා තිබූ ඕවර 50 යොවුන් ක්‍රිකට් තරග බිමේ වැඩිම ලකුණු වාර්තාව අභිබවා ගොස් සිටියා.

jorich

 

ෂෝක්වික්ගේ මේ උත්සාහයට පෙර දකුණු අප්‍රිකානු අවුරුදු 19න් පහළ පිතිකරුවෙකුගේ වැඩිම ලකුණු වාර්තා කර තිබුනේ ජැක්ස් රුඩොල්ෆ්. ඒ, 2000 වසරේ පැවති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගයේ.

අවසානයේ ෂෝක්වික් ලකුණු 215කට දැවී ගියා.

අවුරුදු 19න් පහළ පිරිමි යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වැඩිම ලකුණු

215 - දකුණු අප්‍රිකාවේ යෝරික් වැන් ෂෝක්වික් - සිම්බාබ්වේ ට එරෙහිව හරාරේ හිදී (2025)

191 – ශ්‍රී ලංකාවේ හසිත බෝයගොඩ - කෙන්යාව ට එරෙහිව ලින්කන් හිදී (2018)

180 - නවසිලන්තයේ යාකබ් බූලා - කෙන්යාව ට එරෙහිව ක්‍රයිස්ට්චර්ච් හිදී (2018)

179 (නොදැවී) - ඔස්ට්‍රේලියාවේ තියෝ ඩුරාපලස් - එංගලන්තය ට එරෙහිව සිඩ්නි හිදී (2003)

177 (නොදැවී) - ඉන්දියාවේ අම්බතී රයිඩු - එංගලන්තය ට එරෙහිව ටෝන්ටන් හිදී (2002)

176 - බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඩොනවන් පැගන් - ස්කොට්ලන්තය ට එරෙහිව ඩනෙඩින් හිදී (2002)

174 - එංගලන්තයේ ෆ්‍රෙඩී මැකෑන් - ශ්‍රී ලංකාව ට එරෙහිව හෝව් හිදී (2024)

166 - බටහිර ඉන්දීය කොදෙව් පිලේ කීගන් සිමන්ස්  - කැනඩාව ට එරෙහිව ලින්කන් හිදී (2018)

164 (නොදැවී) - නවසිලන්තයේ ජේම්ස් මාෂල් - නැමීබියාව ට එරෙහිව ප්‍රිටෝරියා හිදී (1998)

164 (නොදැවී) - දකුණු අප්‍රිකාවේ යෝරික් වැන් ෂෝක්වික් - බංග්ලාදේශය ට එරෙහිව බෙනෝනි හිදී (2025)

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්