බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ෂායි හෝප් (Shai Hope) ඉතිහාස පොතේ ඔහුගේ නම සටහන් කර තිබෙනවා. ඒ, ජාත්‍යන්තර විස්සයි 20 (T20) තරගයක ශතකයක් වාර්තා කළ පළමු කඩුලු රකින නායකයා බවට පත්වෙමින්. ඔහු මේ ලෝක වාර්තාව පිහිටුවූයේ ඔස්ට්‍රේලියාව ට එරෙහිව පැවති තරගයේ.
විස්සයි20 තරගයකදී කණ්ඩායමකට නායකත්වය දෙන අතරතුර ජගත් ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජික හෝ අනුබද්ධිත රටක කිසිම කඩුලු රකින්නෙක් මීට පෙර ශතකයක් ලබා ගෙන නැහැ. හෝප් විසින් බිඳ දමනු ලැබුවේ නෙදර්ලන්තයේ පිතිකරු ස්කොට් එඩ්වර්ඩ්ස් පසුගිය වසරේ ඕමානය ට එරෙහිව පිහිටුවා තිබූ ලකුණු 99 වාර්තාව.
ෂායි හෝප් ලෝක වාර්තාවක් බිහි කළ ද, ජූලි 25 වැනිදා සාන්ත කිට්ස් හි පැවති තෙවැනි ජාත්‍යන්තර විස්සයි20 තරගයෙන් කොදෙව්වන් කඩුලු හයකින් පැරදුනා. මෙහිදී හෝප් පන්දු 57කින් ලකුණු 102ක් වාර්තා කළේ 178.95ක ආක්‍රමණික වේගයන් සටහන් කරමින්. මේ කඩුලු රකින පිතිකරුවා පන්දු 36කින් ලකුණු 62ක් රැස්කළ බ්‍රැන්ඩන් කිං සමග ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක සබඳතාවක් ද ගොඩනැගුවා. කෙසේ වෙතත් ඒ දර්ශනීය ඉනිම අවසන් වුනේ තරගයේ පරාජයකින්.
ෂායි හෝප්
හෝප් ද්විපාර්ශ්වික ජාත්‍යන්තර විස්සයි 20 තරගමාලාවක කඩුලු රකින්නෙකු විසින් ලබා ගත් වැඩිම ලකුණු වාර්තාවක් ද පිහිටුවූයේ තෙවසරකට ඉහත නවසිලන්තයේ ටොම් ලේතම් තබා තිබූ වාර්තාවක් මකා දමමින්.
කඩුලු-රකින නායක පිතිකරුවෙක් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු
102 - බටහිර ඉන්දීය කොදෙව් පිලේ ෂායි හෝප් - ඔස්ට්‍රේලියාව ට එරෙහිව සාන්ත කිට්ස් හිදී (2025)
99 - නෙදර්ලන්තයේ ස්කොට් එඩ්වර්ඩ්ස් - ඔ්මානය ට එරෙහිව අල් අමිරාට් හිදී (2024)
89 - පාකිස්තානයේ සාෆරාස් අහමඩ් - ස්කොට්ලන්තය ට එරෙහිව එඩින්බ්‍රා හිදී (2018)
85 - ලක්සම්බර්ග් පිලේ යූස්ට් මීස් - මෝල්ටා ට එරෙහිව මාසා හිදී (2023)
84 - එංගලන්තයේ ජොස් බට්ලර් - පාකිස්තානය ට එරෙහිව බර්මිංහැම් හිදී (2024)
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







