leader s

සුපිරි මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලියන්හි කාන්තා අංශයේ තරග කිරීමට බලාපොරොත්තු වන ජවන හා පිටිය ක්‍රීඩිකාවන් ලබන සැප්තැම්බර් මාසයේ සිට ජාන පරීක්ෂාවක් කර ගත යුතු බව ලෝක මලල ක්‍රීඩා ආයතනය (World Athletics) නිවේදනය කරනවා.


සැප්තැම්බර් 13 සිට 21 දක්වා ටෝකියා නුවර පැවැත්වෙන ලෝක ශූරතාවලියට පෙර මේ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ජීව විද්‍යාත්මක වීදුරු සීලිමක් නැති ක්‍රීඩාවකට තමා අවතීර්ණ වන බවට කාන්තාවන් තුළ විශ්වාසයක් ඇති කිරීමේ අරමුණින් යුතුව මේ පියවර ගත්තේ කාන්තාවන් වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමට ස්ථිර වශයෙන් උත්සාහ කරමින් සිටින ක්‍රීඩාවකට ජීව විද්‍යාත්මක ස්ත්‍රීපුරුෂ භාවය තහවුරු කර ගැනීම ඉතා වැදගත් වන නිසා යැයි ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබැස්ටියන් කෝ (Sebastian Coe) ප්‍රකාශ කරනවා. 

coeලෝක මලල ක්‍රීඩා සභාපති සෙබැස්ටියන් කෝ
පිරිමි ජාන වර්ධනය කිරීමට හේතුවන Y ක්‍රෝමසොමවල කොටසක් වන SRY ජානය සඳහා පරීක්ෂණය කම්මුල් මාත්තුවකින් හෝ රුධිර පරීක්ෂාවකින් සිදුකළ හැකියි.

ක්‍රීඩිකාවකට Y ක්‍රෝමසොම පරීක්ෂණයේදී ලැබෙන්නේ සෘණාත්මක ප්‍රතිඵලයක් නම් ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීමේ තරගාවලියන්හි කාන්තා අංශයේ තරග කිරීමට සුදුසුකම් ලබනවා.

ප්‍රතිඵලය ධනාත්මක නම් ඔවුන්ට තරග කළ හැක්කේ ලෝක ශ්‍රේණිගත කිරීම් නොකරන තරගාවලියන්හි කාන්තා අංශයේ හෝ කාන්තාවන් සඳහා නොවන වෙනත් අංශයක පමණයි.

පරීක්ෂණ පැවැත්වීමේ වගකීම පැවරී තිබෙන්නේ ලෝක මලල ක්‍රීඩා ආයතනයේ සාමාජික සම්මේලනවලට.

5066
මේ පරීක්ෂණය ඉතාමත් නිවැරදි බව එම ආයතනය පවසන්නේ ව්‍යාජ සෘණාත්මක හෝ ධනාත්මක ප්‍රතිඵල ලැබීමේ අවදානමක් නැතැයි සඳහන් කරමින්.

ලෝක බොක්සිං පාලකයන් මේ වසරේ සිට ඔවුන්ගේ සියලුම තරගාවලියන් වෙනුවෙන් අනිවාර්ය ලිංගිකතාව පරීක්ෂාවක් ලෙසින් ප්‍රකාශයට පත්කළේ ද මේ SRY පරීක්ෂණය.

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට කාන්තා තරගවලදී තිබෙන ජීව විද්‍යාත්මක වාසිය හේතුවෙන් ඔවුන්ට කාන්තා අංශයේ තරග කිරීම ලෝක මලල ක්‍රීඩා ආයතනය විසින් තහනම් කර තිබෙනවා.

 



warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්