leader s

චීනයේ ලිජියං නුවර සැප්තැම්බර් 20 සිට 28 දක්වා පැවැත්වෙන ආරාධිත පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා වයස අවුරුදු 16න් පහළ යොවුන් පාපන්දු කණ්ඩායම සහභාගි වනවා.


ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට සහභාගි වන්නේ ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මහතාගේ මඟ පෙන්වීම යටතේ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) නිවේදනය කරනවා.

FFSL සමග අනුබද්ධව සිටින ලියාපදිංචි පාපන්දු ඇකඩමිවලට සහායවීම හා නැගී එන තරුණ පාපන්දු ක්‍රීඩකයන්ට වටිනා ජාත්‍යන්තර නිරාවරණය ලබා දීම පිණිස මේ පියවර සැලසුම් කර තිබෙන බව සම්මේලනය පවසනවා.

531445318 1148446187335871 7008128436069242965 n
තරගාවලිය සඳහා ජාතික යොවුන් පාපන්දු කණ්ඩායම සූදානම් කිරීම සම්මේලනය විසින් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන චීන මහජන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව.

ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ක්‍රමවේදයේදී, FFSL යටතේ ලියාපදිංචිව සිටින පාපන්දු ඇකඩමි, පළමු කොටසේ පාපන්දු පාසල් (FFSL/ශ්‍රී ලංකා පාසල් තරගාවලිය 2024/2025 තරගාවලියට සහභාගි වූ පාසල් 20) සහ FFSL සමග පාපන්දු තරගාවලියන් වෙනුවෙන් ලියාපදිංචිව සිටින ඉහළම ජාත්‍යන්තර පාසල් විස්සේ දක්ෂතම ක්‍රීඩකයන් හඳුනා ගැනෙනවා.

තෝරා ගැනීමේ තරග සඳහා ක්‍රීඩකයන් නම් කරන ලෙසට සම්මේලනය කෙලින්ම අදාළ පාසල්වලට දැන්වීමට නියමිතයි.

මෙහි වයස් කාණ්ඩය අවුරුදු 16න් පහළ වන අතර උපන්දිනය ලෙස සලකන්නේ 2009 ජනවාරි 1 සහ 2010 දෙසැම්බර් 31 අතර කාලය.

තෝරා ගැනීමේ තරග අගෝස්තු 20,21 හා 22 දිනවල කොළඹදී පැවැත්වෙන බව FFSL වැඩිදුරටත් දන්වා සිටිනවා.

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්