ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද සහභාගිත්වය ඇතිව පැවැත්වෙන 6 වැනි ලංකා ප්‍රිමිය ලීගය (LPL – Lanka Premier League) මේ වසරේ ක්‍රීඩා කෙරෙන්නේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
මේ කාල රාමුව තුළ LPL තරගාවලිය පැවැත්වීමේ ඉලක්කය වී තිබෙන්නේ එම තරගාවලිය ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය (T20 World Cup 2026) සමග පෙළ ගැස්වීම බව එම තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පවසනවා.
ඒ අනුව මේ තරගාවලිය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන අතර තරග ක්‍රීඩා කෙරෙන ස්ථාන ලෙස නම් කර තිබෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස, පල්ලෙකැලේ සහ රංගිරි දඹුල්ල යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශීය විස්සයි20 තරගාවලිය වන LPL, රටේ පළමු පෙලේ ක්‍රීඩා කරන ඉහළම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරු සමග එක්ව සිට හෝ ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කිරීමට ලැබෙන උද්යෝගිමත් වේදිකාවක්.
ලංකා ප්‍රිමිය ලීගය ප්‍රථම වතාවට පැවැත්වුනේ 2020 වසරේ. එතැන් සිට මේ ලීගය වාර්ෂිකව පවත්වා ගෙන එන අතර එය ශ්‍රී ලාංකේය ක්‍රිකට් කැලැන්ඩරයේ ඉතා වැදගත් ඉසව්වක් බවට පත්ව තිබෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







